IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අංගොඩ ලොක්කාගේ ඇගිලි සළකුණු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදෙයි

(ඉන්දිකා රාමනායක)

ඉන්දියාවේ මධුරේ ප්‍රදේශයේ දී මියගිය බව කියන   සංවිධානාත්මක අපරාධකරුවකු වන  ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සම්බන්ධ ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා එම පරීක්ෂණයට අවශ්‍ය ඇගිලි සළකුණු ඇතුලු ඩී.එන්.ඒ සාම්පල් මෙරට  ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට  බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

අංගොඩ ලොක්කා මියගිය බවට වාර්තා පළවුන ද  ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින්    තහවුරු කරගෙන නොමැති  බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන්  ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ අධීක්ෂණය යටතේ  පරීක්ෂණ පැවැත්වෙන බවත් ,  ඩී.එන්.ඒ  සාම්පල් තහවුරු වීමෙන් පසුව ඔහු මියගිය බවට නිල වශයෙන් තහවුරු කරගත හැකි  බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එම  ඩී.එන්.ඒ වාර්තා ලංකාවට  කඩිනමින් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටක් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා මේ බව පැවසුවේ අද (10) පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ආර් ප්‍රදීප්  සිං නැමැති ව්‍යාජ නමකින්  ඉන්දියාවේ  ජීවත්ව සිටින අංගොඩ ලොක්කා නැමැත්තා  හදිසි  අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් ජුලි මස 03 දින  කොලොම්තූර් රෝහලට ඇතුළත් කර සිටියදී   මියගොස් ඇති බවත් , ඔහුගේ මළ සිරුර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර  රෝහලින් මුදාගෙන ගොස් අදාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්   ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුලු තිදෙනකු  ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවත්    ඉන්දීය  මාධ්‍ය පසුගියදා  වාර්තා කර තිබිණි.

 

 

 

 

 

 



අදහස් (1)

අංගොඩ ලොක්කාගේ ඇගිලි සළකුණු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදෙයි

janahitha Tuesday, 11 August 2020 03:42 AM

මැරෙනකන් ඕක හංගාගෙන හිටියේ දැන්ද ඕක දෙන්නේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2108 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site