
කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් අතුරින් 48 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් අද (1 වැනිදා) පිටත්ව ගියහ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365 දක්වා අඩුවී තිබේ.
විදේශිකයන් මෙන්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අයද ඇතුළත්ව ජූලි 31 වැනිදා (ඊයේ) සවස වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබූ කොරෝනා රෝගීන් සම්පූර්ණ සංඛ්‍යාව 2815. එහෙත් ඔවුන්ගෙන් රෝගීහු 2439 දෙනෙක් සුවය ලැබූහ.
ඊයේ සිට අද පස්වරු 2.00 වන විටත් අලුතින් රෝගීන් එක්ව නොතිබිණ


COMMENTS
පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියලා දාපල්ලා අන්තිම දවස් වෙනකොට, දැන් ඔබලා ඒ තත්වයට වැටිලා.. ලැජ්ජයි, මොන ක්‍රමයකින් හරි පොහොට්ටුවට කඩේ යන්න. කුඩු කාරයින් අල්ලනවලු දුමින්ද සිල්වාගේ අයියා කොහෙද ඉන්නේ...?
කෝ අර බොරදියේ මාලු බාන්න හදපු ජෙප්පෝ... ටෙලිෆෝන්කාරයෝ, එජාපයෝ.. දෙමළ පක්ෂ ඒ ගොන් පාර්ට් දැම්මේ නැහැ.
යටට අමුඩේ ගහගෙන උඩට කලිසම ඇඳගෙන ලොකුවට වැදගත්කම ගැන කතා කරන අයගෙන් මෙරටට මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ .
මේ රටේ භූගෝලීය පිහිටීම, ස්වභාවික පරිසර සාධක සහ ගතිපැවැතුම් ප්‍රධාන වශයෙන් බෝවන රෝග පාලනයට හේතුවෙනවා. ඒත් එක්කම සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් දේශපාලකයෝ මේකට ක්‍රෙඩිට් එක ගන්න හදනවා.
අප කිසිඳු දේශපාලන පක්ෂයකට ගැතිව ලියන්නේ නැහැ. කොයි පැත්තෙන් හොඳට අප හොඳයි කියනවා. වරදට වරද යැයි කියනවා. වැරදි දේට අප දොස් කියනවා වගේම හොඳ දේට හොඳයි කීමටද අප පසු බට වන්නේ නෑ. මේ රජය ගැන සමහර දෙනාට ප්‍රශ්න ඇති. අපට ද ප්‍රශ්න තිබෙනවා. එහෙත් කළ හොඳ දේට හොඳයි කීමට අප ගුණවත්. රජය, වෛද්‍ය අංශ, හමුදා අංශ ආදී බොහෝ අංශ සමග එකතුව කොරෝනා පාලනය කළා. එයට ස්තූතියි. එහි ගෞරවය රජයටත්, අදාළ සියලු අංශවලටත් හිමිවිය යුතුයි. කාට ඡන්දය දුන්නත්, කාට නුදුන්නත් අපට කම් නැත. අප කීවේ අපගේ අදහසයි. කාට කෙසේ පෙනුණත්, අප කීවේ මධ්‍යස්ථව අපට පෙනෙනා දෙයයි. අපගේ අදහස දැරීමේ අයිතිය අපට ඇත...
දැන් අර මැදපෙරදිග දුක් විඳින අපේ පුරවැසියන් ගෙන්වාගන්න කටයුතු සලස්වන්න.
කොරෝනා ත් ඡන්දෙට බයවෙලා ඉන්නේ.