(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා සියල්ල පිළිගත් බවත් නාම යොජනා බාරදීමෙන් පසු ඉදිරිපත් වූ විරෝධතා දෙකම පනතේ විධිවිධාන අනුව ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ජනසෙත පෙරමුණේ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් ස්වාධීන අපේක්ෂක එම්. එල්.ඒ.එම්හිස්බුල්ලා මහතාට එරෙහිව විරෝධතාව ගොනු කර තිබු අතර , නව සිහල උරුමය අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා විසින් ස්වාධින අපේක්ෂකයකු වූ එම්.කේ සිවාජිලිංගම් මහතාට එරෙහිව විරෝධතාව ගොනු කර තිබිණි.
එම විරෝධතා දෙකම මෙලෙස ප්‍රතික්ෂේප විය .
මෙවර ජනාධිපතිවරණය සඳහා ඊයේ ( 06) වැනිදා වන විට අපේක්ෂකයෝ 41 දෙනකු ඇප තැන්පත් කර තිබු අතර අද ඉන් 35 දෙනකු නාම යෝජනා බාර දුන්හ.
ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 6 දෙනකු අද නාම යෝජනා බාර දීම සඳහා පැමිණ නොසිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂකයෝ 35 ගේම මෙඩිකල් ගන්න. මොළය හොඳට පරික්ෂා කරන්න. නැත්නම් අපේ රට පව්.
දැන් එතකොට අපි කොයි රාජපක්ෂටද ඡන්දෙ දෙන්න ඕන? චමල් රාජපක්ෂටද, නන්දසේන රාජපක්ෂටද? නාමල් රාජපක්ෂටද?
විහිළුලන්තය.
ඡන්ද අපේක්ෂකයින්ට නාම යෝජනා භාරදීමට පූර්ව සුදුසුකමක් ලෙස ඔහු හෝ ඇය පක්ෂයකින් පමණක් ඉදිරිපත්විය යුතුයි යන කොන්දේසියක් තිබිය යුතුයි. අනෙක එම පක්ෂවලටද අඩුම ගණනේ සාමාජිකයින් තිස්පන්දහසක් හෝ පනස්දහසක් සිටිය යුතුය. දැන් නිකම් පාරේ යන අයත් ඡන්දයට ඉදිරිපත්වෙනවා. මෙය ඡන්දදායකයින්ගේ වටිනා ඡන්දය හෑල්ලු කිරිමක්.
ආර්ථිකය කඩා වැටීම නිසා රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීමට අද වනවිට දිනකට රුපියල් බිලියන 7 අවශ්‍ය වුවත් රජයට සොයා ගතහැකි වී තියෙන්නේ බිලියන 5යි. දුර්වල ආර්ථික කළමනාකරණය නිසා දවසට බිලියන 2 බැගින් ණයවී වසර 5ට රුපියල් බිලියන 3650ක් ලෝකෙට ණයවී තියනවා. (ඩොලර් බිලියන 20ක්). මෙහෙම තවදුරටත් යන්න පුලුවන්ද? මෙය දරුණු ආර්ථික ගැටළුවක්... දේශපාලන කෝණයෙන් බලන්න එපා...
පාට කණ්නාඩි පසෙකලා මේ සැරේවත් නිවැරදිව ඡන්දේ පාවිච්චි කරන්න අපේ රටේ උදවියට නුවණ පහළ වේවායි පතමි.
ගොපල්ලෙක් වීමට කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවේ .
මගේ මනාපය හිස්බුල්ල මහත්මයට. රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා. සංවාදයට!
කරුණාකර මේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු සියලු සුදුසුකම් හා ඔවුනොවුන් සතු දේපල ගැන සවිස්තර පල කරන්න. මෙය මෙරට ඉදිරියේදී පවත්වන සියලුම ඡන්ද වලට ප්‍රථමයෙන් කිරීමෙන් සියලු ලක්වැසියන්ගේ යහපත සැලසෙන බව මාගේ විශ්වාසයයි. ඉල්ලන්නේ පොදු මහජන සේවයටනේ? පොදු වැඩ වලදී පෞද්ගලිකත්වය අවම බව එතකොට තේරුම් ගනීවි.
අලියත් නෑ, අතත් නෑ , සීනුවත් නෑ. ඔක්කොම ප්‍රතික්ෂේප වෙලා..
එකම නම දෙපාරක් තියෙනවනේ 34ද? 35ද?
මුස්ලිම් හෝ ටැමිල් අයට ජනාධිපතිවරණයට ඉල්ලන්න පුලුවන්ද?
පැවිද්දෙක් ජනපති කරමු
කෝ අර නාගානන්ද කියල රටම අනික් පැත්ත හරවන්න වලිකාපු හාදයා? මිනිහා ව්‍යවස්ථාවකුත් හදාගෙන නීතිය බලගන්වන්න ගියෙ මැතිවරණයකට නාම යෝජනා දෙනකොට පිළිපැදිය යුතු නීතියවත් නොදැනද? එකතුකරගත්තු සල්ලි කන්දරාවත් අරගෙන එංගලන්තෙට සැපත් වේවි එයානං.එයාට කඩේ ගිය අහිංසක ජාති හිතෛෂි සෙට් එකට විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කරන්න.
චන්දෙට යන මුළු වියදම අපේක්ෂකයන් ගණනෙන් බෙදල, උන්ගෙන්ම ය කරගන්ඩ....
නාගානන්ද මහත්මයා JVP එක සමග එකතු වෙනවා කියන්නේ මහපක්ෂ දෙකේ හොරු සෙට් එකට සහ කාපු පතේ පහරපු විකල්පේ පාහරයින්ට දුවන්න පාරවල් නැති වෙනවා.
නාගානන්ද මහතා කළ දේ ඇසූ විට මට සිහිවන්නේ එක්තරා සිදුවීමක්. අප ප්‍රදේශයේ කසල ට්රැක්ටරයේ අයට නව වසර සඳහා සුලු පාරිතෝශිකයක් අප ස්වේච්ඡාවෙන් ලබා දෙනවා. පසුගිය වසරක ට්රැක්ටරය පැමිණීමට සුලු වේලාවකට පෙර එක්තරා පිටස්තර පුද්ගලයෙක් ඉතාම වංචනික ලෙස මුදල් එකතු කර ගත්තා. කසල කාර්ය මණ්ඩලයේ අය පැවසුවේ එම පුද්ගලයා ඔවුන්ගේ අයෙක් නොවන බවයි.
ප්‍රධාන දේශපාලන ධාරාවන්ගෙන් හැර මැතිවරණ කාලයට පමණක් කලඑළි බහින අනිකුත් හල්පාරු අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැලැක්වීම සඳහා ඔවුන්ගෙන් රුපියල් කෝටියක ඇපමුදල් ලබාගත යුතු බව මැතිවරණ කොමිසමට යෝජනා කරමි. චන්ද පත්‍රිකාව අනවශ්‍ය ලෙස විශාල වීමෙන් චන්ද දායකය අසීරුවට පත්වන බව මොවුන් දැනගත යුතුය්.
අනේ දෙෂප්ප්රිය මහත්තයෝ : කරුණාකර මේ චන්දෙ ටිකක් කලින් තියන්න බැරිද ? අපිට කනක් ඇහිලා ඉන්න. මේ මල දානේ ඉක්මනට ඉවර වෙනවනම් කොච්චර හොඳද?