තරිඳු ජයවර්ධන
‘‘අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා‘‘ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ගම්මන්පිල මහතා එලෙස ප්‍රකාශ කළේ නඩු තීන්දුවෙන් පසු අධිකරණ භූමයේ දී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ මහතා මෙසේ ද කීවේය.
“එක්සත් ජාතික පක්ෂය අධිකරණ බලය පාවිච්චි පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු එහෙම නැත්නම් අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කළා. ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නය අද මතුවෙලා තිබෙනවා. බටහිර තානාපති කාර්යාල නිදිමරාගෙන දැවැත්ව ප්‍රයත්නයක් දැරැවා මේ ප්‍රතිඵලය ලබාගන්න. ඔවුන්ට අනුව ප්‍රජාත්‍රවන්තවාදය කියන්නේ මැතිවරණ නොපැවැත්විමයි. එහෙමනම් අපිට කියන්න තියෙන්නේ ප්‍රජාත්‍රවාදයට ජයවේවා කියලා විතරයි.
අපේ ඊළඟ පියවර ජනපති ලේකම් කාර්යාලයේ ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා. අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා”

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.