( නිමන්ති රණසිංහ )
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළේය.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට චෝදනා කළැයි නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මානසික වෛද්‍ය වාර්තා කැදවීමකින් අනතුරුව චෝදනා ගොනු කිරීමටද එහිදී නියෝග කෙරිණි.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)


COMMENTS
කඩේ යන කෙනෙක් නිසා බේරෙයි.
හොඳ වැඩේ... මේ වතාවේ කෙසෙල් ගසකට කොටලා හොට පැටලිලා වගේ...
මම සුදනා, මම සුදනා කියලා කොච්චර බෙරිහන් දුන්නත් ඉස්සාගේ ඔලුවේ තියෙන්නේ මොනවද කියලා දන්නවනේ.. දැන් ඉතින් රන්ජන් එක්කම ඉන්න බැරියැ නේද? ඕකටනේ ඔච්චර දැඟලුවේ... කට නිසානේ මාළුවා නහින්නේ..
අම්මපා ලොකු දෙයක්...!
ඉල්ලන් කෑවේ... මොලේ අමාරු කාරයෙක් ප්‍රවේශමෙන්...!!! නාගානන්ද මහත්මයාගෙන් කනේ පාරක් කෑවේ නිකම් නොවෙයි.
නීතීඥ වෘත්තියෙන් නෙරපා හැරිය යුතු පුද්ගලයෙක්...
ඇති යාන්තං 7 වැනිදා වෙනකං කනක් ඇහිලා ඉන්න පුළුවන්...!
කොට්ටෝරුවාගේ හොට පැටලී ඇත. මාධ්‍ය වලින් සහ දුරකථනයෙන් අනුන්ගේ ඕපාදූප සහ අනුන්ගේ කුණු හොයන්නාවූ සියලු දෙනාටත් හොඳපාඩම්...
හොඳම වැඩේ....
දැන් රණවිරුවන් හිරේ දානවා කියලා කෑගහන්න කෙනෙක් නැද්ද?
කට කලියාවක් දමා කූඩු කළයුතු කරදරකාරී කෙනෙක්ට කළයුතුදේ ඉටුකිරීම මෙන්ම රටේ ජනතාවට ඉටුකළ සාධාරණය වෙනුවෙන් ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය..!!
මට හිතුණා කතාකරන විදිහට ළඟදීම ඉල්ලන් කාවි කියලා...
තව ඉන්නවා සෙට් එකක් ඇතුළට යන්න..
රන්ජන්ටත් මේක තමයි වුණෙත්. ඕනෑවටත් වඩා මාධ්‍ය සංදර්ශන පැවත්වුණොත් මේක තමයි වෙන්නේ. කයිවාරු නවත්තලා සද්භාවයෙන් සහ ක්‍රියාවෙන් වැඩ පෙන්නන්න ඕනේ...
රන්ජන් අධිකරණයට අපහාස කරපු නඩු ටිකත් අහගෙන ගියා නම් මේ එක්කම... රන්ජන් බළල් අතක් බව ඕනේ කෙනෙකුට පේනවා. රටේ ගෞරවය නැතිම කරලා දැම්මා...
වැහැලා පෑව්වා වගේ...
හිරේදීවත් ටිකක් කල්පනා කෙරුවොත් හොඳයි.. මොලේ ලොකුවටත් කට පොඩිවටත් උප්පත්තියෙන්ම පිහිටලා තියෙන්නේ මොකද කියලා. නැතහොත් දෙයියෝ මවලා තියෙන්නේ මොකද කියලා...!!!
කුඩු ව්‍යාපාරිකයන් වෙනුවෙන් කතාකරන අනිත් ගිහි පැවිදි අයවත් ගන්න ඕනෑ.
ඕවා බොරු සොබන...
අංගොඩ පැටවිය යුතුයි..
සමස්ත නීතිවේදින්ටම මේ මනුස්සයා හානියක් කරේ... තමන්ගේ තරම නොදන්නා කෙනෙක්.. හිතාගෙන ඉන්නේ අධිකරණය මේ මනුස්සයා කියන විදියට වැඩ කරන්න ඕනේ කියලා...
එක සැරයක් උපවාසයක් කරන්න පටන් අරගෙන දරුවා විභාගයට එක්ක යන්න කෙනෙක් නෑ කියලා උපවාසේ අතඇරලා ගෙදර ගියා...
අවුරුදු ගණන් උසාවිවල නඩු අහන එක වැඩක් නෑ.. මෙයාට දුන්නා නම් තීන්දුව දෙයි.. උසාවියේ උගත් විනිසුරුවන් දුන්නු තීන්දුවලට අභියෝග කරන අනුවණ කෙනෙක්..
මේ ප්‍රතිචාර දාන අයගේ හැටි තේරුම් ගැනීම රටට ආදරය කරන ජනතාවට නම් පැහැදිලියි.
නියම තැන හිමි වුනේ... දැන් තමයි කුඩු කාරයන් වෙනුවෙන් පුදුම කඩේ යෑමක් තමයි... ගියේ පහුගිය කාලේ පුරාවටම කවුද දන්නේ නැහැ. ඕකට නිතිඥකමක් දුන්නේ. ලංකාවේ විභාගයක් සමත්වෙලා ගත්ත එකක් නම් වෙන්න බැහැ. ඒ තරම් මොඩයෙක්...