IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කොරෝනා ආසාදිතයකු සිටි තංගල්ලේ හෝටලයක් වහයි

අනීෂා මානගේ

තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද(31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.

විදේශික සංචාරකයන් පිරිසක් සමඟ තංගල්ලට පැමිණි මෙම මඟපෙන්වන්නා ඉකුත් 15,16 සහ 17 යන දිනවලදී තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳි සිටි බවට අනාවරණය වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද(31) කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණ.



අදහස් (6)

කොරෝනා ආසාදිතයකු සිටි තංගල්ලේ හෝටලයක් වහයි

sam Tuesday, 31 March 2020 05:05 PM

මිනිස්සු පාරට යන්න ඕන නැහනේ මෙන්න මේ ටික පහසුවෙන් කරන්න පුළුවන් 1. දවසට එක වතාවක් සැම නිවසකටම ඩිලිවරි කරන්න අවසර දෙන්න කෑම බඩු තියෙන කඩවල් වලට 2.ෆාමසි ටික ඇරලා තියන්න ,පිස්සෙක් දෙකෙක් හිටියට එකේ සැහෙන්න අවශ්ය දෙයක් 3.සැම බැංකුවකම හවස 6 සිට රාත‍්‍රී 12 වෙනකන් ඇරලා තියන්න , බැංකු කටයුතු අවශ්‍ය අය පමණක් එම කාලය තුල නගරයට පැමිණේවි , පරතරය තියාගන්න පුළුවන් 4.දුප්පත් මිනිස්සුන්ට හමුදාව පොලිසිය මාර්ගයෙන් ආහාර ද්රව්ය ලබා දෙන්න 4.ඇඳිරි නිතිය මාසයක්ම දාන්න ,පැය කීපයකට මෙහෙම ලිහිල් කරාම. ඔක්කොම එකට පොදියට පොරකනවා

:       31       184

PradeepWednesday, 01 April 2020 02:52 AM

අපේ මිනිස්සු මෙය අවභාවිතා කල නිසා තමයි තත්වය උදා වුනේ. ආච්චිගේ බෙහෙත් වට්ටෝරුව අරගෙන කුඩු බිස්නස් කරන්න යනවා. ඇහුවාම කියන්නේ ආච්චිට බෙහෙත් ගන්න යනවා කියලා. නීති වලින් පමණක්ම බෑ මිනිසුන්ව හදන්න අපි හැමෝටම ස්වයං විනයක් තියෙන්න ඕන. රටක් විදියට මේ වෙලාවේ කොහොමද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කියලා හොද වැටහීමක් තියෙන්න ඕන. ඒක රජයකට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජනතාව විදියට අපි උපරිම සහයෝගය දෙන්න ඕන. ලොව අනිකුත් රටවල් සමග බලන විට අපි දැනටමත් හොද ක්‍රියාමාර්ග අරන් තියනවා. නමුත් බොරදියේත් මාළු බාන්න හදන සහ මොලය කියලා දෙයක් පිහිටලා වත් නෑ වගේ වැඩ කරන අතලොස්සක් දෙනා නිසා බොහොමයක් දෙනා පිඩාවට පත්වෙනවා.

:       0       0

ass charyaWednesday, 01 April 2020 04:14 AM

සාමාන්‍ය මිනිස්සුන්ට තියන අදහසවත් මේ රජය කරන ඇත්තන්ට නැති එක ගැන මම හිතින් අඩනවා.

:       0       13

leel gunawardena Tuesday, 31 March 2020 06:41 PM

sam ගේ කතාව හරියටම හරි මේ විදිහට වෙන්න තිබුනානම් තමයි හොඳ...

:       0       0

leel gunawardena Tuesday, 31 March 2020 06:41 PM

sam ගේ කතාව හරියටම හරි මේ විදිහට වෙන්න තිබුනානම් තමයි හොඳ....

:       0       0

de silva Wednesday, 01 April 2020 02:01 AM

සෑම් මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා , රජයේ රෝහල් වල බාහිර රෝගී අංශය පැය 24 පුරාම විවෘතව තබන්න , කෙනෙකු ලෙඩ වුනොත් ග්‍රාමසේවක මාර්ගයෙන් අධාල රෝහලට දන්වන්න කියන්න , ඉන්පසු රජයේ වහනයක් පැමිණ රෝගියා රෝහලට රැගෙන යන්න , බෙහෙත් ඉස්පිරිතලෙන්ම දෙන්න පුළුවන් , මේ විදිහට ඔක්කොම එකවර නගරයට ගියහම ඔක්කොම අවුල් කොරෝන පැතිරෙන්න පුළුවන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 753 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 905 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site