(පී.එම්. රාජපක්ෂ)
මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහා නායක මා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද (28) ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුකරන ලදී.
දියවඩන නිලමේ වරයා විසින් ඊට අදාල චෙක්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පිරිනමන ලදී.
අද පෙරවරුවේ මහනුවරට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගත්තේය.
ජායාරූප - ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අංශය


COMMENTS
හොඳ වැඩක්. ඒත් ඔය දියවඩන නිලමෙ තුමාගෙ විවාහ මංගල්‍යය වෙලාවෙ, එයාගෙ පුද්ගලික කාර් එකේ "බෆර් දෙකේ රත්තරන් ආලේප කරන්න" රුපියල් ලක්ෂ 400 ක් වියදම් කලා. ඔබට සතුටුද?
මෙතුමා විවාහ උනේ නිළමේකමට පත් වෙන්න කලින්....
අපි වෙනුවෙන් අපි වගේ
මගේ රටට දළදා හිමි සරණයි !
ලංකාවේ ව්‍යාපාරිකයන් , ශ‍්‍රී ලාංකිකයන් සහ විදේශීය පරිත්‍යාගශීලීන් චොවිඩ් - 19 මර්දනයට ලබාදෙන්නාවූ සියලු පරිත්‍යාග මුදල් හෝ භාණ්ඩ නිසි ප‍්‍රයෝජනය සදහා රෝහල්වෙත හෝ සුදුසුම ආයතන වෙතම ලබා දීමට කටයුතු කරන්න. කිසිවිටෙක දේශපාලකයන් වෙත විශේෂයෙන් මුදල් පරිත්යාග ලබා නොදෙන මෙන් ඉල්ලා සිටිමි. එසේ නොමති උවහොත් 2004 සුනාමියට ලැබුණු මුදල් පරිත්‍යාග මෙන් දේශපාලකයාගේ බැංකුවල සියලු පරිත්‍යාග තැන්පත් කරගනු ඇත. අවසානයේ සිදුවන්නේ කුමක්ද කියා කීමට අවශ්‍ය නැත.
අතුල ඉතා කුහකයෙකි! ඔබගේ සටහන යොදා ඇත්තේ එම ක්‍රියාව අගය කිරීමට නොව, නිලංග මහතා කෙරෙහි ඔබේ ද්වේශය ප්‍රකාශ කිරීමටයි! අනික ලක්ෂ 400 ක් වියදම් කරනවා දැක්කද?
කතරගම දෙයියන්ගේ, සමන් දෙයියන්ගේ හිත උණුවී වදාරා බැතිමතුන්ගෙන් ගත් මුඳල් ටිකක් ආපසු දෙයිද?
අර ආච්චිගේ මැණික් මල්ල මේ වෙලාවේ විකුණගන්න පුලුවන්ද කියල බලමුකෝ