(නාලක සංජීව දහනායක)
කෘෂිකාර්මික හා අපනය ක්‍ෂේත්‍රයන්ට අදාළ බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හෙට (23) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ඒ අනුව පසුගිය ආණ්ඩුව විසින් කපා දැමූ පොහොර සහනාධාරය නැවැත ලබාදීම ඇතුළු බදු සහන රාශියක් ජනතාවට ලැබෙනු ඇතැයි නිවාස ඉදිකිරීම් හා සමාජ සුභසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (22) පැවසීය.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අසාධාරණ ලෙස අපනය වෙළඳාම මත පැනවූ බදු සහන ඉවත්කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.
කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
( වීඩියෝ 365)
COMMENTS
අපනයන බදු අඩුකර සහන දීලා ඒ අඩුව මැති ඇමති වැටුප් වලින් අනිකුත් දීමනා වලින් කපා ගන්න. තව අවුරුදු ගණනාවකට වැටුප් වැඩි කිරීම කරන්න එපා. ඩීසල් මිල අඩුකරන්න එපා. අඩුකිරීමෙන් ලැබෙන වාසිය ජනතාවට ලැබෙන්නේ නැත.
ජයවේවා.
මේ සහන 2015 ට කලින් ලබා දුන්නානම් මහින්ද දැනුත් ජනාධිපති. ජනතාවගේ දුක තේරෙන්න බලය අහිමි වෙන්නම ඕන.
පොදුජන දුක ගැන මතක් වෙලා තියෙන්නේ අවුරුදු තුනකට පස්සේ නේද?
ඉස්සරවෙලාම ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියන එක ප්‍රකාශයට පත් කළා නම් අපට තේරුම් ගන්න පුළුවන් ඔය හෙට ප්‍රකාශයට පත්කරන්න යන දේ කෙරෙනවයි කියල.
මහින්ද මහතාණනී බඹරෙක් වගේ මල නොතලා පැණි උරන්න. බදු ගැසිල්ලත් ඒවගේ කොරන්න. මතක තියා ගන්න මල ටික ටික කපල මුට්ටි ගණන් පැණි ගන්න ගසුත් තිබෙනවා. එහෙම තැන වලදී ඒ වගේ බදු ගසන්න.