(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(23) දැනුම් දුන්නේය.
අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත දැනුම්දීම කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති පක්ෂ ජේෂ්ඨයන්ගේ හමුවේදීය.
පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වූ බව දැනුම් දුන් අකිල විරාජ් කාරියවසම් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුව පැවැත්වීමට තීරණය කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.