නාලක සංජීව දහනායක

මුතුරාජවෙල පර්යන්තයට ඉන්ධන ගෙනයන නළයකින් ඉන්ධන කාන්දුවීම සම්බන්ධ වගකීම සම්පූර්ණයෙන්ම ලංකා ඛණිජතෙල් සංස්ථාවේ තෙල් පහසුකම් සපයන අංශයේ කළමණාකාරවරයා විසින් බාරගත යුතු යැයි එහි නිදහස් සේවක සංගමය චෝදනා කරයි.

2002 වසරේදී ඉදිකළ මෙම නළයෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට සේවකයන් විසින් මීටපෙර පෙන්වාදී ඇතත් තෙල් පහසුකම් අංශයේ කළමණාකාරවරයා විසින් තාවකාලික පිළියම් යොදමින් එය ප‍්‍රයෝජනයට ගෙන තිබෙන ලංකා ඛණිජතෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසීය.

යම් කාලසීමාවකදී මෙම නළ අලූත්වැඩියා කළ යුතු වුවත් කළමණාකරවරයා විසින් තම වගකීම් පැහැර හැරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.