IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෙරවලපිටියේ එල්.එන්.ජී බලාගාරයේ කොන්ත‍්‍රාත්තුව තවම ලබාදී නෑ

(තිළිණි ද සිල්වා)

කෙරවලපිටියේ ඉදිරිකිරීමට යෝජිත මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත් එල්.එන්.ජී  විදුලි බලාගාරය ක‍්‍රියාත්මක කිරීමේ කොන්ත‍්‍රාත්තුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් ලබා දී නොමැති බව එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට දැනුම් දුන්නේය.

එම කොන්ත‍්‍රාත්තුව තවමත් රාජ්‍ය සේවා කොමිසන් සභාව සමඟ පවතින බවත් ජනාධිපති කොමිසන් සභාවෙන් ඉල්ලා සිටියහොත් ව්‍යාපෘතියට අඩුම මිල ගණන් ලබා දී ඇති ලක්දනව් සමාගමට එය ප‍්‍රදානය කළ හැකි බවත් ඔහු පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා හා බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනීමේදී සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සම්බන්ධයෙන් ගොනු වී ඇති පැමිණිල්ලකට අදාළව කොමිසම හමුවේ සාක්කි ලබා දෙමිනි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසන් සභාවට දන්වා සිටියේ මෙම විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා නියමිත වේලාවට අවශ්‍ය පියවර ගැනීමට විදුලිබල මණ්ඩලය අපොහොසත් වූ බවය.

කෙරවලපිටියේ මෙගාවොට් 300 ක එල්.එන්.ජී විදුලි බලාගාරයක් ඉදිකිරීම දිගු කාලීන විදුලි උත්පාදන සැලැස්මේ මූලික සැලැස්ම බවත් මෙම ව්‍යාපෘතිය 2015 දී අනුමත කළ බවත් ඔහු පැවසීය.

කොමිසන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සාක්කිකාර අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් ප‍්‍රශ්න කර සිටියේ මේ දක්වා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇත්තේ මන්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුව එම ව්‍යාපෘතියේ ප‍්‍රධාන ආයතනය ලංවිම ආයතනය වන අතර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ඔවුන් අවශ්‍ය පියවර ගත යුතුව පැවති බවය.

කෙසේ වෙතත් ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශවල අර්ථ නිරූපණය කියවන ලෙස සභාපතිවරයා සාක්ෂිකරුගෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ව්‍යාපෘතියේ ක‍්‍රියා පටිපාටිය තීරණය කිරීමේ ඉහළම අධිකාරිය අමාත්‍යාංශය වේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන විට ලංවිම හා සම්බන්ධ වෘත්තීය සමිති විරෝධතා කිහිපයක්ම පවත්වා ඇති බව ඔහු පැවසීය.

ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමේ ප‍්‍රගතියට අදාළ කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට ආචාර්ය බටගොඩ අපොහොසත් වී ඇත.

ලංවිම සමඟ ඇති කරුණු නිසා 2016 වන තෙක් ව්‍යාපෘතියේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව ඔහු කොමිසම පිළිගත්තේය.

මීට පෙර ලක්දනව් සමාගම මෙම කොමිසමට ප‍්‍රකාශයක් කරමින් කියාසිටියේ මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරයේ කොන්ත‍්‍රාත්තුව විදුලිබල අමාත්‍යාංශය චීන සමාගමකට ලබා දී ඇති බවයි.

 

 



අදහස් (3)

කෙරවලපිටියේ එල්.එන්.ජී බලාගාරයේ කොන්ත‍්‍රාත්තුව තවම ලබාදී නෑ

Nihal Dharmatileke Friday, 20 September 2019 05:20 PM

මෙම ටෙන්ඩරය ලාංකික සමාගමට දිය යුතුයි. මෙම සමාගමේ බොහෝ වැඩ බංග්ලාදේශයේ හොඳට කෙරෙනවා. ඇයි අපිට මේ අය හොද නැත්තේ?

:       0       0

රවින් Saturday, 21 September 2019 02:03 AM

කොහොම වුණත් මේ ගොඩ ලබාදෙන පිළිතුරුවල තාර බර හා ශුද්ධ බර මැන බැලීම ඉතා වටිනවා.

:       0       15

sena Sunday, 22 September 2019 08:13 AM

නොහැකියාවෙන් අග තැම්පත් රජයක්. තව මාස 2ක් පමණි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 681 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site