IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කළු ගඟේ ජල මට්ටම ඉහළ නගී

අජිත්ලාල් ශාන්තඋදය

සමනල අඩවිය ඇතුළු ශ‍්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම සීග‍්‍ර ලෙස ඉහළ ගොස් අද (24) රාත‍්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

එය ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස අනතුරු අගවන සිමාව පසුකර තිබේ.

රත්නපුර මුවගම ජල මාපකයේ මීටර් 07.5 ඉක්මවූ විට සුළු ගංවතුර තත්ත්වයක් ලෙස සැලකේ.

මීටර් පහ සීමාව ඉක්මවූ විට කළු ගග දෙපස සහ පහළ ජනතාවට සුළු ගංවතුර මට්ටමකට මුහුණ දෙන ලෙස සුදානම්ව සිටින්නැයි අනතුරු අගවයි.

ඒ අනුව රත්නපුර, ඇලපාත, කිරිඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානමක් ඇති නිසා ආරක්‍ෂිත ස්ථාන වලට යාමට සුදානමින් සිටින්නැයි රත්නපුර දිස්ත‍්‍රික් ආපදා මධ්‍යස්ථානය දන්වා සිටී.

කළු ගගේ ජල මට්ටම අද (24) අලූයම 04.00ට අඩි පහ හමරක් වූ ආතර රාත‍්‍රී අට වනවිට අඩි එකොළහ හමාරකින් ඉහළ නැග තිබුණි.

ඉහළ කදුකර ප‍්‍රදේශයට ඇදහැලෙන වර්ෂා වරින් වර අඩු වැඩිවෙමින් ඇදහැලෙන නිසා රාත‍්‍රී කාලයේ ගගේ ජල මට්ටම ඉහළ යාමට ඉඩ ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

මීට දින පහකට පමණ පෙර මහ ගංවගුර තත්ත්වයක්  ඇති වු නිසා එසේ ගලා ආ ජලය පහත්බිම් වල තවමත් රැදී ඇති නිසා මේ වනවිට ගංවතුරක අවදානම ඉක්මනින් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


මීට වසර 17කට පෙර මැයි මාසයේ මහා ගංවතුරක් පැමිණියේ රාත‍්‍රී කාලයේ ය.



අදහස් (1)

කළු ගඟේ ජල මට්ටම ඉහළ නගී

Chamara Friday, 26 September 2025 08:42 PM

ගගේ වතුර වැඩිවීමක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site