
කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින 20 කට වැඩි කාලයක් රෝහල් ගතවී සිටි බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් මුහුණ දුන් අවසන් පී.සී.ආර්. පරීක්ෂණයෙන් සමත් වී තිබේ. එහි ප්‍රතිඵල අනුව අභිෂේක් කොරෝනා රෝගී තත්වයෙන් සුවය ලබා සිටී.
ඉන්දීය සිනමාවේ මහා නළුවා ලෙසින් අදටත් සැලකෙන අමිතාබ් බච්චන්ගේ එකම පුතණුවන් වන අභිෂේක් බොලිවුඩ් නිළි ඓෂ්වර්යා රායිගේ ස්වාමියාද වෙයි.
කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් අභිෂේක් බච්චන් මෙන්ම ඔහුගේ පියා වූ අමිතාබ් බච්චන්ද, බිරිඳ සහ දියණිය වු ඓයිශ්වර්යා රායි බච්චන් සහ ආරධ්‍යා බච්චන් සමඟ මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් වී සිටියහ. එහෙත් දින කිහිපකට පෙර ඓෂ්චර්යා සහ දියණියද පසුව අමිතාබ් බච්චන්ද සුවය ලබා රෝහලෙන් පිටව ගියහ.
දැන් ඔවුන් සියලු දෙනාම අභෂේක් ආපසු ගෙදර එන තෙක් බලා සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තන්. දැන් ලංකාවට ජයවෙයි.