
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඊ.ටී.අයි තැන්පතුකරුවන් කර තිබූ තැන්පතු වලින් ,රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධීව ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ නීති නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ලෙස ක්‍රියාකළ අසංක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ සහ අන්ජලී දීපා එදිරිසිංහ යන තිදෙනා බව පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් පාලනය නිතරම අසාර්ථකයි...
කොරෝනා 3වන කැරැල්ලද? අනේ පව් අප්පා...
මේ අයගේ දේපළ රාජසන්තක කළ යුතුයි.
රට පුරාවටම රත්තරන් බඩු උගස්කඩ තියෙන මේ අයගේ කෙරුවාවල් ගැන ලැජ්ජයි. සමහර විට පවුල් පාලනේ හැටියක් වෙන්න ඇති...
මෙයාලගේ ළඟ තැන්පත් කරපු අය කළේ සූදුවක්.. ඒ සූදුවට ජනතා මුදල් ලබා නොදිය යුතුයි කිසිම හේතුවකට මේ තරම් රාජ්‍ය බැංකු තියෙද්දී ඒවා පහුකරන් ගිහින් ඔයවගේ දැම්මේ වැඩි තණ්හාවට...
එතකොට උදයංග වීරතුංගලා ගැන මොකද කියන්නේ?
අලුත්ම නාටකට ඊටීඅයි.
මේ නෝනලා "මහත්තයලා" සුදුපිරුවට පොරෝගෙන එක එක නාලිකාවල ඉදිරියේ මල්වට්ටි ඔලුවේ උඩ තියාගෙන මුළු රටටම රඟමින් හතර පෝයට අට සැරයක් පිං දහම් කළ කෙසෙල් කඳන් නේද? මුළු ලෝකෙටම අඬබෙර ගහමින් පිං දහම් කරනවා යයි කියමින් රඟන පව්කාරයින්ව හඳුනා ගැනුමට මෙයත් මහඟු අවස්ථාවක් නොවේද?
ශ්රී ලංකා නීති පද්ධතිය හරියට විමසා බැලුවොත් පෙනෙයි මේ මිණීමැරුම්වලට වැරදි කරුවන් වෙනවා. යම්කිසි තැන්පත්වරයෙක් මොවුන්ගේ කොල්ල කෑම් නිසා සිය දිවි නසා ගෙන ඇත්නම් සහ එය උසාවියේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි නම්. උපරිම දඬුවම විසි අවුරුද්දක් බරපතල වැඩ සහිතව හිරේ. දඩයකුත් ගැසිය හැකි වරදේ සවාභාවය අනුව. තවද වින්දියන්ගෙන් යැපෙන්නන්ට වන්දි ගෙවන්නත් සිදුවෙනවා.