IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇවන්ට්ගාඩ් නඩුව ගාල්ලෙන් කොළඹ මහාධිකරණයට

(ඩී.ජී.සුගතපාල)
ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර හතරක පමණ කාලයක්  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ  විභාග වු නඩුවේ නඩු කටයුතු  අවසන් කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා   රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් හතර දෙනා මේ මස 27 කොළඹ මහාධිකරණ අංක 3 ශාලාවේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට අද (20)නියෝග  කළේය.
 
දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින  මෙම නඩුවේ ලැබුවේ 4 වන සැකකාර රක්නා ලංකා සමාගමේ සභාපති  වික්ටර් සමරවීර, 5 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, 6වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල 7වන සැකකාර පොලිස් කොමිසමේ ලේකම්  සමන් දිසානායක යන සැකකරුවන්  සිව් දෙනා මෙසේ ත්‍රි පුද්ගල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරිමට මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
 
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කරනු ලැබුවේ පැමිණිල්ල මෙහෙයවන.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරනලද ඉල්ලිමක් අනුවය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධ නඩුව කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගෙන ඇති නිසා මෙම සැකකරුවන් සිව් දෙනාද එයට ඉදිරිපත් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේය
 
 මෙහිදි ඒ සම්බන්ධයෙන් සැකකරුවන්ට නිකුත් කරනලද සිතාසිද අධිකරණයේ භාෂණ පරිවර්තක නදීකා දිල්හානි මහත්මිය විසින් විත්තිකූඩුව ලඟට ගොස් සැකකරුවන්ට බාර දුන්නාය.
 

නීති විරෝධි ගිනි අවි ප්‍රවාහනය කරමින් සිටියදි  ගාල්ල වරාය ආසන්නයේදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13වනදින  ඇවන්ට් ගාඩ්  නෞකාව අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදි.ඒ අනුව කරන ලද පරික්ෂණවලදි නැවේ තිබි ටී 56 ගිනි අවි 549ක් ,84 එස්. වර්ගයේ ගිනි අවි 264ක්, එල්.එම්.ජී.ගිනි අවි දෙකක්, උණ්ඩ 204604ක් සොයාගෙන ඇත.

 
සැකකරුවන් වෙනුවෙන්,නිතිඥ   අජිත් පතිරණ ,හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුලු නිතිඥවරු පිරිසක් පෙනි සිටියහ



අදහස් (5)

ඇවන්ට්ගාඩ් නඩුව ගාල්ලෙන් කොළඹ මහාධිකරණයට

Chathuri Friday, 20 September 2019 12:35 PM

මෙහි මහා මොලකරු...ගෝඨා නේද? ඇයි ඔහුව අත් අඩංගුවට ගන්නේ නැත්තේ, ඔහු කොහොමද ජනාධිපති තරගයට ඉදිරිපත් වෙන්නේ? මහ අධිකරණයේ අයට තේරෙන්නේ... නැත්ද? මෙය නීතිවිරෝධී වැඩක් කියලා මේ රටේ දූෂිතම වැඩ කරන්නේ මේ නායකයන්, ඔවුන් තමයි උගත්, බුද්ධිමත් නිලධාරීන්ව වරදට පොළඹවන්නේ, ඒ නිලධාරීන් මේ මැරයින්ට බය නිසා කියන ඕනෑම දෙයක් කරනවා. ඒවාට සාක්ෂි තියෙනවා, මොවුන් අධිකරණයටත් බලපෑම් කරන නිසා, කරුණාකර මේ නිලධාරීන්ට දඬුවම් දෙන්න කලින්.., මොහුට බය නම්, අධිකරණයක් රටට කුමටද? පොඩි මිනිහට පාට් දමනවාට වැඩිය, මහා හොරෙක් අල්ලන් ඇතුළට දමන්න. ඒකයි සාධාරණ නීතිය...

:       2595       459

Mahee Friday, 20 September 2019 02:01 PM

තව ටික දවසකින් යුක්තිය පසිඳලන හැටි රටට පෙනෙයි, සමහරවිට තරුත් එක්කම....

:       3       190

kolam boss Friday, 20 September 2019 02:40 PM

අනේ අනේ දිල්රුක්ෂි.අපි රේකොඩින් එක ඇහුව. අපි නම් දැන් දන්නවා නිතිය නමිල්ල කොහොම වෙතත් ඔයා කොහොමද නැමුණේ කියල.

:       24       245

MaheeSaturday, 21 September 2019 09:25 AM

සහතික ඇත්ත, අපි හිතාගෙන හිටියේ යකඩ ගැහැණියක් කියලනේ. රන්ජන් එයාව හැඳින්වූවෙත් එහෙමනේ. ඉතින් කාවද අපි විශ්වාස කරන්නේ? දප්පුල ද ලිවේරා නීතිපතිතුමා ලොකු වෙහෙසක් ගන්න බව පේනවා නීතිපති දෙපාර්තමේන්තුව සුද්ද කරන්න. එතුමාට ජය ලැබේවා...!!!

:       11       17

Chanak los angeles Friday, 20 September 2019 07:59 PM

ප්‍රධාන හොර දෙටුවා රටේ නායකයා වෙන්න කැසකවනවා හොරාගේ අණ පිළිපදින්න වුන එවුනට නීතියට මුණ දෙන්න සිදුවෙලා .. අනේ කාලේ වනේ වාසේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site