IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න යයි

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා තොරතුරු ඉල්ලා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛනයක්ද අද (18) නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛනය නිකුත් කර තිබේ.

ස්ථිර කරනු ලබන කාර්යාල සහයක සේවකයන් හා ඒකාබද්ධ රියදුරන්  දින 180 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ  කර තිබිය යුතු අතර ඒ සඳහා වන නියමිත අධ්‍යාපන සුදුසුකම්ද සපුරා තිබිය යුතු වේ.

අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සේවකයින්ට ආයතන ප්‍රධානීන් විසින් තාවකාලික පත්වීම් ලිපි නිකුත් කරනු ලබන අතර තාවකාලික පත්වීම් ලිපි නිකුත් කර මාස තුනක් ඇතුළත විධිමත් පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ලිපි ගොනු ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එවන ලෙසද එම චක්‍රලේඛනයෙන් උපදෙස් දී ඇත.



අදහස් (9)

කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න යයි

Pradeep Tuesday, 18 February 2020 04:49 PM

වැඩේ නරකම නෑ.. මහ මැතිවරණෙත් ළඟ ළඟ එන නිසා කොහොමත් තව කැරට් අල ටිකක් හබ්බවෙයි..

:       49       359

RaveendraWednesday, 19 February 2020 01:53 AM

දැන් මේවා අල්ලස් නොවේද ? බලන විට පාට, පක්ෂවල වෙනස විතරයි තියෙන්නේ ක්‍රියාවෙන් 225 ම එකම කට්ටිය.

:       1       261

lanka Tuesday, 18 February 2020 07:55 PM

එහෙනම් හෙට අනිද්දම තව බදු ටිකක් එහෙම වැඩි කරන්නත් වෙයි. ප්‍රශ්නය මේක නෙමෙයි. ප්‍රශ්නය තමයි මේ තනතුරු වලට පත්වෙන්නේ දේශපාලන හෙන්චයියන් නම් ඔවුන්ගෙන් ජනතාවට වැඩක් ගන්න පුළුවන් වෙයිද කියලයි.

:       11       168

Perera Tuesday, 18 February 2020 11:29 PM

මේගොල්ලෝ 3/2 ලබාගන්න නොකරන දෙයක් නැති ගානයි. තැටිය රත් වෙලා තියෙන වෙලාවේ කොයි කවුරුත් තම තමන්ගේ රොටි පුච්ච් ගන්න එකයි ඇත්තේ.

:       178       147

kamal Wednesday, 19 February 2020 02:05 AM

අවුලක් නෑ අපි ගෙවනවානේ...

:       0       103

lalithm Wednesday, 19 February 2020 03:37 AM

මෙහෙම කරමු. යෝජනාවක් ගෙනෙමු දියවන්නාවේ 225 ට ගෙවන දේවල් සහ අනිත් ප්‍රතිපාදන කපාහැර මේ අයගේ පඩිනඩි ගෙවන්න. අර අලුතින් ගන්න ගිය 50,000 ටත් ගෙවන්න තරම් සල්ලි ඇතිවේවි. නැතිනම් අපරාදේ අගමැතිඳුන් ඉන්දියාවේ ගිහින් අමාරුවෙන් ඉල්ලා ගෙනාපු සල්ලිවලින් මේ අයට පඩි ගෙවනවා කියන්නේ මොන අපරාධයක්ද? මේ කොන්ත්‍රාත් සේවකයින් කව්රුවත් නැතිවත් මේ දිනවල ඒ ආයතනවල කටයුතු නිසි ලෙස සිදුවෙනවනේ.

:       0       164

Rasi Wednesday, 19 February 2020 03:54 AM

මේ සමාජෙම කොටසක් මේක කරන්න එපා කියලා මෙතන අදහස් දානවා. ඒ සමාජෙම තව කොටසක් මේක කරන්න කියලා උද්ගෝෂණය කරනවා. එතැනින්ම පේනවා සමාජය කාරණයකදී කොතරම් බෙදිලද කියලා. දේශපාලනය කරන අය මේකෙන් වාසි ගන්න එක ඉතින් අහන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ පුරවලා යනවා. මේ ගොල්ලෝ ස්ථීර කරනවා. නැවත මේ ගොල්ලෝ පුරවලා යනවා, ඒ ගොල්ලෝ ඇවිත් ස්ථීර කරනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. පාලකයෝ හදන්නත් බැහැ, ජනතාව හදන්නත් බැහැ. "අමන ජනතාවක් ඉන්නකොට රටක් සැදිය නොහැකි යන්නට ශ්‍රී ලංකාව හොදම උදාහරණයක්" තව එකක් මම මේ දෙපැත්තම විවේචනය කරලා අර 3% අයට ඡන්දෙ දෙන්න කියලා එහෙම නෙවෙයි කිව්වේ. අපේ රටේ අද උදා වෙලා තියෙන තත්වයට, ලෝකේ ඉන්න හොදම පාලකයා ගෙනාවත් හදනවා බොරු.

:       0       3

Asanga Wednesday, 19 February 2020 04:07 AM

කවුරු ආවත් ඔහොම තමයි. මේවා දේශපාලන පත්වීම් නෙවේද ?

:       0       3

දහම් Thursday, 20 February 2020 02:53 PM

විශ්වවිද්‍යාලවල ඉන්න තාවකාලික ප්‍රදර්ශක / තාවකාලික ආචාර්‍ය වැනි ඒවාත් ස්ථීර කරන්න පුලුවන් නම් හොදයි. රටේ පවතින බුද්ධි ගලනය අඩුකිරීමට කටයුතු කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 685 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 862 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 369 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site