අජන්ත කුමාර අගලකඩ
ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක, ප‍්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය පිළිබදව අද (27) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී ශෝකය පළවී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ කැබිනට් රැුස්විම ආරම්භ වූ අවස්ථාවේදීම ඇමැතිවරුන් නැඟී සිටිමින් තොණ්ඩමන් මහතා වෙනුවෙන් ශෝකය ප‍්‍රකාශ කර ඇත.
අනතුරුව අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තොණ්ඩමන් මහතා මිය යාමට පැයකට පමණ පෙර තමා හමුවී සාකච්ඡාවක් ද පැවැත්වූ බව පවසා ඇත.
වතුකරයේ ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටි ඔහුගේ අභාවය බරපතළ පාඩුවක් බවද අගමැතිවරයා සදහන් කර ඇත.
COMMENTS
මේ අවමඟුලට නිරෝධායන නීති ආදාළ වෙන්නේ නැත්තේ කොහොමද?
තොන්ඩමන් මහතා ඉද්දිත් වතුකරයෙ මිනිස්සු හිටියේ එහෙමයි. දැනුත් ඉන්නේ එහෙමයි. ඒ කියන්නේ උපරිම දුක් විඳ විඳ. මෙයාලා ඒ මිනිස්සුන්ගේ ඡන්දවලින් සැපවින්දා විතරයි...
කෝ අවමංගල්‍යයේ මීටරයේ දුරස්තය? අපිට බණ.
මේ මරණය ප්‍රදර්ශනය කරනවා වගේ. ඒකෙන් බලන්නේ වතුකරේ ඡන්ද ටික හරවගන්න. ඉක්මනට අවසන් කටයුතු කරලා දෙමළ ජනතාව තරහා කරගන්න කැමති නෑ. පුලුවන් උපරිම ගෞරවය දෙන්නේ ඒකයි. පහුගිය දවස්වල අපේ ගම් පළාත්වල මළ ගෙයක් වුණාම පොලිසිය ගෙදරට ඇවිත් මිනිය ගන්න වෙලාවයි, දිනයයි, සහභාගී විය හැකි ගණනයි දැනුම් දීලා ගියා. හැම නීතියම පොඩි මිනිහට විතරයි...
රටේ නීති රෙගුලාසි ක්‍රියාත්මක වන විට දෙබිඩි පිළිවෙතක් අනුගමනය වීමේ තව එක නිදසුනක්....