කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබේ.
ඔවුන්ට ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගනිමින් මෙම උසස් වී ලබා දී ඇතැයි පොලිස් කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන ගීතා වීරක්කොඩි (අගමැති ආරක්ෂක අංශය ), එන්. ඒ. එස් මාරඹේ (අපරාධ වාර්තා කොට්ඨාසය ) සහ ඒ.ඒ.ජේ.කේ සෙනවිරත්න (මහනුවර කොට්ඨාසය) යන නිලධාරින්යන් මෙලෙස උසස් වීම් ලබා තිබේ.
2015 පෙබරවාරි මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් වීම් අනුමත කර ඇතැයි ද ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
මෙම පත් කිරීම වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව පත් කර ඇති අතර ,වැඩ බැලීමේ කාලය පත් කිරීමේ නියෝගය නිකුත් කළ දින සිට ආරම්භ වේ.
(36698)
2025 දෙසැම්බර් මස 04
278
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට
Raveendra Tuesday, 12 February 2019 08:05 AM
මෙම නිලදාරිනියන්ට අපගේ උණුසුම් සුබ පැතුම් !!! මාතෘභූමියට අවංකව සේවය කිරීමට ඔබ සියල්ලෝටම ශක්තිය ලැබේවා....
Bandara Tuesday, 12 February 2019 08:18 AM
සුභපැතුම්.! නමුත් මේ සියල්ල දේශපාලන පත්වීම් බව හොදින්ම දනිමි.
RaveendraTuesday, 12 February 2019 08:35 AM
අවංකවම අප මෙම නිලධාරිනට සුබ පැතුවේ කිසිදු පාටක් පිළිබදව අදහසකින් නොවන බවට දැන්වීමට කැමැත්තෙමු. එමෙන්ම මේවා "දේශපාලුවන්ගේ " පත්වීම් නම් අප අවංකව කනගාටු වන්නෙමු. මක්නිසාදයත් "දේශපාලුවා යනු තමන් උපන් මවුබිම විනාශ කරන තිරිසනෙකි " මේ අයට අවශ්‍ය වන්නේ තම තමන්ගේ පැවැත්ම හැර වෙන කිසිවක් නොව.