කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් උස්බෙකිස්ථානයේ තවත් නගර තුනක් වසා දැමීමට තීරණය කර ඇති බව එරට බලධාරීහු පවසති.

මේ අනුව සමර්කන්ඩ්, නමන්ගන් සහ අන්ඩිජන් යන නගර වසා දැමෙනු ඇත.

මේ වනවිටත් උස්බැකිස්ථානයේ දේශසීමා සියල්ල වසා දමා ඇති අතර අගනුවර වන ටෂ්කන්ට් නගරය ද වසා දමා තිබේ.

ටෂ්කන්ට් නගරයෙන් කොරෝනා වයිරස රෝගීන් 65දෙනකු තහවුරු කරගෙන ඇතැයි බලධාරීහු පවසති.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)