
අද සිට රාත්‍රී කාලයේ ප්‍රංශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇත.
ඒ අනුව රාත්‍රී 9.00 සිට අලුයම 6.00 දක්වා මෙම ඇඳිරි නීතිය බලපැවැත්වේ. කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් පැරිස් ඇතුළු තවත් නගර 8 ක මෙය ක්‍රියාත්මක වේ.
අද සිට මසක කාලයක් මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඇඳිරි නීතිය පැනවෙන ප්‍රදේශවල ප්‍රංශ ජනගහනයෙන් මිලියන 20 කට අධික සංඛ්‍යාවක ජනතාවක් වාසය කරති. ඇඳිරි නීතිය අනුව ආපන ශාලා, මත්පැන්හල් සහ සිනමා ශාලා රාත්‍රී 9.00 ට වසා දැමිය යුතුයි.
කෙසේ වුවත් ආහාර අලෙවිසැල්වලට රාත්‍රී කාලයේ ආහාර බෙදාහැරීමේ කටයුතුවල නිරත වීමට අවසර දී තිබේ.
මේ වන විට ප්‍රංශය යුරෝපා කලාපයේ කොරෝනා වසංගතය පැතිරෙන එක් ප්‍රධාන රටක් බවට පත්ව ඇත.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ ඇඳිරි නීතිය දමා ඇත්තේ රාත්‍රි කාලයේදී පමණයි. මෙහිදී සාමාන්‍ය ජනතාව කිසිඳු පීඩාවකට පත් නොවන ලෙස ඒ රටේ බුද්ධිමත් පාලකයින් තීන්දු තීරණ අරගෙන තිබෙනවා. එ්ත්, අපේ රටේ පාලකයින් කරන්නේ ජනතාව පීඩාවට පත් කරන එකනේ. හැබැයි ඒක එහෙම වුණයි කියලා ගැටළුවක් නැහැ. ප්රජාතන්ත්රවාදී රටක මහජනතාව හා රජකෙනෙකු යටතේ යටත් වැසියන් ලෙස ජීවත් වීමට කැමති ගෝත්‍රික ජනතාවක් වෙසෙන රටක වෙනස ඒකයි. මම නම් කියන්නේ සති කීපයක් වත් නොකඩවා ලංකාවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් රටේ රජතුමාට හා ඇමතිවරුන්ට අවශ්‍ය ලෙස මේ ගෝත්‍රිකයින් පාලනය කිරීමට බැරි වෙනවා. අනික ඉතින් ජාතික ආරක්ෂාව ගැන ගැටළුවක් ඇතිවන්නේත් නැහැනේ.
අපරිණතභාවයට බෙහෙත් නැහැ.