IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොරෝනාවට බියෙන් ඉන්දියාවෙන් ආ පියා- දියණිය නිරෝධායනයට

 (රොමේෂ් මධුෂංඛ)
 
ඉන්දියාවේ මේ දින වල සීඝ්‍රයෙන් ව්‍යාපත්වන කොරෝනා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා ඔහුගේ දියණිය මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට භාර වී ඇත.
 
එම පියා මීට පෙර මන්නාරමේ පදිංචි අයෙකු වුවද යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී ඔහු බිරිඳ හා දියණියන් දෙදෙනෙකු සමග දිවි ගෙවා ඇත.
 
අනතුරුව වයිරසයේ දැඩි අවදානම හේතුවෙන් ඊට බිය වී සරණාගත කඳවුර අතහැර බොට්ටුවක් මාර්ගයෙන් තම වැඩිමල් දියණිය සමග තලෙයිමන්නාරම් මුහුදු තීරයට පැමිණ ඇත්තේ පසුව බිරිඳ හා බාල දියණිය රැගෙන එන අපේක්ෂාවෙනි.
 
කෙසේ වෙතත් පැමිණි පියා හා දියණිය පළමුව නිරෝධායන කඳවුරක් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇත. එම කටයුතු අවසන් වූ පසු නීතිවිරොධීව සංක්‍රමණය පිළිබඳව පරික්ෂණ සිදු කිරීමට මඩු පොලීසිය විසින් පියවර ගෙන ඇත.



අදහස් (7)

කොරෝනාවට බියෙන් ඉන්දියාවෙන් ආ පියා- දියණිය නිරෝධායනයට

Kamal Koyrala Wednesday, 03 June 2020 09:27 AM

සද්ක්‍රියාවක්.., එනමුත් ඔවුන් ලංකාවේ පුරවැසියන්, යුද්ධයෙන් අනාථ ඔවුන්ට මොන නීති මාර්ගද? කුඩු, ගංජා, නීති විරෝධීව රට ඇතුළටම එන්නේ...

:       23       112

sam Wednesday, 03 June 2020 09:33 AM

එයාලා ඇවිල්ලා පොලීසියට බාර වෙනකම් මොකද කලේ? තව ඔයවගේ කීදාහක් ඒවිද?

:       3       134

saman Wednesday, 03 June 2020 10:51 AM

ලංකාවෙන් ඉන්දියාවට, ඉන්දියාවෙන් ලංකාවට. කොහොම වුණත් ඉන්දියවෙන් රෝග නම් ගන්න එපා. ශ්‍රී ලංකා නාවික හමුදාව නොදැක්කේ කොහොමද?

:       1       35

Aris Wednesday, 03 June 2020 11:21 AM

ඇවිල්ලා බාර වුණු නිසා ඉක්මන් කරලා ඒ මනුස්සයාගේ දුවයි බිරිඳයි ගෙන්නලා දීලා පොඩි නිවහනකුත් හදලා දෙන්න. යුද්ධය කාලේ ලංකාවට එරෙහිව ඉන්දියාව මෙහෙයවන්න කොටි සංවිධානය උතුරේ ජනයා විටින්විට ඉන්දියාවට පලවා හැරියා...

:       1       58

de silva Wednesday, 03 June 2020 12:24 PM

අවුරුදු 30ක් ඉන්දියාවේ ජීවත්වෙලා, යුද්ධය ඉවර වෙලා අවුරුදු 11ක් වෙනවා.. ඉන්දියාවේ කොරෝනා පැතිරෙන කොටද ලංකාව මතක් වෙන්නේ..?

:       1       135

chandima Wednesday, 03 June 2020 02:55 PM

අර ට්‍රම්ප් වගේ හිතන්න එපා. ඒත් මනුස්සයෝ, මැරෙන්න හරි කියල එන්නේ තමන්ගේ දරු පවුල බේරගන්න. පියෙක් තමන්ගේ පවුලට දෙන සෙවන මේකයි. ඒ පියාව හැකි ඉක්මනින් නිරෝධායනය කරලා හැකිනම් අනික් දරුවත් බිරිඳත් රැගෙන එන්න අවස්ථාවක් දෙන්න. ඔය කියන දේශසීමා දරුකක්කුම ඉදිරියේ වැඩක් නැහැ. ඔවුන් රට ඇත හැර පලාගියේත් දරුවන් සහ සිය පවුල බෙරාගැනීමට නොවේද?

:       0       23

සෞදි-සිංහ Wednesday, 03 June 2020 03:26 PM

මෙහෙම ගියොත් මීළඟට කොරෝනා බෝවෙන්නෙ බෝට්ටුවෙන් එන අයගෙන් ධීවරයොත් ඉන්දීය බෝට්ටු සමග විවිධ ගනුදෙනු තියෙන්න පුළුවන්. සෙවිල්ලෙන් ඉන්න ඕන...

:       15       355

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site