
(ඩී.ජී. සුගතපාල)
ඉදිරි මාස දෙක තුල මාස ලංකාවේ සිටින භයානක යයි කියන සිරකරුවන් සියලු දෙනාම බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගෙන එන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසිය.
ඒ මහතා මෙසේ පැවසුවේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය නිරික්ෂණය සඳහා අද (24) පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා වැඩි දුරටත් මෙසේද පැවසිය.
“ලංකාවේ තිබෙන සියලුම බන්ධනාගාර වල නිරීක්ෂණ චාරිකා කිරීම අපේ අරමුණයි. ඒ අදහස අනුව අද බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය නිරීක්ෂණ චාරිකාවට සහභාගි වුණා. දැනට බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සිර කුටි තිස් දෙකක් තියෙනවා. තවත් මාස දෙකකින් තවත් සිර කුටි තිස් දෙකක් මෙහි ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව ලංකාවේ ඉන්න භයානකයි කියලා කියන සියලුම සිරකරුවන් මෙම බන්ධනාගාරයට ගේන්නයි අපේ බලාපොරොත්තුව.
මම බන්ධනාගාර අමාත්‍යංශය භාර ගන්න කොට රැඳවියන් තිස් දහසක් පමණ හිටියා. මේ වෙනකොට අපිට පුළුවන් වෙලා තියනවා ඒ සිරකරුවන් පිරිසක් දහනම දහස් ගණනකට අඩු කරන්න. අපි විශේෂයෙන් ම බලාපොරොත්තු වෙනවා වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙනියන්න. එහි නවීනතම අධි ආරක්ෂිත නව බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
අඟුණකොළ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තමයි අද අපිට තියෙන හොඳම ආරක්ෂිත බන්ධනාගාරය. විශේෂ කාර්යය බලකායක් අපි තැනට යොදවලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්ව රන්ජන් රාමනායක මහත්තයට බන්ධනාගාරය තුළ තර්ජන ඇති වෙලා තියෙනවා කියලා. ඒ හේතුවෙන් අපි වහාම ක්‍රියාත්මක වෙලා එතුමාව තනි සිර මැදිරියකට දාල තියෙන්නෙ. එතුමාට අවශ්‍ය සියලුම ආරක්ෂාව අපි සපයලා දෙනවා. ඉදිරියේදී සිරකරුවන් එළියට දැමීමේදී අපි ඔවුන් පුනරුත්ථාපනයක් කරලා තමයි එළියට දාන්න බලාපොරොත්තු වෙන්නේ“
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා එහිදී මෙසේ පැවසිය. “බන්ධනාගාර කීපයකින් පමණයි කොරෝනා රෝගීන් වාර්තා වුණේ. ඒකත් ඉතාම සුලු වශයෙනුයි. මාතර බන්ධනාගාරයේ විසි දෙකක් වාර්තා වුණා. කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අපේ සිරකරුවන් ප්‍රතිකාර ලබනවා. දැනට අනිත් ආයතන වලට ගැටලුවක් ඇති වෙලා නැහැ. විශේෂයෙන්ම මෙම පැතිරීම සිදු වන්නේ එළියෙන් එන රැඳවියන්ගෙන් නිසා එම රැඳවියන් නිරෝධය කරල තමයි බන්ධනාගාර තුළට ගැනිම සිදු වන්නේ.‘‘
COMMENTS
මම හිතුවේ භයානක පුද්ගලයින් කියලා... එහෙම වුණානම් ෂෝක්... 226න් භාගයකටත් වැඩිය ඇතුළට දාන්න තිබුණා.
හොඳ වැඩක්... අන්තර්ජාලය හරහා මොවුන් අධිකරණයට ඉදිරිපත් කළා නම් මගදිගට යන කාලය සහ මගදිගට ආරක්ෂාව වෙනුවෙන් කරන්න වෙන කැපකිරීමත් අඩුවෙනවා. මරණ දඬුවමට ලක්වූ අය මඩකලපුව පැත්තේ වෙනම බන්ධනාගාරයක් හදලා රඳවා තිබුණානම් වඩා හොඳයි.
එක එක්කෙනා බූස්ස බන්ධනාගාරය පෙන්වන්න එක්ක ගියොත් නරකද?
අනේ අම්මපා විහිළු සපයනවද මන්දා...? මොකද දියවන්නාව පට්ටියේ 225ම බූස්සට ගෙනියවද? එතකොට පට්ටියට කෑමබීම සපයන අයට මොකද වෙන්නේ..?
සිරකරුවන්ට බන්ධනාගාරතුළ සිට අපරාධ මෙහෙයවන්නයි, කුඩු ජාවාරම් කරන්නයි දුරකථන පහසුකම් ලැබෙනවා නම් කොහේට දැම්මත් වෙනසක් නැහැ.