(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
අද(26) සවස් කාලයේදී ආසාදිතයින් දෙදෙනකු වාර්තා වූ අතර මේ මෙහොතේදී තවත් දෙනකු වාර්තා වීමත් සමඟ අද දිනයේදී ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇත.
ඊයේ (25) දිනයේදී කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද දසවස 4.45 වන තුරුද කිසිදු ආසාදිතයකු වාර්තා නොවු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අනාවරණය කළාය.
ආසාදිත පුද්ගලයින් 98 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද අමාත්‍යංශය කියයි.
COMMENTS
මේ වසංගතය පාලනය කරන්න අපේ රටේ වෛද්‍යවරුන්ට බැරි, ඔවුන් ඉගෙනගන්නා කාලයේ පිකට් උද්ඝෝෂණ කරමින් සිටියා විනා නිසි අධ්‍යාපනයක් ලබා නැති නිසයි. පිටරට රෝග පිලිබඳ ඔවුන් දැනුවත් නෑ. උසස් මට්ටමේ වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දුන් සයිටම් ආයතනයේ අඩුව මේ අවස්ථාවේ කැපී පෙනෙනවා.
අයි මේ හතරදෙනාව ඊයේ හම්බුනේ නැත්තේ ?
දේශපාලනය නිසා දුප්පත් වුන අපේ රටේ මීටවඩා රෝගීන් ඉහළ යන්න එපා දෙවියනේ...
දිල්ෂාන් මහත්මයාගේ අදහස වැරදි නැහැ , ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල ළමුන් මුලින්ම ගුණරත්නම් කල්ලිය විසින් මෙහයවන ලබන නවක වදය නමැති දෙතිස් වධයට ( ලිංගික වද හිංසා ,ඇතුළු දරුණු ගනයේ ශාරීරික සහ මානසික වධ හිංසා මෙයට ඇතුලත්ය ) භාජනය කරනු ලබේ , ඉන්පසු ඔවුන්ව උද්ගෝෂණ වලට කියා පාරවල් දිගේ හරක් මෙන් දක්වාගෙන යනු ලැබේ . මේ සදහා අධ්‍යයන කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශවෙන අතර , බොහෝ දෙනෙකු මානසික රෝගීන් බවට පත්වේ , එමනිසා රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන සිසුන්ගෙන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමග සංසන්ධනය කරනකොට උසස් ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්න බැහැ.
අපේ අය පොඩි විරාමයක් ලැබුණු සැනින් ප්‍රතිරුප පිම්බීම පටන් ගන්නවා.