
ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අද(16) අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවාය. අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇත.
රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කුවේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලදී ද ඇගේ රංගන කුසලතාව කැපී පෙනිණි.
මෑතකදී අසන්ධිමිත්තා සිනමාපටයට ද ඈ රංගනයෙන් දායක වූවාය.
දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි ගීත ඇගේ අනන්‍යතාව සලකුණු කරයි.
මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද ඇයට හිමිවිය.
බොරැල්ල ජයරත්න මල් ශාලාවේ, ප්‍රභූන් සඳහා වෙන්කෙරුණු ශාලාවේදී හෙට(17) උදෑසන සිට දේහය තැන්පත් කරනු ලැබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාරාවෝ ඉගිලෙති, නෙයිනගේ සූදුව. වේදිකාවේ ඔබගේ හැකියාවන් පෙන්වූ චරිත... නිවන්සුව!!!
ලූෂන් බුලත්සිංහල මගේ හොඳම යහළුවෙක්.. ලූෂන්, මගේ කණගාටුව.
ඔබට නිවන් දුව ලැබේවා..!!!
ශෝකජනක පුවතක්.. ඇයට නිවන් සුව ලැබේවා...!!!
ඉතාමත් දක්ෂ ශිල්පිනියක්.. ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!
ඉතාම කණගාටුදායක ආරංචියක්... එතුමියට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.
කලා ක්ෂේත්‍රයේ සාර්ථක ජීවිතයක් ගතකළ මහත්මියක්.. අපේ බලවත් කණගාටුව...
තාරාවෝ ඉගිලෙති සහ මධුර ජවනිකා යන නාට්‍යන් දෙකෙන් පමණයි මට මෙතුමියගේ දක්ෂ රංග පෞරුෂය දැකගන්නට ලැබුනේ. ඉතිරි නාට්‍යයන් දැකබලා ගැනීමට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ සත්‍ය සිදුවීමක් අප ඉදිරියේ සිදුවන්නාක් මෙන් අපව ඇද - බැඳ තබන්නට තරම් දක්ෂ ඒ රංගන ශිල්පිනිය අප අතහැර ගොසින්. රතු හැට්ටකාරියේ ...අනුලා බුලත්සිංහල මැතිණියනි, ඔබතුමියට උතුම් වූ නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. බුදුන් දැක නිවන් දකින්නට කලින් යලිත් වතාවක්වත් මේ රටේම ඉපදී මේ ආත්මයේ වගේම නාට්‍ය කලාව පෝෂණය කරන්න උසස් මෙහෙවරක් කරන්න. ඇත්තටම ලාංකීය නාට්‍ය ලෝකය කඳුළු සලයි. "... රඟහල අද ඇත අඩඅඳුරේ...". ඔබතුමියට උතුම් වූ නිවන් සුව ලැබේවා...!!!
ඔබතුමිය මිනිස් භවයක් ලබා යහපත් වෙනත් රටක ඉපදේවා...
ඉතාම කණගාටුදායක පුවතක්. සිංහල වේදිකා නාට්‍යවලට පණ දුන්නු නිළිය සහ ගායිකාව අනුලා බුලත්සිංහල කියලා ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා ඉවරයි. තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා වගේ වේදිකා නාට්‍ය මුලින්ම වේදිකාවේ පෙන්වන කාලේ අපි ඉස්කෝලේ යනවා. වේදිකා නාට්‍ය ඒ කාලේ හරිම ජනප්‍රියයි. ඉස්කොලවලිනුත් සමහර නාට්‍ය බලන්න එක්කන් ගියා. පස්සේ රූපවාහිනිය ආවහම මේ වේදිකා නාට්‍ය ගීත රූපවාහිනියේ පෙන්නුවා දිගටම. අනුලා කියපු වේදිකා ගීත නෙයිනගේ සූදුව, දීකිරි දීකිරි, බුදුන් වඳින මේ දෑතින් වගේ ගීත අදටත් මතකයි. කොච්චර ඇහැව්වත් බැලුවත්, නැවත නැවත අහන්න ආස හිතෙන වේදිකා ගීත... සවභාවයෙන්ම අති දක්ෂ රංගන සහ ගායන කෞශල්‍යයක් පෙන්වපු අමතක නොවෙන කලාකාරිනියක්, අනුලා බුලත්සිංහල. ඇය දිවි රඟ මඬලෙන් සමුගැනීම හරිම ශෝක ජනක පුවතක්. ඇයගේ පවුලේ සැමට මගේ බලවත් ශෝකය...
ඔබ වැනි අග්‍ර ගන්‍යයේ රංගන ශිල්පීන් නැතිව මුලු කලා ක්ෂේත්‍රයම අද පාලුවට ගොස් අැත. අති විශිෂ්ඨ රංගනයෙන් අපව පිනවූ ඔබ සදහටම අප සිත් තුළ ජීවත් වනු අැත. ඔබ වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් අප මව්බිමේ දසදහස් ගණනින් බිහිවේවා! ඔබතුමියට අමා මහ නිවන් සුව පතමි...
උතුම් අය අපෙන් වෙන්ව යනවා. කාලකණ්ණි පහත් හොරු පවතිනවා. උදාහරණය දියවන්නාව...