(පුෂ්පකුමාර ජයරත්න සහ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
මිනීමැරුම් චෝදනාවකට වරදකරු කර වසර 10 ක සිර දඩුවමකට යටත් කරනු ලැබූ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පැට්‍රික් කරුණාසිංහ මහතා සහ ඔහුගේ සොයුරා අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මාපා බණඩාර මහතා අද (21) නියම කළේය.
වසර 1999 දෙසැම්බර් මස 15 දින හෝ ඊට ආසන්න දිනකදී මාවතගම මැතිවරණ කොට්ඨාසයේ මතව ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකට වෙඩි තබා පක්ෂ ආධාරකරුවන් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ බවට හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරා වන ප්‍රියන්ත කරුණාසිංහ යන අය එම නඩුවේ 1,3,4,5,6 සහ 10 යන චෝදනා වලට වරදකරුවන් කරමින් එවකට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් තීන්දුවක් ලබා දුන්නාය.
වරදකරුවන් කල දෙදෙනාට වසර 10 බැගින් සිරදඬුවම් නියම වූ අතර එක් චෝදනාවකට රුපියල් දස දහස බැගින් රුපියල් හැට දහසක දඩ මුදලක් ද නියම කෙරිණි.
හිටපු සභාපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කල අතර අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් එය සලකා බලා වරදකරුවන් කිරීමේ නියෝගය ඉවත් කරන බව 2020.11.16 දින ප්‍රකාශ කරන ලදී.
අභියාචනාධිකරණයේදී විත්ති පාර්ශවය වෙනුවෙන් කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නලින් ලද්දුවහෙට්ටි යන ජනාධිපති නීතිඥවරුන් පෙනී සිටි අතර කුරුණෑගල මහාධිකරණයේ දී උපාලි ජයමාන්න සහ ඒ.එස්.එම්. ජලීස් යන නීතිඥවරුන් පෙනී සිටියහ.
නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගය ලබා දෙන විට හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරා වසර තුනකට අධික කාලයක් සිර දඩුවම් ලබා තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අලි සබ්‍රි මහත්තයා කාර්ය ශූර නිලධාරියෙක්නේ.. ඒකනේ මේ ඉක්මණටම නඩුහබ පැත්තකට දාලා හිරේ ඉන්න අය එළියට ගන්නේ. අපේ සර් විද්‍යානුකූලව තමයි එතුමාව තෝරලා තියෙන්නේ.
තමුන්ගේ මිනිස්සු හරි ඉක්මණට නිදහස් වෙනවා. රෙස්පෙක්ට් සර්..
අපේ හිටනුතුමාගේ කාලෙවත් මෙච්චර දේවල් වුණේ නැහැ. තව අවුරුදු 04ක් තියෙනවා. මොනවායින් මොනවා වේවිද?
මෙහෙම ගියොත් තව කෙටිකාලයකින් අධිකරණ පද්ධතිය අහෝසි කරලා, ඊළඟ අයවැයේදී විශාල මුදල් ඉතුරු කරන්නත් පුළුවන්. එ්කත් ආඩම්බරයි.
නියමයි සර් ඔහොම යං...
ඔබට සතුටුයිද දැන්..?
දැන් මිනීමරුවන්, හොරුන් එළියට එනවා. හොඳ අය ඇතුළට යනවා. මාර නීතිය නැවිල්ලක්... රටම ඉවරයි
පොහොට්ටුවේ නඩු ඔක්කොම එකම දවසේ අහලා ඔක්කොම එකපාර නිදොස්කොට නිදහස් කළානම් ඉවරයිනේ..
ඒ කියන්නේ එයාටම වෙඩි තියාගෙනවත්ද?
බලේ බලේ 2/3 ක ජනබලේ....
මේ දේවල් වලින් එක යහපත් දෙයක් ඉගෙන ගන්නවා නම් මහජනතාවට තියෙනවා. මින්පස්සේ කිසිම දේශපාලකයෙකුගේ ආධාරකරුවකු නොවී, ඡන්දෙ දීලා ගෙදර එන්න තියෙන්නේ...
මට නම් කරකවලා අහහැරියා වගේ... මෙලෝ දෙයක් හිතාගන්න බැහැ.. මිනීමැරුම් චෝදනාවලදී කොච්චර නම් වැරැදි සිද්ද වෙලා තියෙනවාද?
බලමු පොල් කඩපු මිනිහට දෙන දඬුවම මොකක්ද කියලා..?
නිරපරාදේ හිරේ හිටියට වන්දි ගෙවන්න වුණා.
වඳුරාට දැලි පිහිය අහුවුණාම වුණෙත් මේකම තමයි. තව ටික දවසක් ඔහොම ඇදගෙන යාවි...!!!
ඔයාලට ඕනෑ කෙනෙක් නිදහස් කරන්න.. ඕනෑ කෙනෙක් ඇතුළට දාන්න.. අපිට මොකෝ...?
මරුනේ, එකම රටක නීතිය දෙවිදියක්....
කුරුණෑගල පුදුම මං පහරන්නෝනේ ඉන්නේ... ඩෝසර් කරනවා, ගස් කපනවා... ඕවා තමයි සෞභාග්‍යය...!!!
ඉතින් අනේ... කුරුණෑගල කියන්නේ අගමැතිව ආයෙත් බලේට ගෙන්නපු කොටස... මෙහෙම කළගුණ නොසලකා කොහොමද? පුදුමාකාර ලෙස සතුටුයි. සර් ඔහොම කරගෙන යන්න.
කුරුණෑගල ඉන්න තරමක් ඉන්නේ මී හරක්, හොරු... ඒකනේ කට්ටිය ගමට මාරු වුණේ...
මට මතක් වෙන්නේ අර සිංදුව... මේ රටේ මිනිස්සු.. තනිකර කෙළින්නේ පිස්සු..