(රංජිත් රාජපක්ෂ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (07) සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැල්ලෙන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්වීම්වලට සහභාගී වී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහනවලින් ඊයේ (06) රාත්‍රියේ ගමන් කරමින් සිටියදී, වෑන් රථයක් ආරක්ෂක අංශයේ වෑන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩියක ගැටී ඇත.
එය විවාහ මංගල උත්සවයකට සහභාගී වී නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා ගමන් කරමින් සිටි තරුණයන් සිව්දෙනෙකු රැගත් වෑන් රථයකි.
අනතුරත් සමග ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ තරුණයන් පිරිස අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු එම ස්ථානය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කර පිටව ගියේය. ඒ සමග ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් තමන්ට සහ තම මිතුරෙකුට පිස්තෝලයකින් වෙඩි තැබූ බව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ අයෙක් කියා සිටියේය.
තමන්ගේ දකුණු අතට වෙඩි වැදුණු බවත්, තම මිතුරාගේ වම් පාදයට වෙඩි වැදුණු බවත්, පසුව දෙදෙනාම කිතුල්ගල තැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවත් ඔහු පැවසීය. පසුව ඔවුන්ව ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට සහ කරවනැල්ල මූලික රෝහලට මාරු කර යවා ඇත.
තලාතුඔය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ආරක්ෂන නිලධාරීන් දෙදෙනා, වෑන් රථය සහ වෙඩි තැබීමට උපයෝගි කරගත් යැයි කියන පිස්තෝල දෙක හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.




(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
COMMENTS
මහ මගදී සිදුවන කිසිම අණතුරකදී කළහකාරී ලෙස හැසිරීම ඉතා අසංවර ය. ඉන් කිසිඳු ප්‍රයෝජනයක් නැත. මම රැකියාව කරන රටේ එහෙම අණතුරක් වුණාම පොලීසිය පැමිණෙනතුරු අණතුරට පත් දෙපාර්ෂයම සුහදව කතා කරමින් සිටී. එයයි සිදුවිය යුත්තේ.
සේන මහත්මයා..මොකක්ද ඒ රට..ඉන්න හිතෙන රටක්!
ආයෙ ටික දවසකින් ඇමති ආරක්ෂක, ඇමති පුතා ආරක්ෂක, ඇමති පුතාගෙ නෝනා ආරක්ෂක වාහන පෙරහරවල් පාරවල් බදු ගනීවි.
දැන් ඉතින් ඕකට ගෝඨාභය සමාව ගත්තා නේද ? දැන් ඔක්කොම හරිනේ.
'මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ?
වහල් දේශයක ලක්ෂණ. මේවා ජනතාව කැමැත්තෙන් තෝරගත්ත දේවල්නේ. ඡන්දෙන් ඊලඟට ආයෙත් ඔය වහල් ක්‍රමයක් තෝරාගමු. වහල් හිමියෝ පාරේ යනකොට වහල්ලු පාරෙන් අයින් වෙන්න ඕනේ.
එස්.බී. මෙලෙස හැසිරෙන්න ගත්තම සාමාන්‍ය මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. අපිට පාරවල් වල යන්න බැරිද. ඒ ය අපේ සල්ලි වලින් නටනවා. බලය ලබා දුන්නොත් කොහොම කරයිද.?
මන්ත්‍රී තුමා සමතයකට පත්කර ගියායින් පසුවයි වෙඩි තැබීම සිදුවී තිබෙන්නේ. දේශපාලකයාටත් වඩා හෙන්චයියන්ගේ ගෙම්බර් බැලීමට මහජනයාට සිදුවී තිබෙනවා.
මේක සිද්ධියක් විතරක් කියලා ගන්නේ ඔය වගේ අපේ ඡන්දෙ ඉල්ලගෙන නැහැ. හිගා කන අය දිනුවහම උන්ගේ අය සේරම මෙහෙම තමයි. ඉතින් මේක වෙනස් කරන්න නම් මේ දෙගොල්ලම හිරගෙදරටම දක්කන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එක පක්ෂයයි. වෙන කවුරු ආවත් මේවා නතර වෙන්නේ නැහැ.
වාහන අනතුරකදී කරන්න ඕනේ එකිකෙනාට පහර දී ගැනීමද ? අපිනම් කරන්නේ පළමුව තුවාල ලබපු පුද්ගලයන් ඉන්නවානම් ඔවුන්ට මූලික ප්‍රතිකාර ලබාදී ඉන් අනතුරුව අනතුර පිළිබඳව නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමයි. පසුව දෙපාර්ශවයන් පිටවී යන්නේ අතට අතදී ඉතාමත් සුහදවයි. ඒක නිසයි අපි නිතරම කියන්නේ සාටකයන්ගේ වහලුන් මේ රටට අධිරාජ්‍ය වාදයක් වපුරමින් මොන විදියට චෝදනා කළත් අපි එතරම් වාසනාවන්තයි සුපිරිසිඳු නීතියක් සහිත මෙවන් රටක ඉන්න ලැබීම කියා. අපි දන්නවා ලංකාව මේ අතින් පසුවෙන්නේ ඉතාම අඩු බුද්ධි මානසිකත්වයකින් කියා. එය සිදුවී තිබෙන්නේ ධනවාදය, කුලවාදය, ඇති නැති බව දේශපාලනය බලය රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වී ඇති නිසාය.