IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආසාදිත ගුරුවරුන් හමුවීමෙන් සෙනගල් හි පාසල් වහයි

ගුරුවරුන් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සෙනගල් රාජ්‍යයේ පාසල් ආරම්භ කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇතැයි එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

බටහිර අප්‍රිකානු රටක් වන සෙනගල් හි දකුණු දිග කැසාමන්ස් පළාතේ සිගුයින්චෝර් ප්‍රදේශයේ ගුරුවරුන් කිහිපදෙනකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර අද (02) විවෘත කළ පාසල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමනු ලැබීය.

කෙසේවුවද ගුරුවරුන් කී දෙනකු ආසාදිතයන් බවට පත්ව ඇද්ද හෝ ඒ කුමන පාසල් වලද යන්න හෙළිකර නොමැත.

කොරෝනා වසංගතය හේතුවෙන් සති ගනනාවක් වසා තිබුණු පාසැල් ජුනි 02 සිට ක්‍රම ක්‍රමයෙන් විවෘත කරන බව සෙනගල් රාජ්‍යයේ සෙනෙට් සභාව නිවේදනය කර තිබිණි.

පාසැල් නැවත විවෘත කිරීමට සූදානම් වීම සඳහා අගනුවර සිට බස් රථ වලින් ගුරුවරුන් වෙනත් කළාප වලට රැගෙන යෑම ආරම්භ කර තිබූ නමුත් පසුව අධ්‍යාපන අමාත්‍යාංශය කියා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු මෙම සේවයද අත්හිටවූ බවයි.

සෙනගල් හි කොවිඩ් - 19 ආසාදිතයන් 3 739ක් වාර්තා වී ඇති අතර මරණ 43ක් සිදුවී තිබේ.

සෙනගල් රාජ්‍යයේ ඩකාර් අගනුවරට නුදුරින් පිහිටි පිකයින් ප්‍රදේශයෙන් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවිය.

ආසාදිතයන් ඉහල යද්දී පාසැල් ආරම්භ කිරීමට සැලසුම් කිරීම සම්බන්දව බොහෝ දෙනා රජය විවේචනය කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.



(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ආසාදිත ගුරුවරුන් හමුවීමෙන් සෙනගල් හි පාසල් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site