IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අසත්‍ය පුවතකින් දුම්මලසූරිය කැළඹේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
දුම්මලසූරිය නගරයට කිසියම් පිරිසක් පහරදීමේ සූදානමක් ඇති බවට අද(19) පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කැළඹීමකට ලක්ව සිටි බවද, පොලිසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ එම නගරය අවට යෙදවූ බවද දුම්මලසූරිය පොලිසිය කියයි.

දුම්මලසූරිය නගරයට ආසන්න කරදාවිල පාලම යට තිබූ භාවිත කරන ලද ටී- 56 ගිනි අවිවලට යොදන කරන  හිස් පතුරොම් 500 ක් නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගැනීමත් සමඟ මෙම ප්‍රචාරය පැතිර ඇතැයි පොලිසිය කියයි.

පතොරම් තොගය ඒ ආසන්නයේ පිහිටි පරණ යකඩ එකතු කරන පිරිස් විසින් කලකට පෙර රැගෙනවිත් ඇති බවට තොරතුරු ලැබූ බවත්, මේ දිනවල සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසිවකු ඒවා පාලම යටට දමන්නට ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අසත්‍ය තොරතුරු හේතුවෙන් කැළඹුණු ජනතාගේ ආරක්ෂාව සඳහා යුද හමුදා සන්නාහ සන්නද්ධ රථ හා හමුදා සෙබළුන් ද පොලිසියද යෙදවූ බවද ආරක්ෂාව තහවුරු කර ඇති බවද පොලිසිය පවසයි.



අදහස් (1)

අසත්‍ය පුවතකින් දුම්මලසූරිය කැළඹේ

රවින් Sunday, 19 May 2019 06:46 PM

හොඳම දෙය තමා ආරක්ෂක අංශ විසින් භාවිතා කරන සියලුම කල් ඉකුත්වූ සහ පාවිච්චි කරනලද උණ්ඩ උණු කිරීමේ උඳුනක ( කෝවක) උණුකර පිරිසිඳු ලෝහ ලෙස විකිණීම. අනවශ්‍ය දේවල් මහජනයා අතරට යාම වලක්වන අතර ඉහල ආදායම් මාර්ගයක් ලබා ගත හැක. ලැබෙන ආදායම රණවිරු සුබසාදනය සඳහා වුවද යොදා ගත හැක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site