IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ආසියාවේ හොඳම නිරූපිකාව පියුමි හංසමාලි

2016-12-24-ent-31

නිරූපිකාවක ලෙස ප‍්‍රකටව සිටින පියුමි හංසමාලි පසුගියදා තුර්කියේ ඇන්ටාලියා නුවරදී පැවැති ආසියානු නිරූපිකා තරගයට ඉදිරිපත්වූ අතර, එහිදී ආසියාවේ හොඳම නිරූපිකාවට හිමි කිරුළ හිමි කර ගත්තාය. ඒ කිරුළට අමතරව සැන්ඳෑ කාලයට වඩාත් උචිත විලාසිතා අංශය සඳහා වු අංශයේ ජයග‍්‍රහණයද හිමි කර ගත්තේ ඇය විසිනි. ඒ ගැන සහ ඇයගේ කලා කටයුතු ගැන කියන්නට සඳැල්ල සමග එක් වු මොහොතකි මේ.

 

පියුමි මේ ලැබූ ජයග‍්‍රහණය ගැන විස්තරයක් කළොත්?

2016-12-24-ent-32ආසියාවේ හොඳම නිරූපිකාව කිරුළ වෙනුවෙන් මේ තරගය පැවැත්වුණේ තුර්කියේ ඇන්ටාලියා නගරයේදීයි. ආසියාවේ රටවල් පනහක විතර නිරූපිකාවන් මීට සහභාගී වුණා. එහිදී ජයග‍්‍රහණය හිමිවුණේ ශ්‍රීලංකාව නියෝජනය කළ මටයි.

 

කා එක්කද ඔබට සටන තිබුණේ?

රටවල් පනහෙම නිරූපිකාවන් එක්ක ලොකු සටනක් තිබුණා. එයාලා ඔක්කොම එකිනෙකාට නොපැරදෙන තරමේ සුන්දර රූ සපුවකින් යුතු රුවැත්තියන්. ඒ ලස්සන ගර්ල්ස්ලා දැක්කාම මට බයත් හිතුණා. ඒත් මම සටන අත්හැරියෙ නැහැ.

 

එහෙම නම්, ඒ ලස්සන ළඳුන් පරදා ඔබට ජය ලැබුණු විශේෂ හේතුව මොකක්ද?

එය නිරූපන ශිල්පිණියන් දායකවූ තරගයක්. මම නිරූපිකාවක ලෙස මෙරට නිරූපන වේදිකාවේදි බොහෝ අත්දැකීම් ලබා ඇති කෙනෙක්. ඒ අත්දැකීම් මේ තරගය ජය ගැනීමට මට වඩා වාසිදායක වුණා. කොහොමටත් තරගයකට හෝ ඕනෑම කලා කටයුත්තකදී ඊට ඉදිරිපත් වුණාම මම මගේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන කෙනෙක්. ඒ වගේම සටනට මුහුණ දෙනවා හැර පසු බසින චරිතයක් නෙවෙයි.

 

පියුමි ගැන මෙරට සමාජජාලා අඩවිවල නිතර පුවත් මැවෙනවා. ඔබ ඒවා කඩාගෙන යන්න හදන චරිතයක්ද?

ඇයි එහෙම හිතෙන්නේ?

 

හිතෙන්නේ කියන්නේ එහෙම නේද වෙලා තියෙන්නේ ?

දැන් එහෙම දෙයක් වේගෙන යන බව පෙනෙනවා. ඒක මම හිතලා කරන දෙයක් නම් නෙවෙයි.

 

හැබැයි නිතරම පියුමිට ”ෆේස්බුක්” නැතුවම බැහැ වගේලූ නේද?

ෆේස්බුක් එකේ පෙනී සිටිනවා. ඒක මම විතරක් කරන දෙයක් නෙවෙයි. දැන් කාලයේ කවුද ෆේස්බුක් නැත්තේ නේද?

 

පියුමි කියන්නේ, විසේකාර, දඟකාර, හැඩකාර සුන්දර චරිතයක්ද? නැත්නම් කොහොම කෙනෙක්ද?

ඔය සියල්ලෙහි සම්මිශ‍්‍රණයක්. හැබැයි මම මවක්. මගේ යාළුවෝ එක්ක කාලය ගත කරද්දී එයාලට මම හොඳ මිතුරියක්. නමුත් මවක් ලෙස මම මගේ වගකීම් සහ යුතුකම් කිසි විටෙකත් පැහැර හැරිය කෙනෙක් නෙවෙයි. ඒ සියල්ලෙහි වගකීම් දරාගෙන සුන්දරව ජීවත් වන කෙනෙක්.

