(මලිෂා ගුණවර්ධන සහ හිරාන් ප්‍රියංකර)
කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
අද (31) දිනයේදී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 20 දෙනකු වාර්තා තිබේ.
ඒ අනුව දිනක් තුළ හමුවු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා විය.
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 17 දෙනෙකු මේ වන විට පිටව ගොස් තිබේ.
COMMENTS
අපෝ ඔය ගාන මොකක්ද? ගාන අඩු නිසානේ, අද දවල් (මාර්තු 31 දින ) ලන්ඩන් වල ඉඳලා සද්ද නොකරම අලුත් කට්ටියක් මේ රටට ගොඩ බැස්සුවේ?
මගේ රට විනාස කලා දේශපාලන බත් බැලයො එකතු වෙලා... රෝගීන් හමුවුණ පලවෙනි මොහොතෙම රට වහලා එන අය නිරෝධායනයට යැව්වා නම් මෙහෙම වෙන්නෙ නැ. බල තන්හාවෙ 2/3 ගන්න මගෙ රට විනාශවෙන්න ඇරියා.. දැන් පරක්කු වැඩියි...
අපේ මිනිස්සු කරන වගකීම් විරහිත ක්‍රියා නිසා මෙතරම් වත් බේරිලා ඉන්න එක පුදුමයි. ඇඳිරි නීතිය ලිහිල් කල දිනයේ මිනුවන්ගොඩ නගරයේ තිබුණු තත්වය දැක්කම බය හිතුන. ඔහේ හරක් වගේ පෝලිමෙන් පැනල පොර කාලත් සමහර කඩවලින් බඩු ගත්ත. සිකුරාදා ඇඳිරිය අස්සේ මිනිස්සු පවුල් පිටින් පාරේ වාහන ස්කුටර් වලින් ගමන් ගිය. බැංකු ආව. මදිවට කලින් දවසේ 2 ට කලින් බැංකු වැහැව්ව කියල බැන බැනත් ගිය. බැංකු කටයුතුත් නවත්වන්න ඕනේ. සේවකයින්ට කිසි ආරක්ෂාවක් නැහැ.එන්නේ මොකද කියල දන්නේ නැතිනිසා.
Avigan....." මෙම බෙහෙත අපේ ජනතාවට දෙන්න යන්නේ අත්හද බැලීමක් ලෙසද ? යම් කෙනෙක් ඇත දිගු කල ඇති බවක් පෙනේ නේ ?