
කුරුල්ලන්ගෙන් බෝවන ඒ(එච්5එන්8) නම් කුරුලු උණ වයිරසය කුරුල්ලන්ගෙන් මිනිසුන්ට වැළඳුණු ප්‍රථම අවස්ථාව රුසියාවෙන් වාර්තා වී තිබෙන බවත් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර ඇති බවත් පාරිභෝගික සහ සෞඛ්‍ය නිරීක්ෂණ අංශයේ ප්‍රධානී ඇනා පොපෝවා මහත්මිය පැවසුවාය.
රුසියාව, යූරෝපය,චීනය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල මෑත කාලයේ දී මෙම වයිරසය ව්‍යාප්ත වී තිබුණේ කුකුලන්ගෙන් පමණි. වයිරසය රෝගීන්ට බහුතරයක් ව්‍යාප්ත වන්නේ පක්ෂීන් සංක්‍රමණය වීමෙන් වන අතර එය වළක්වා ගැනීම සඳහා නිෂ්පාදන රටවල් තම කුකුළු පැටවුන් ගෘහස්ථව තබා ගැනීම හා වන සතුන් සමඟ සම්බන්ධ වීමෙන් වැළැක්වීම සිදු කළ යුතු බවත් සඳහන් කළාය.
පසුගිය දෙසැම්බර් මාසයේ දකුණූ රුසියාවේ කුකුළු කම්හලක සේවකයින් 7 දෙනෙකුට එච්5 එන් 8 වයිරසය ආසදනය වු අතර ඔවුන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවත් එම තත්වය වර්ධනය නොවූ බවත් ඇය වැඩිදුරටත් කීවාය.
(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd