IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියානු සාගරයට දිගුදුර බැලස්ටික් මිසයිල

ඉරාන විප්ලවවාදී හමුදාව විසින් සිදුකළ හමුදා අභ්‍යාසයකදී ඉන්දියානු සාගරයට දිගුදුර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ මධ්‍යම කාන්තාර කලාපයේ සිට එල්ල කරන ලද මෙම මිසයිල, ඕමාන් බොක්ක සහ ඉන්දියන් සාගරයේ උතුරු ප්‍රදේශ ඉලක්ක කර එල්ල කර තිබේ.

මිසයිල වල පරාසය කිලෝමීටර් 1800ක් පමණ වෙයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මාණ්ඩලික ප්‍රධානී ජනරාල් මොහොමඩ් බකරි පැවසුවේ, "අපට කිසිඳු ආක්‍රමණශීලී චේතනාවක් නැහැ, දැන් කෙටි කාලයක් තුළ ඕනෑම සතුරු හා ද්වේෂ සහගත ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අප සතුව තිබෙනවා." යනුවෙනි.

"අපගේ වැදගත්ම ආරක්ෂක ප්‍රතිපත්ති වලින් එකක් වන්නේ සතුරු ගුවන් යානා සහ යුද නැව්වලට එරෙහිව දිගුදුර බැලස්ටික් මිසයිල භාවිතා කිරීමයි. අපට දැන් සාගරයේ චලනය වන ඉලක්ක වලට පහර දිය හැකිය."
යනුවෙන් රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි පැවසීය.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමග පැවති ආතතීන් පිරිහෙමින් පවතිද්දී මෙම අභ්‍යාස පවත්වන ලද බව නිරීක්ෂකයෝ පවසති.

ඇමරිකා ජනපති විසින් ඉරානයට එරෙහිව 2018 වසරේ සිට දැඩි සම්බාධක පනවා තිබෙන අතර ඉරාන සහ ඇමරිකා හමුදා අතර ගල්ෆ් කළාපයේ වරින් වර ගැටුම් ද පවතී.

කෙසේවුවද ඇමරිකාවේ තේරී පත්වී ඇති ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසා ඇත්තේ ඉරානය නැවත අනුකූලතාවයක් දැක්වුවහොත් ඇමරිකාව න්‍යෂ්ටික ගිවිසුමට නැවත එක්වන බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියානු සාගරයට දිගුදුර බැලස්ටික් මිසයිල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site