
(සිරංගිකා ලොකුකරවිට)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනකු අද (23) කරාපිටිය පිළිකා ශල්‍ය ඒකකයේ රාජකාරීයට බාධාවන අයුරින් හැසිරෙමින් තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ද බැණ වැදුණු බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පොලිසියට සහ රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇත.
වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පවසන්නේ පිළිකා ඒකකයේ වෛද්‍යවරියක සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් පිළිබඳ සිද්ධියක් හේතුවෙන් මෙවැනි කලබලයක් ඇති වූ බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ ක්‍රියාකලාපය දීර්ඝකාලයක සිට ප්‍රශ්නගත බවයි. මෑත දින කිහිපයකදීම ගැටලු කිහිපයක් ඇති වූ බවත් අද (23) දිනයේ තම සාමාජිකාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාල ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සඳහා පොලිස් කණ්ඩායමක් පැමිණි අවස්ථාවේ දී විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා වෛද්‍ය කණ්ඩායමකට බැණ වැදී ඇති බවයි. ඒ් පිළිබඳ තම සංගමය ද පොලිසියට හා අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
පිළිකා ඒ්කකයේ සේවය කරන වෛද්‍යවරියක විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් එය විභාග කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් පැමිණ සිටිය දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් පැමිණ කාර්ය මණ්ඩලයට හා තමන්ට බැණ වදිමින් ආරවුලක් ඇතිකරගත් බව විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත. වෛද්‍යවරයා පවසා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණිල්ල කළ එම වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටින බවයි.
මේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ කුරුණෑගල සිට ගාල්ල කරාපිටිය රෝහලට ස්ථාන මාරුවක් ලබා පැමිණි වෛද්‍යවරියක තමන්ට සති අන්තයේ සේවා සැපයිය නොහැකි බවත් හදිසි ඇමතුම් මත සේවා කිරීමට තමන් සූදානම් නැති බවත් පැවසීම මෙම ගැටලුවට මුල් වූ බවය. ඇය දිගින් දිගටම පිළිකා ඒකකයේ සාමාන්‍ය රටාවට අනුව සේවා සැපයීම ප්‍රතික්ෂේප කරමින් ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇත. වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ ස්ථානමාරුවක් දීමට හැකිවන්නේ වෙනත් වෛද්‍යවරයකු ඇය වෙනුවෙන් අනුයුක්ත කරන්නේ නම් පමණක් බව තමන් රෝහල් අධ්‍යක්ෂවරයාට ද දැනුම් දුන් බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා යයි කියා ගත්තාට ඔය නම් තනිකරම මාෆියා කල්ලියක්. ක්‍රිශාන්ත පෙරේරා වෛද්‍ය තුමාට මේ කල්ලිය සමග ගැටීම නම් පහසු වෙන එකක් නැහැ. සැබෑ වෛද්‍යවරු, හෙද කාර්යමණ්ඩල මෙන්ම රෝගීන් ඇතුළු සියලුම ජනතාව මේ වෛද්‍ය වරයාව ආරක්ෂා කර ගත යුතු වෙනවා.
කාර් පාක් එකකටත් මීට අවුරුද්දකට විතර කලින් මෙයාල දෙන්නෙක් කුනුහරප විදගන්නවා ටීවී එකේ පෙන්නුව මතකයි. සමහරවිට අපි ඉගෙනගෙන මදි ඇති මේව තේරුම් ගන්න.
ඔවුන් රෝගීන් සහ රෝහල් ගැන තැකීමක් නොකරයි. රටට කිසිදු ප්‍රතිලාභයක් නැත.
මුළු ලොවම පිරිහෙන කාලයක් මෙ ළුළඹෙන්නෙ.
ගැහැණු දොස්තරල වුණාම ඕක වෙනවා. නයිට් කරන්න බැහැ, ඔන් කෝල් ඉන්න බැහැ, ඔපරේෂන් තියටර් එකට යන්න බැහැ. මැහුම් දාන්න බැහැ කියල හැම එකෙන්ම ෂේප් වෙන්න තමයි බලන්නෙ. ඒ වුනාට දැන් ලංකාවේ දොස්තරලගෙන් 65% ගැහැණු.
දොස්තර මහත්තයත් කියන තරම් හොඳ කෙනෙක් නෙමෙයි
මෙතුමා ගාල්ලේ මගේ පාසැල් මිතුරෙක් ඉතා විශිෂ්ඨ පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙක්... නමුත් මෑත කාලයේදි එතුමාට ඉතා තදින් තරහ යන බව කනිෂ්ට වෛද්‍යවරු පැවසූ බව මගේ සිහියට නැගුණා... එයට හේතු ඇති කෙසේවුවද කුඩා කළ අප දුටු දොස්තර මහතුන් අද නැති බවත් අද සිටින්නේ වෛද්‍ය වෘත්තිකයන් බව මෙය අපට පසක් කරයි...
හැමෝම වැටුප් ලබන්නේ මහජන මුදලින් ඒ වගේම අධ්‍යාපනයට වියදම් කලෙත් ජනතාවගේ බදු මුදල් හැමෝම ඒක හිතේ තියාගෙන වැඩ කරන්න.