IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඊටීඅයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඇප

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ  යන අය ඇප මත නිදහස් කිරීමට  කොළඹ  කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා  අද (6) නියෝග කලේය.

ඒ එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි .

එසේම සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටද අධිකරණය නියෝග කළේය.

ඊ.ටී.අයී ආයතනයේ තැම්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

ඒ අනුව සැකකරුවන් ඊයේ දින අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.



අදහස් (18)

ඊටීඅයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඇප

Raveendra Wednesday, 06 January 2021 03:42 PM

මම හිතන්නේ මේ අය එන්න ඇත්තේ උසාවිය බලලා යන්න වෙන්න ඇති.. හොඳයි වෙනසකට එක්ක. සර් එක්ක සෙල්ලම් බෑ... එක රටක් එක නීතියක්...

:       10       65

NuwanWednesday, 06 January 2021 10:15 PM

ඇප ලැබිය හැකි වරදක් නිසා ඇප ලැබුණා. සක්විති කලේත් මේ වරදමයි. නමුත් ඔහුට ඇප මුදල් හොයාගන්න බැරි වුණු නිසා අවුරුදු ගාණක් හිරේ හිටියා. එක රටක එක නීතියක් අදාල නැත...

:       3       3

සමිත්Thursday, 07 January 2021 05:56 AM

ලක්ෂ නවය දක්වා සියලු තැන්පතු ගෙවා අවසන්. යහපාලුවෝ හිටියා නම් ඒකත් නෑ.

:       8       0

BamunuarachchiFriday, 08 January 2021 04:23 AM

ඔබ මෙතන වැදගත් අදහස් දානවා. ඇප මත නිදහස් වීම ගැන නොසතුටක් තිබෙන බව පෙනෙනවා. ඔය ඇපපිට නිදහස් වුනේ නීතියේ හැටියට. හැමදාම රිමාන්ඩ් එකේ තියන්න නම් නීති පොත වෙනස් විය යුතුයි.

:       0       0

නන්නාදුනන හාදයා Wednesday, 06 January 2021 04:19 PM

මේවා කවදාවත් අහන නඩු නොවෙයි. දේශපාලුවෝ, නඩු කාරයෝ ඔක්කොම ජරාව කාලා. මේවට පිළියම තමයි නන්නාඳුනන තුවක්කුකරු. අහිංසකයින්ගේ සල්ලි හොරාකාපු මේ හොර පවුලටමනේ හොරට නඩු අහන නඩුකාරයින්ට, මේ හොර මගඩි පිටුපස ඉන්න හොර දේශපාලුවන්ට ආයේ නොඑන්නම අපායටම යන්න.. ඉලක්කයටම කොකා ගස්සන්න නන්නාඳුනන තුවක්කුකරු කොයි මොහොතක හෝ ඒවි...

:       3       64

SachithThursday, 07 January 2021 01:44 AM

චිත්‍රපටිවල එහෙම තිබුණාට මේ ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.

:       4       4

රතන Wednesday, 06 January 2021 04:49 PM

ඔහොම වෙන බව අපි දැනගෙන උන්නා. මිනීමරපු අයත් ඇපපිට එළියේ ඉන්නේ... ධර්මිෂ්ඨ රාජ්‍යයක්...

:       0       5

Mr.buffsixtynine Wednesday, 06 January 2021 04:50 PM

මේ අය නිදහස් කෙරුවට නං කමක් නෑ.. හැබැයි ඉතින් පොල් ගෙඩියක් අඹ ගෙඩියක් එහෙම කඩලා අහුවුණොත් නම් බරපතළ වැඩ ඇතිව වහාම හිරයට දාන්න ඕන.. ඒකයි සාධාරණ නීතිය...

:       0       28

ranjith Wednesday, 06 January 2021 10:32 PM

හොරුන්ටම ගිය රටක් මේක...

:       0       7

chandimq Wednesday, 06 January 2021 11:24 PM

ඇප නොදී රෝහල්ගත කරන්නත් තුබුණා ඕනෑනම්...

:       0       7

අසරණයා Thursday, 07 January 2021 12:07 AM

නීතියේ දෙවඟනගේ දුහුල් සළුපට ඉහලට එසවුණු තවත් අවස්ථාවක්...

:       0       10

sharm warn Thursday, 07 January 2021 03:17 AM

මේ සම්බන්ධයෙන් දවසේ අවසාන පුවත වෙන්නේ ඇප දීම කියලා මම නම් උදේම තේරුම් ගත්තා. බයියන්ට පුදුම සතුටක් ඇති. සර්ගේ පාලනයේ නීතිය අකුරට ක්‍රියාත්මක වෙන හැටියට... හරි නම් කට්ටිය මල්වෙඩි දාන්න ඕනේ මෙව්වට...

:       18       13

Senarath Thursday, 07 January 2021 03:20 AM

නීතියෙන් ඇප ලැබිලා තියෙන්න පුළුවන්. ඒ වුණාට කරපු අපරාධය නිසා දුක්විඳින ගණුදෙණු කරුවන්ගේ ශාපයෙන් ගැලවෙන්න බැහැ. මේ ආත්මෙම පලදෙනවා. ඒ නිසා දැන්වත් ඒ මිනිස්සුන්ගේ සල්ලි ආපසු දීලා ඒ සාපයෙන් බේරෙන්න බලන්න.

:       0       71

RaveendraThursday, 07 January 2021 07:22 AM

ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු. ඇත්තෙන්ම පිං කඳන් ලෙස ලොවටම රඟපෑ "මේ පව්කාරයින්" වැලිගම් යන්නේ අනේකවිද දුක් ගැහැට විඳ බව නම් ස්ථීරයි. අහිංසක මිනිසුන්ගේ සාපය ඉතාමත්ම භයානකයි. මහජන මුදල් හොරකපු අය හැමටම මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!

:       0       42

Rata Perata Thursday, 07 January 2021 07:36 AM

මේක දප්පුලගේ තව එක තප්පුලෑමක් විතරයි තමන්ට නීතියක් නැතිකරගෙන අනුන්ට එක රටක්, එක නීතියක් කියන නායකයින් ඉන්න රටක් මේක...

:       1       6

BamunuarachchiTuesday, 12 January 2021 02:54 AM

අහන්නකෝ රන්ජන්ගේ හඬපට නීති නැමුණු හැටි බලාගන්න... මෙයා ඊයේ ඉපදුණු කෙනෙක් වගේ...

:       0       0

ANDARE Thursday, 07 January 2021 08:40 AM

ලක්ෂයක්, දෙකක් හොරකම් කළා නම් රිමාන්ඩ් කරන්න තිබුණා. ඒත් බිලියන 13ක් නේ.

:       0       3

pradeepa Friday, 08 January 2021 07:50 AM

අද අධිකරණයට විවේචන තරමක් වැඩිවෙනවා වගේ පේනවා. එක කාගේ වරදද? විනිසුරුවන්ගේ හෝ පොලිසියේ... මෙයාලට ඇපදෙනකොට පොලිසිය, නීතිපතිගේ නීතීඥයන් මොකද විරුද්ධ නොවුණේ..? එයාලට තිබුණා අධිකරණයට දැඩිව කියන්න ඇප දෙන්න. නමුත් ඒක වුණේ නැහැ. මෙතන තියනවා ලොකු කෙනාගේ බලපෑමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26348 28

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18159 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10867 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 612 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 178 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site