(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා තවමත් රහසක් යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය.

කෙසේ වෙතත් ඉතාම ඉක්මණින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්  කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ පැවති ෆියුචර් ඔෆ් ටුවරිසම් සමුළුව - 2019 ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

එහිදී සී.එන්.එන් නිවේදක රිචඩ් ක්වෙස්ට් මහතා සමඟ පැවති පිළිසඳරක දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ජනාධිපති අපේක්ෂකයා වීමට සියලූ දෙනා උත්සාහ කලත් ජනතාවගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යැවීම බවත් අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.