(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාස නමයක බිළිඳෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට එම බිළිඳාගේ මව අද (2) යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .
සැකකාර කාන්තාව එලෙස අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන වලදී එම පහරදීම සිදුකරන සැකකාර කාන්තාව යාපනය අරියාලේ නාවලඅඩි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණය වීමෙන් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත .
ඒ අනුව එම නිවස වටලා පරික්ෂා කිරීමේදී අමානුෂික ලෙස පහරකෑමට ලක්වූ බිළින්දා ද සොයා ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මීට කලකට පෙර රැකියාව සඳහා කුවේට් රාජ්‍යයට ගොස් මීට මාසෙකට පමණ මෙම දරුවා ද සමඟ මෙරට පැමිණි තැනැත්තියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පුවත් දැකීමත් අප එක්තරා අන්දමකට පව්කාරයන් වී ඇති බව කීමට කැමැත්තෙමු.
කාන්තාවන් මෙහෙකාර වැඩවලට අරාබි රටවලට යවන එකේ අතුරුඵල තමයි මේ...!!!
ඇත්තටම අහන්නත් දුකයි. මාස 09ක ළදරුවෙක්ට අතක් උස්සන්න පුළුවන්ද?
අම්මා මානසික පීඩනයෙන් ඇත්තේ. අරාබියට මේ වගේ තරුණ කතුන් යවන එකේ ප්‍රතිඵල දැක්කත් "225" ට ඒ අයගේ සැප සම්පත් ... රටට ණය වෙලා හරි ලබා දෙන නිසා මේවා දැනෙන්නේ වත් නැහැ.
මේ අම්මා නිරෝධායනය වෙන්න ගිහින් තියෙන්නේ කොහේටද? හෝටලයකටද? දවස් 14ක් දුක්විඳින්න ඇති. මානසික ප්‍රශ්න ඇති. අම්මාටම බැන්නාට වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සු පුදුම පීඩනයකින් ජීවත් වෙන්නේ. ළමයිමයි දුක් විඳින්නේ. පව්... මේ රටේ මිනිස්සු පව්...!!! අපි අසරණ වෙලා..
මේවා පළවෙන්න, පළවෙන්න වෙනවා වැඩි වෙනවාද මන්දා...?
හය, හතර නොතේරෙන කිරිසප්පයෙකුට මොන හිතකින් ගහනවද මන්දා...? සමහරවිට අම්මාට මොලේ අමාරුවක් ඇති..