(ජයන්ත සමරකෝන්)
බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානී ඉම්රාන් නැමැත්තාගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් , චාජරයක් හා සිම්පත් 4 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව හා පරීක්ෂාව යටතේ පවතින මෙම බන්ධනාගාර සිරකුටියකින් තහනම් භාණ්ඩ හමුවීම ගැටලුවක් බවද ඒ මහතා කීය.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කරනු ලැබුවේ ඊයේ (01) අළුයම් කාලයේදීය.
COMMENTS
අන්තිමට උපුල්දෙණිය මහත්තයාටම පොල්ලක් තියාගෙන කන්ජිපාණිගේ කූඩුව මුරකරන්න වෙයිද?
මේ සිරකුටියට ජංගම දුරකථන පැමිණි හැටි හොඳින්ම දන්නා කෙනා තමයි කන්ජිපානි කියන්නේ... ඇයි ඔහුගෙන් රහස් පොලිසිය ලවා ප්‍රශ්න කරවන්නේ නැත්තේ? රහස් පොලිසිය ලවා ප්‍රශ්න කෙරුවොත් ටක්කෙටම නිවැරදි තොරතුරු වමාරාවි...!!! ඇයි එසේ නොකරන්නේ?
කට්ටිය මාරුකළේ අධි ආරක්ෂිතයි කියලනේ.. මේවා පීල්ල පන්නලා කියපු විදිහටම විශ්‍රාමික ජනරාල්ට පාර අරින්න ප්ලෑන් කරලා කරන වැඩ...