(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිකේෂප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ හේතුවට ජනාධිපතිවරයා, එම අමාත්‍යංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් ලෙස පත්කරනු ලැබ ඇති බව වාර්තාවේ.
රාවුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන කැබිනට් ඇමැති ධූරයෙන් ද, කබීර් හෂීම් මහතා මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ධූරයෙන් ද, රිෂාද් බදියුදීන් මහතා කර්මාන්ත වානිජ දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම් සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයෙන් ද , අබ්දුල් හලීම් මහතා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ධූරයෙන් ද ඉකුත් දා ඉල්ලා අස්වුහ.
ඒ වෙනුවට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් ද එම අමාත්‍යංශවල වැඩබැලීමට පත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවා තිබිණි.
එය ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා කර්මාන්ත වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා වැඩබලන, කර්මාන්ත හා වානිජ දිගුකාලින අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස ද නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා, වැඩබලන නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ද ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය, වැඩබලන මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙසද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ බව වාර්තා විය.
ඒ අනුව එම තිදෙනා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා ඉදිරියේ පෙරේදා (10) දිවුරුම් දුන්හ.
මේ තතත්වය තුළ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් අතර දේශපාලන අර්බුදය තවත් උග්‍රවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
COMMENTS
ඒ තනතුරු වලටත් කේවට්ටයෝ ටිකක් දාගන්න හදල තියෙන්නේ. දෙකේ පන්තියේ ඉන්න උන් දෙකේ පන්තියේම තියල. පුදුමයි, පිටරටින් යාලුවෝ ගෙනත් ඒ තනතුරුවලට දාල නැහැ. ඔය පක්ෂේ කොට අදින අයට හැමදාම කොට අදින්න තමයි වෙන්නේ කරඬුව ගෙනියන්නේ වෙනම කට්ටියක්. ජනාධිපති නොයින්න මේ රාජ්‍ය ඇමතිලා උප අමතිලටත් වැඩබලන්නවත් ඇමති කෙනෙක් වෙන්න ලැබෙන්නේ නැහැ මලාට.
මෙයාට හොඳටම තරහ ගිහින් වගේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා රටත්, ජාතියත් අරාජික කරමින් අඳුරු අගාධයකට අප රට ඇදගෙන යන බව පෙනෙන්නට තිබේ. එය පැහැදිලිය.
රාජිතට තවත් රාජකාරි බාර දෙන්න හදන මේ පක්ෂයට තවම තේරිලා නැහැ වගේ .
හොඳම තීරණයක් ජනාදිපති තුමනි. මේ දූෂිත චෝදනා තියෙන අයව පත් කරන එක ඔබ තුමාටත් හොඳ නැහැ.
මෙයාල කැබිනට් එකට ඇවිත් අලුත් යාන වාහන ගනියි .බෝම්බ පිපිරිලා මාස 2ක් ගියා තවම කිසිම පනතක් කැබිනට් එකට ගෙනාවේ නැහැ . යාන්තම් හදිස්සි නීතියත් එක්ක අන්තවාදී සංවිධාන 1ක් තහනම් කරලා තියෙනවා. අන්තවාදීන්ට මුදල් එන මාර්ග, අන්තවාදී සංවිධාන , ෂරියා නීති තහනම් කිරීම , වහාබි අන්තවාදය තහනම් කිරීම ,රටේ හැමෝටම එකම නීතියක් , වැනි කිසිම දෙයක් මේ කැබිනට්ටුව තුල සාකච්චා උනේ නැහැ. ඉතින් තව කැබිනට් ඇමති වරු මොන මගුලකටද?
ඔබ තුමන්ලාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ටිකක් පැත්තකට දාල දැන්වත් රට ගැන හිතමුද? පිට රැටියන් ඇවිත් අපව අල්ලගන්න කලින් .
මේ ජනපති ඩබල් ගේමක් ගහන්නේ
මේවා ඒ හැටි ප්‍රශ්න නොවේ.
අන්තවාදය සහ හොරකම දෙකම එකට තියෙනවට වඩා හොඳයි හොරකම සහ නිවටකම කියලා ඒ අයට හිතෙන්න ඇති
අපරාදේ කියන්න බැහැ, අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ආඩම්බර වෙන්න ඕන, මේ වගේ අය කටයි අනෙක් හැම එකමයි වහගෙන මේ අය ටික දැනට අවුරුදු 4 කට විතර ඉස්සර හොදට තිබ්බ රට (ඔය කියන සුදු වැන් හැරුනුකොට) අනල, පොඩිකරලා තව එකෙකුට තව අවුරුදු 10 කට විතර ගොඩ ගන්න බැරිවෙන්න චොර කරලා යනකන් බලන් ඉන්නවට.
මරු කට්ටියකගේ නම් ටිකක්නේ එවලා තියෙන්නේ.
සිංහලය රට කනවා , මුස්ලිම් අයට බනිනවා ,මොනවා උනත් මුස්ලිම් ,දමිල දේශපාලකයෝ ජාතිවාදේ අවුස්සගෙන හරි තමන්ගේ මිනිහට කරනවා, ඒ අයට වැඩක් නැහැ මේ රට තිබුනත් නැතත් මොකද උන්ට යන්න තැන් තියෙනවා.
Rasi මීට අවුරුදු හතරකට පෙර හොදටම රට තිබුනානම් බහුතරය (62%) පළපුරුදු නැති මෙයාට බලය දෙයිද? ඇයි ඔයතරම් ඉක්මනට අතීතය අමතකද? නැත්නම් මීට අවුරුදු හතරකට පෙරත් හොදයිම කියල හිතාගන හිටපු මහරජාටම දුන්නද?
ඉල්ලලා අස් වුණාම ව්‍යවස්ථාවේ හැටියට ස්ථිර ඇමති කෙනෙක් නේද පත්කරන්න ඕනේ...?
මචන් උඹගේ කතාව සහතික ඇත්ත . කියපන් ඇත්ත නම ?