නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව අද (6) 130,000 ඉක්මවා ගියේ ය.
මේ තත්ත්වයත් සමඟ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත පාලනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග නැවත වරක් දැඩි විවේචනයට ලක්ව ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වුවද එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණනේ අඩුවක් දක්නට ඇත. කෙසේ නමුත් සති හෝ මාස ගණනකට පසුව වුවද වයිරස ආසාදිතයන්ගේ ගණන මෙන්ම වයිරස ආසාදිත මරණ ගණන ද ඉහළ යෑමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 3ට ආසන්න වෙමින් තිබේ. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. රොයිටර්ස් පුවත් සේවයට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 39කින් වාර්තා දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වෙමින් තිබේ.
ප්‍රාන්ත 16ක් මේ මාසය තුළදී දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද වාර්තා කර ඇත
රොයිටර්
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.