(මලිෂා ගුණවර්ධන)
කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 196 ක් අද (10) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ඊයේ (9) වාර්තා වූ රෝගීන් 56 දෙනාත් සමඟ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරන කන්දකාඩු මධ්‍යස්ථායෙන් වාර්තා වන මුළු කොරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව 252 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ...! මේ රට හොඳ මට්ටමටම පත්වුණා පමණයි. මේ මත්ද්‍රව්‍ය කාරයින් නිසා සිදුවූ හදියක්... මත්ද්‍රව්‍ය කාරයින් බැලීමට එන ඥාතීන්ට හෝ කිසිවකුට ඔවුන් බැලීමට ඉඩ නොතැබිය යුතුයි. නැතිනම් මෙයින්ම දෙවැනි රැල්ලත් නිර්මාණය වේවි..!!! ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ඇතුළු සියලු උපස්ථායකයින් වෛද්‍යවරුන් ඇතුළු සැමදෙනා බොහෝම පරිස්සම් වීම ඉතා වැදගත්.. මේ කර්ම වසංගතය මේ රටින් තුරන් කිරීමට ද්‍රව්‍ය කාරයින්, ගංජාකාරයින් ගැන ඉතා පරිස්සමින් කටයුතු කළ යුතුයි.
මෙන්න මෙව්වා තමයි මත්ද්‍රව්‍ය සහ මත්පැන්වල පලවිපාක. මෙලෝ සිහියක් නැතිව, කිසිම වගකීමක් නැතිව ඔහේ ගහනවා.
අපි නොදන්නවා වුණාට.., රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් දහස් ගණනක් මේ සමාජයේ ඉන්නවා. ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ PCR පරීක්ෂණයෙන් පමණි. විශාල සංඛ්‍යාවක් එකම ශාලාවක නවාතැන් ගන්න හමුදා බැරැක්ක, නිරෝධායන, මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථාන වල රෝගය පැතිරීම වැඩිය. මේ රෝගයට අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැත.
සියලුම ආකාරයේ මහජන පොදු රැස්වීම් පාලනය තහනම් කළයුතුයි.
කන්දකාඩු අනාගත්තා, බලලෝභයෙන් ඔලු පිරිච්ච, ඉක්මණටම ඡන්දෙ තියන, දේශපාලකයින් පිරිච්ච, මුලු ලෝකෙට ණය කෙරිච්ච,.. මේ මගේ රට ශ්‍රී ලංකාවයි.
අපේ රටතුල තාම තියෙන්නේ පැරණි දේශපාලන ක්‍රමවේදයක්? මේ කොරෝනා නාමයෙන්වත් එ් ක්‍රමයෙන් මිදෙනවා නම් හොඳයි. ඔය මහජන රැස්වීමට එන්නේ එම පක්ෂයට ඡන්දෙ දෙන කෙනා. එම පක්ෂයේ අපේක්ෂකයින්ගේ හිතවාදින්. එමනිසා ඔය මහජන රැස්වීම් නවත්වලා එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කරන වැඩපිලිවෙලක් ඇතිකරලා එම පක්ෂයෙන් ඒ ඒ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ නාමලේඛනයක් දාන්න.
මීටරේ දුර ජනාධිපතිතුමාවත් පිළිපදින්නේ නැතිනම් ජනතාව කොහොමද පිළිපදින්නේ? පිටරට අපිට බෝම්බ කිව්ව විෂබීජය කිව්වත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කොහොමද?