(චමිල් රුපසිංහ)
ගෙලිඔය ප්‍රාදේශීය සභාවට ආසන්න ප්‍රදේශයකින් කොරෝනා රෝගියෙක් හමුවීම නිසා උඩුනුවර සභාවේ අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් කටයුතු තාවකාලිකව සීමා කිරීමට කටයුතු කළ බව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී තෙන්නකොන් මහතා පවසයි.
කොරෝනා රෝගියා පසුගිය දිනවල උඩුනුවර සභාවට පැමිණියේ යැයි කියන සිද්ධිය සහමුලින්ම සාවද්‍ය තොරතුරක් බවත් එමනිසා සභාවට පැමිණි ජනයා කිසිදු බියක් ඇති කර ගත නොගන්නා ලෙසද සභාපති වරයා පැවැසීය.
කොරෝනා රෝගියා මේ වන විට හලාවත නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් කර ඇති අතර සෞඛ්‍ය අංශ විසින් ඔහුගේ ආශ්‍රිතයන් පී.සී.ආර්. පරික්ෂණයන්ට ලක් කර ඇති බවද, හදිසි අවස්ථාවකදී ප්‍රදේශයේ ජනතාවට සහන ලබා දීම සදහා සෑම විටකදීම සුදානම්ව සිටින බවද සභාපති වරයා පැවැසීය.

COMMENTS
20ට විරෝධය පා කලුකොඩි ඔසවනු.