IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ආරක්ෂක කවුන්සිලයේදි ජනාධිපතිවරයාට ඉහළින් කව්රුවත් යන්නේ නෑ

(මුදිතා දයානන්ද)

ආරක්ෂක කවුන්සිලයේදි ජනාධිපතිවරයාගේ ගනු ලබන තීන්දුවක් හෝ නියෝගයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, යෝජනා ඉදිරිපත් කිරිමට හෝ එහි වෙනසක් කිරිමට අගමැතිවරයාට හෝ වෙනත් කිසිවෙකුට හැකියාවක් නැති බවත් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවන බවත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (30) පැවසීය. ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
 
සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයන් පිළිබඳවද, අයිඑස් මතවාදය ලංකාව තුළ පැතිර යාම පිළිබඳවද රාජ්‍ය බුද්ධි ප්‍රධානී විසින් පොලිස්පතිවරයා වෙත යොමුකරන ලද වාර්තා විමසිල්ලෙන් බැලුවේ නම් අනතුරක් සිදුවිය හැකි බවට තමන්ට නොවැටුහුණේ ඇයිදැයි කොමිසම හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් විමසුවේය.
 
එහිදි ඔහු කියා සිටියේ “මට වැටහුණා කියලා වැඩක්  නැහැනේ. මට ඒ කාරණා සම්බන්ධයෙන් වැඩ කිරීමට සීමාවක් ආරක්ෂක කවුන්සිලයේදිම පනවා තිබුණා.” යනුවෙනි.
 
“සහරාන්ලා සම්බන්ධයෙන් විවෘත විමර්ශන නතර කරන්නැයි ආරක්ෂක කවුන්සිලයේදි ජනාධිපතිවරයා දුන් නියෝගය නිසා ඔබට වැඩ කරන්න අපහසු වුණා නම් එය වෙනස් කරගන්න කටයුතු නොකළේ ඇයි ”දැයි කොමිසම විමසා සිටියේය.
 
එහිදී ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ නියෝගයකට අභියෝග කිරිමට කිසිවෙකුට නොහැකි බවය. එසේ අභියෝග කිරිමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවද ඔහු පැවසීය.
 
“ඔබ අඩුම තරමින් නීතිපති සමගවත් මේ ගැන කතා කරන්න උත්සාහ කළේ නැද්ද?”
 
“මට ඔහුට මේක කියන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. පීඩනය දරාගෙන ඉන්නවා හැර කියන්න කෙනෙක් අපිට නැහැ. මේක පොලිසියේ වැඩ කරන කොට අපි පුරුදු පුහුණු විය යුතු දෙයක්. ”
 
“ඔබට මේ නියෝගය ලැබෙන කාලයේ කටයුතු කළෙ ආරක්ෂක අමාත්‍යංශය යටතේද නැත්නම් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේද? ” යැයි කොමිසම විමසා සිටි අතර ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ඒ කාලයේ පොලිසිය පැවතුණේ  නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ බවය.
 
 මෙම නියෝගය ලැබෙන අවස්ථාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාත් අගමැතිවරයාත් ආරක්ෂක කවුන්සිලයේ සිටින්නට ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු පැවසීය. එහෙත් ඔවුන්ට ජනාධිපතිට ඉහළින් කළ හැක්කක් නොවු බවද ඔහු පැවසීය.  

 



අදහස් (7)

ආරක්ෂක කවුන්සිලයේදි ජනාධිපතිවරයාට ඉහළින් කව්රුවත් යන්නේ නෑ

Raveendra Wednesday, 30 September 2020 02:57 PM

අනේ මන්දා "ඒකා මේකාට" බොලේ පාස් කරනවා "මේකා ඒකාට" බොලේ පාස් කරනවා.. අවසානයේදී "එකා, මේකා" යන සියලුම කාලකණ්ණි අපතයන් සියලු වරදවල් වලින් නිදොස් කර නිදහස් කරන ලදී.. දේව මෙහෙයට ගිය ඒ අහිංසකයන් වැරදි කරුවන්වීම නම් ස්ථිර වෙයි වගේ...

:       2       30

Prabha Wednesday, 30 September 2020 05:51 PM

හිටනුතුමා කියන්නේ 19 එයාගේ තටු කඩපු හින්දා එයාට බලයක් තිබුණේ නැහැ කියලා. අන්තෝ ජටා බහිජටා...

:       0       0

69 lakse api Wednesday, 30 September 2020 10:39 PM

ඒකනේ, එයාගේ කටින් පිටවන දේ තමයි සර්කියුලර් කියන්නේ..

:       0       0

Senarath Thursday, 01 October 2020 03:19 AM

එහෙම වෙනවා., කොන්දක් නැති නිලධාරීන් ඉහළ තනතුරුවලට පත්වුණාම... එහෙයි කියාගෙන ඉන්නවා. ජනාධිපතිට සේරම තීරණ ගන්න පුළුවන් වෙන්න එයා සක්කරයාද? එහෙමනම් මොනවාටද උපදේශකවරු..?

:       0       0

අමුද්ධික Thursday, 01 October 2020 03:36 AM

සියළු තීන්දු තීරණ ගැනීමේ බලය ජනාධිපතිවරයා සතුකළ යුතුයි. අපට මේ නිලධාරින් අවශ්‍ය වන්නේ යමක් වැරදුණු විට වරද පැටවීමට පමණයි. එයයි ජනතා කැමැත්ත...

:       0       0

හේරත් Thursday, 01 October 2020 03:58 AM

ප්‍රාදේශීය සභාවේ දේශපාලකයාගේ සිට ජනාධිපතිවරයා දක්වා වූ දේශපාලකයින් අපේ රටට කරන හානිය මේ රටේ ජනතාව කිසිවිටෙකත් අවබෝධ කර නොගනිති..! වැඩිපුර අපරාධ කරන දේශපාලකයා, වඩා ජනප්‍රිය වී, වැඩි මනාපයෙන් පාර්ලිමේන්තුවට එන අතර දේශපාලන බල මහිමයෙන් ඔවුන් සියල්ලන්ම "නිදොස්කොට නිදහස් වේ".

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 01 October 2020 08:17 AM

මේ කොමිසමේදී පොලිස්පතිවරයාගෙන් අසාඇත්තේ මහා බොළඳ ප්‍රශ්න නේද? විධායක බලේ තිබූ හිටපු ජනපතිවරයා හැසිරුණු ආකාරය හා බලය යොදාගත් ආකාරය නොදන්නවා වගේ ප්‍රශ්න අසා තිබෙන්නේ.... මේ රටේ විධායක ජනපතිවරයාගේ තීන්දුවට පිටින් යන්න පොලිස්පතිවරයාට නොහැකි බව නීති ප්‍රශ්න අසන අය දන්නේම නැද්ද? මේ බහුබූත ප්‍රශ්න ඇසීම නවත්වා කොමිෂන් එකෙන් කළයුතු වන්නේ හිටපු ජනපතිවරයාව ඔහු කළ වරදවලට නීතිරාමුවට ගෙන ඔහුට විරුද්ධව නීතිමගින් කටයුතු කිරීම නොවේද? කළ යුතුදේ නොකොට නිකන් වැඩකට නැති වැල්වටාරම් දමා රටේ මුදලුත්, කාලයත් නාස්ති කිරීම සාධාරණ නැහැ නේද?

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29501 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18228 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11728 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 728 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 216 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 866 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site