
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතුළත් සියලු කරුණු ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි.
රජයේ වෙනුවෙන් අදහස් දක්වමින් ජිනීවාහි ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය ඒ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඊයේ (30) දැනුම් දුන්නාය.
අදාළ වාර්තාවේ සඳහන් “බිය ගැන්වීම්”, “ආවේක්ෂණය”, “හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි” සහ “පළිගැනීම්” සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම හෝ ජාතික පොලිස් කොමිසම වැනි ස්වාධීන ජාතික ආයතන වෙත විධිමත් ලෙස පැමිණිලි කිරීමට අදාළ පාර්ශ්වවලට ආරාධනා කිරීමට රජය අපේක්ෂා කරන අතර, ඒ අනුව චූදිත සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගත හැකි බව ද දයානි මෙන්ඩිස් මහත්මිය කවුන්සිලය හමුවේ පැවැසුවාය.
ජගත් මහලේකම්වරයාගේ වාර්තාවේ ඇති කරුණු රජය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබෙන අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කැපවී කටයුතු කරමින්, ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට වෙත එල්ල කෙරෙන බවට චෝදනා කෙරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව විමර්ශනය කර නඩු පවරන බවට සහතික වන බවත් ඇය ප්‍රකාශ කළාය.
විශේෂයෙන්ම පාස්කු ඉරුදින එල්ල වූ විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, ජාතික ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන සාමාන්‍ය ආරක්ෂක ජාලවලට අමතරව, ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ මෙරට නිශ්චිත පුද්ගලයන් පිරිසක් අධීක්ෂණය කිරීමේ නිරත නොවන බව ද යළි අවධාරණය කරන බව ද මෙන්ඩිස් මහත්මිය ශ්‍රී ලංකා රජයේ නිරීක්ෂණ දැනුම් දෙමින් කීවාය.
ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන රැඩිකල් හා අන්තවාදී කොටස්වල උපායමාර්ගවල නවීනත්වය මධ්‍යයේ, සිය ජාතික ආරක්ෂක අවශ්‍යතා අනතුරේ හෙළන ඕනෑම රටකට කනගාටුදායක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව අප විශ්වාස කරන්නේ යැයි ද ඇය කවුන්සිලයට දැනුම් දුන්නාය.
එබැවින්, මෙම සන්දර්භය තුළ දී එම මූලික යථාර්ථය පිළිබඳව සැලකිලිමත් වන ලෙස රජය සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව ද ඇය තවදුරටත් කවුන්සිලය හමුවේ කීවාය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හරිම සාධාරණ නිදහස් රටක්.., මිනී මරුවෙක්ට වුණත් පාර්ලිමේන්තු ඇවිත් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීලා තියෙනවා. අපිට එක එක බොරු චෝදනා දාන්න එපා.
මහබැංකු හොරු... ඒ අයගෙන් පගා ගත් පුද්ගලයන්, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ මිනිස්සු... ඒවට වගකියන්න ඕනේ මිනිස්සු, පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරන මිනිස්සු හැමෝම නිදහසේ ඉන්නවා. මෙහෙ තරම් මානව හිමිකම් ආරක්ෂා කරන රටක් මුලු ලෝකෙම නැහැ..
පුල්ලි මාස්ටර්ලාගේ ගතු කේලම් හා ඩොලර් වලින් ජීවිත ගෙවා ගන්නා "මුසල NGO ටකරන් මඩුකාරයින්ගේ" නියෝජිතයන්ගේ ගතු කේලම් ඉහළින්ම පිළිගනිමින් ඇම්ඩන්ලා මුට්ටිය දාලා බලන්නේ කෙසේ හෝ අපගේ මාතෘභූමිය පගාගැනීමට නොවේද?
මේවා බොරු වෙන්නේ කොහොමද...?
ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.
අයියෝ ඕක සුළු වැඩක්නේ.
මෙන්න කොන්ද පන තිබෙන නායකයෝ.
දයානි මහත්මියනි, ඔබට ස්තුතියි. රට වෙනුවෙන් කතා කරනවට.
අපේ රටට හැමදාම කෙලවෙන්නේ මෙහෙම තමයි.
ආයෙමත් විදුලි පුටුව එන්න වගේ හදන්නේ ජනතාව මුලා කරන්න