( තිළිණි ද සිල්වා)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතයින් වන අහමඩ් ශහීඩ්, ෆර්නැන්ඩ් ඩී වැරෙන්නස්, ක්ලෙමන්ට් නයලෙට්සොස්සි වූලේ සහ ලැලෙන්ග් මොෆෝකෙන්ග් මෙම ඉල්ලීම සිදු කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම විශේෂඥයින් සිව්දෙනා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි.
එසේම කොවිඩ් ආසාදිත හෝ සැක කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සැළකුව ද එම සිරුරු මිහිදන් කිරීමෙන් වයිරස ව්‍යාප්තිය ඉහළ යන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටකින් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවද එම එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පෙන්වා දෙති.
කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය හෙළා දකින බවත් , කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම එය මානව හිමිකම් කඩ කිරීමක් ද වන බවයි එම නිවේදනයේ සඳහන් වේ.
ඇතැම් අවස්ථාවලදී වාර්තා වල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකර අදාළ ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර ඇත.
එලෙස කොරෝනා වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින්නේ යැයිද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
COMMENTS
මේ අයට නම් විකාර....
ඉතිං අපිට පෙන්වා දෙන්නකෝ ඒ විදිහටම දෙවියන් ගාවට යන එකත්. වලදැම්මම කුණු නොවී ඕජස් නොගලා, දෙවියන් එක්ක කතා කරන එක එහෙම අපිටත් පෙන්නලා දෙන්නකෝ...
මෙය ලංකාවට නුසුදුසු දැන්වීමක්..
අපෝ එපා මහජාතිය තරහ කර ගත්තොත් නැගෙනහිර ජැටිය විකුණාගන්න බැරිවෙයි...
අන්‍යාගමිකයන් මැරුවොත් දිව්‍යාංගනාවො 72ක් හම්බෙනවා කියලා විශ්වාසෙකුත් ඒ අය අතරේ තියෙනවා මැතිතුමනි. ඒක නිසා පුලු පුලුවන් විදියට එ් අයට වීසා දී තමුන්නැහැලා කැමති රටකට ගෙන්නගෙන තමුන්නැහැලා කැමති විදියකට වැඩ කරගන්න.
ඇයි මේ හැම වෙලේම ‘‘මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි" කිව්වට කිසිම තැනක වෙනත් ජනකණ්ඩායමක් ආගමකින් මේ ඉල්ලීම ඉදිරිපත් වුණේ නැහැ.
දැන්නම් කොහොමත් බෑ. පළාත් සභා ඡන්දේ අත ළඟ...
කෝවිඩ් මළසිරුරු භූමදාන කිරීම සිංහල ජනතාව ඇතුළු අනිත් ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බව මේ අයට තේරුම් කරලා දෙන්න කෙනෙක් නැත්ද? මේ සිරිසේන ගේ ආණ්ඩුවේ..!!! අයියෝ... අපේ ස‘ හිටියා නම්...
"එක්සත් ජාතින්" යන වචනවල නියම අර්ථයවත් නොදත් මේ මිනිසුන් ලෝකයේ බලපුලුවන්කාරයන්ගේ නායකත්වයෙන් සමන්විතව සංවිධානයක් පිහිටුවාගත් බව ඒ ඒ රටවල් පිළිබඳව සොයා බැලීමේදී හොඳින් පැහැදිලි වෙනවා නොවේද? "එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසියම් හෝ රටක ජාතින් සමගි කළාද" යන්න කිසිවෙකු දන්නේ නම් ඒ මොන රටේද යන්න සඳහන් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. මෙම සංවිධානය දෙස හොඳින් බැලීමේදී ඒ ඒ බලපුලුවන් කාරයින්ගේ ඕනෑ එපාකම්වලට නැටවෙන රූකඩ හිවලුන් ටිකක් බව පෙනෙන්නේ අපට පමණිද? ඊශ්‍රායෙල් පලස්තීන ගැටලුව ඇතිකළේ කව්ද? බොස්නියා, චෙච්නියා මෙන්ම ටුක්සි ගැටලුවලදී මේ මරණාධාර සමිතිය හැසිරුනේ කෙසේද? සමහර අප්‍රිකානු රටවල මොවුන් කරන්නේ මොනවාද? සරලව පවසන්නේ නම් "ජාතින් එක්සත් කරනවා වෙනුවට ජාතින් සදාකාලික වෛරක්කාරයන් කෙරුවා" නොවේද? (හොඳම උදාහරණය ඊශ්‍රායල් සහ පලස්තීන ඇණ කොටාගැනිලි ලෙස ගත හැකි බවද සදහන් කරන්නෙමු..) එබැවින් ජාතින් අතර හීන්නූලෙන් අසමගිය පතුරවාලීමේ මූලික අඩිතාලම දැමීමේ පළමු පියවර ලෙස මේ එක්සත් ජාතීන් යයි කියාගන්නා හරකුන් අප රට තුළ දරන උත්සාහය ලෙස දකින්නේ නූගත් අප පමණද?
කොහොමත් ලංකාවේ ආණ්ඩු 1971, 88-89, 1983 - 2009, යන කාලවලදීත් ආදාහනය තමයි කළේ... හැබැයි ඉතින් අාදාහනාගාරවල නොවෙයි ඔය ගොල්ලෝ හිතාගන්න. ඒ පව් තමයි තවමත් අපි ජිනීවා ගිහින් ගෙවන්නේ...
මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමක් නොව එතන නිලධාරීන් 04 දෙනෙක් කළ ඉල්ලීමක්. ඒ නිසා ගණන් ගතයුත්තක් නොවේ. එතැන හම්බයෙක් ඉන්න නිසයි මේක එවලා තියෙන්නේ....
අපේ රටේ බලලෝභී නායකයෙකුත් විපක්ෂයේ ඉන්න කාලේ මානව හිම්කම් කඩවෙනවයි කියලා ෆයිල් මිටි ගණන් උස්සගෙන ජිනීවා ගියා. පාද යාත්‍රා ගියා. බලය තිබුණාම වැඩේ කණපිට හැරෙනවා...
කෝවිඩ්19 රෝගය වැළැක්වීමට අවශ්‍ය එන්නත ලංකාවට හෝ දුප්පත් රාජ්‍යයන්ට දෙන්න බැරි වෙච්ච එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලංකාව එම රෝගය මැඩලීමට ගත් පියවරයන් විවේචනය කිරීම කොච්චර සාධාරණද කියලා ඕනෑ මෝඩයකුට තේරෙනවා. කෝවිඩ්-19 වැළඳී මියගිය අයගේ මිනී පුච්චන්න එපා නම් බටහිර දියුණු ජාතීන් භාවිතා කරන කෝවිඩ්-19ට දෙන එන්නත් ලංකාවට ලබා දෙන්න. එතකොට ඔය සේරම ගැටලු ඉවරයිනේ. කෝවිඩ්-19 එන්නත සාධාරණව ලෝකය පුරා බෙදා දෙන්න බැරි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවවාද කිසිවිටක දියුණුවන රටක් සැලකිය යුතු නැහැ...
ඔය අය ආගමික නිදහස වෙනුවෙන් පෙනී සිටින අය නම්, සෞදි අරාබියට ලියුම් ගහන්න එපායෑ... අන්‍යාගමික අයට ආගමික කටයුතු කරන්න දෙන්න කියලා.. අනේ පොඩි අයට තමයි සද්දේ...
මේ හැම ප්‍රශ්නයකටම නිට්ටාවටම සුවය එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම... මතකයිනේ අර ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඇවිත් කියලා ගිය කතාව.. චීනෙද? ඇමෙරිකාවද? කියලා ලංකාව දැන් තීරණයක් ගන්න ඕනෑ කාලය කියලා කියපු එක... මේ හැමදේම කරන්නේ මේ අය මුස්ලිම් ජාතිකයින්ට තියෙන ආදරයට කියලා කවුරුහරි හිතනවා නම්... මම නම් හිතන්නේ එහෙම හිතන හැමෝම කරන බරපතළ වැරැද්දක් කියලා...
මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි යනු ලෙස දැක්වීම පිළිගත නොහැක.. මන්ද අනෙකුත් සුළු ජාතින් ඊට විරෝධතා නොදැක්වීමයි. විශ්වාසයන්ට පටහැනි වූ පමණින් එය මානව හිමිකමක් ලෙස අර්ථ දැක්වීමට හා කෝවිඩ් ආසාධිත පුද්ගලයින්ගේ මළසිරුරු මිහිදන් කිරීමෙන් වයිරස ව්‍යාප්තිය ඉහළ යන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිඳු රටකින් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බව දැක්වූ පමණින් මිහිදන් කිරීමෙන් වයිරස ව්‍යාප්තියෙන් ආරක්ෂිත බව තහවුරු නොවන බැවින් හා නියෝජිතයන් කියූ පමණින් එය සංවිධානයේ ඉල්ලීමක් නොවන බැවින් ලොකුවට ගණන් ගත යුතුද?
මීට ටික කලකට පෙර අප්‍රිකාවේ පැතිර ගිය ඉබෝලා වසංගතය උත්සන්න වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එක්තරා ආගමික විශ්වාසයන්ට අනුකූලව මියගිය සිරුරු භූමදානයට පෙර නැහැවීමට යාම වැනි කාරණයකි. ආගමික විශ්වාස හේතුවෙන් දැරියන්ට කරන වද හිංසා ඔය රටවල බහුලව ඇත. ආගමික විශ්වාසවලට ඉඩ දෙනවා කියා ශිෂ්ඨ සමාජය පිළිකුල් කරන ක්‍රියාවලට ඉඩදීමට කිසිවෙක් බැඳී නැත. මොන වැරදි තිබුණත් හිටපු ඇමෙරිකානු ජනාධිපතිතුමා ඔය මානව හිමිකම් මණ්ඩලය අසූචි වලකට සැසඳීම ගැන ප්‍රශංසා කළ යුතුයි...
ශ්‍රී ලංකාව කොරෝනා මෙතරම් දුරට වළක්වාගෙන ඉන්නේ එ.ජා. සංවිධානයේ ක්‍රම, ලෝක සෞඛ්‍ය සංධානයේ ක්‍රම, අනුව වැඩකරලා නොවෙයි අපේම ක්‍රමවලට වැඩකරලා. එ.ජා. සංවිධානයේ ක්‍රම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රම, අනුව වැඩකරපු රටවල දහස් ගණන් මැරෙනවා. කොරෝනා මිනී ආදාහනයත් අර කිව්ව අපේම ක්‍රමයේ කොටසක්. එම නිසා ලෝකයම අපේ ක්‍රම අනුගමනය කළොත් කොරෝනාවලින් මිදෙන්න පුළුවන්... නැතිනම් කොරෝනා හැදෙන්න කලින් වළලන්න.