 

ජීවිතය මොකක් කියලද හිතන්නේ?

පුදුමාකාර දෙයක්. ගැහැණියක වී ඉපදුනාම සමාජයෙන් කතා අහන්න වගේම, සෑහෙන්න දුක් ගැහැට වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ආසියාවේ ස්වභාවය එහෙමයි. නමුත් දෙවියන් වහන්සේ දුන් ජීවිතයට අප මුහුණ දිය යුතුයි. විටෙක මට ජීවිතය එපා වී මැරෙන්න හිතනෙ තරමේ ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් මැරෙන එක එක් මොහොතක් විතරයි. ජීවිතය කියන්නෙ ඊට වඩා විශාල දෙයක්. මම මවක්. දැන් මට ඕනෑම දෙයකට මුහුණ දීලා ජීවත් වෙන්නෙ දරුවා වෙනුවෙන්. ඒ නිසා මම වඩා ශක්තිමත් ගැහැණියක්.

 

ෆේස්බුක් ඇතුළු සමාජජාලා අඩවි ඔස්සේ නිතර පෙනී සිටින ඔබ ගැන එක එක්කෙනා එක් එක් විදිහට හිතන්න පුළුවනි. කොහොමද ඔබට වටපිටාවෙන් ලැබෙන ප‍්‍රතිචාර?

බොහෝ දෙනාගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නේ. ෆේස්බුක් එකේ මිතුරු වු සහෝදරයින් බොහෝ විට මාව දැක්කාම අක්කේ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ මූණට අපි හරි ආසයි. ඒ වගේ ප‍්‍රතිචාර දක්වනවා. ඒ අතරේ වැඩිහිටි කාන්තාවන් අතර මට ඔරවන අයත් සිටිනවා. නමුත් කිසිම කෙනෙක් මාව විවේචනය කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කියන්න තියෙන දේ මූණටම කියන කෙනෙක්. මගේ යාළුවන්ට වුණත් එහෙමයි. කවුරු හරි මට එරෙහිව තැන තැන මොනව හරි කියලා තිබුණා නම් ඒකත්් කෙළින්ම අහන කෙනෙක්. මොකද මාව වට්ටන්න කාටවත් බැහැ. වැටෙන්න තරම් මානසිකත්වයක මම නැහැ.

 

”එවන්න දිනන්න” කියලා. සමහරු ඔබට විහිළු කරනවා නේද?

මම පෙනී සිටින වෙළඳ දැන්වීමක් නිසයි. ඒක හරි ජනප‍්‍රියයි.

 

පියුමි ඔබ විටෙක රඟපානවා. නමුත් රඟපෑමෙන් කාර්ය බහුල වෙලා නැහැ නේද?

ඇත්තටම මම ගොඩ බදා ගත්තා වගේ ඔක්කොම චරිත බාර ගත්තේ නැහැ. අනෙක ජීවිතය පැය 24 ම කාර්ය බහුල වෙන්නත් කැමති නැහැ. හරි ගාණට බැලන්ස්ව ගෙනි යන්න කැමතියි. චරිත වුණත් තෝරා ගන්නෙ මට කරන්න පුළුවන් ඒවා විතරයි. බැරි දේ තෝරා ගන්නෙ නැහැ. මේ දිනවල ටෙලි නාට්‍ය කිසිවකට දායක වුණේ නැත්තෙ ඒ නිසයි. ඊළඟ අවුරුද්දෙ නිර්මාණ කීපයක් බාරගෙන තියෙන්නේ. රිතු ටෙලි නාට්‍යයෙන් පසුව පසුගිය කාලයේ දී උදයකාන්ත මහතාගේ ”වස්සානයේ සඳ” චිත‍්‍රපටයට දායක වුණා. එය මගේ දෙවැනි චිත‍්‍රපටියයි.

 

මේ ආසියානු නිරූපණ කිරුළ එක්ක මුදල් ත්‍යාගයක් ලැබෙන්න ඇති නේද?

ලැබුණා. ඒ තරගයට සහභාගී වූ නිරූපිකාවන් සියල්ලටම විවිධ ත්‍යාග සහ මුදල් ලැබුණා. ඇත්තටම එය හොඳට වියදම් කරලා සංවිධානය කර තිබුණු පැජන්ට් එකක්.

 

2016-12-24-ent-33



අදහස් (0)

ආසියාවේ හොඳම නිරූපිකාව පියුමි හංසමාලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site