IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දළයි ලාමා බිහිවෙයි

13 වැනි දළයි ලාමා හිමියෝ අපවත් වූහ. නව අධ්‍යාත්මික නායකයකු සොයා ගත යුතුය. ඒ සඳහා පුනරුප්පත්තිය ලද දළයි ලාමා හිමිවරයකු සොයා යාමේ ගමන ඇරඹිණි.


1391 දී උපත ලද ක්‍රිස්තියානි යුගයේ ටිබෙටයේ ජීවත් වූ දළයි ලාමා හිමියකු පිළිබඳ තොරතුරු ලැබුණි. පළමුව ඔහු පිළිබඳව තොරතුරු සොයා බලා නිවැරදි දළයි ලාමා හිමියකු සොයා ගන්නාතෙක් අන්තර් පාලන ජාතික කමිටුවක් පත් කෙරුණි. රට පාලනය වූයේ එම කමිටුව මගිනි. ටිබෙට් සම්ප්‍රදායට අනුව අනාගත වක්තෘවරු හා ශාස්ත්‍රඥයන් දළයි ලාමා හිමිවරයකුගේ පුනරුත්පත්තිය සොයායති. ඔහු සොයා එකී තැනැත්තා හා පරිණතභාවයට පත්වනතුරු රට පාලනය කරනු ලබන්නේ අන්තර්වාර පාලන කමිටුව මගිනි. ලාසාහි වයඹ දිග ප්‍රදේශයෙන් කුතුහලය දනවන ආරංචියක් ලැබෙන්නේ මේ අතර වාරයේය.


දලයි ලාමා හිමියන් මිය යාමෙන් පසු ලාසා අගනුවරදී දකුණු දිසාවට මුහුණලා තැන්පත් කළේය. නමුත් දින කිහිපයකට පසුව මුහුණු නැගෙනහිර දිශාවට හැරී තිබෙනු දක්නට ලැබුණි. මෘත ශරීරය තැන්පත් කළ ලී මංජුසාව වයඹ දිග දිශානුගතව තිබුණි. හදිසියේ අහස්තරුවක් දිස්විය. මේ සියලු මංසලකුණු මගින් නව දළයි ලාමා හිමියන් වෙසෙන දිශාව ඉඟි කෙරිණි. 1935 වසර ටිබෙටයේ හඳුන්වනු ලබන්නේ වුඩිහොග් වසර යනුවෙනි. ලාෂා අගනුවර සිට වයඹ දෙසින් සැතපුම් 90ක් පමණ ඇති ලාමියෝ ලට්සෝ යන පූජනීය ස්ථානය වැඳ පුදා ගැනීමට මිනිස්සු යති, එය ශුද්ධවූ විලකි. එවැනි ශුද්ධ වූ විල් රැසක් ටිබෙටය පුරා ඇත. එහි යන බොහෝ අය එම විල අසල දින කිහිපයක් ගත කරති. සමහරු භාවනා කරති. එහිදී ආ, කා, මා යන ටිබෙට් අකුරු තුන උච්චාරණය කරමින් සිටිති. එය මන්ත්‍රයක් මෙන් කියති. එහෙත් මීළඟ දලයි ලාමා හිමියන් බවට පත්වන්නේ කවරෙක්ද යන ඉඟියක් පවා නොලැබ වසරක් ගෙවී ගියේය.


ඊළඟ වසරේ උසස් ලාමා වරයෙක් ඒ ආරංචිය අප වෙත රැගෙන ආයේය. නැගෙනහිරට ගිය ප්‍රඥාවන්තයෝ අපේ පළාතට පැමිණියහ. “කුමිබුමි” පිරිවෙනේ රන් පැහැති වහල ඔව්හු නිරීක්‍ෂණය කළහ. ඒ අසල වූ නිවෙසක් ඔවුන්ගේ විමසුම් ඇසට හසුවිය. කණ්ඩායම් නායකයා එම නිවෙසේ සිටි අයගෙන් විමසා සිටියේ නිවෙසේ දරුවන් සිටින්නේද යන්නය. එවිට ඔවුන් කියා සිටියේ පිරිමි දරුවකු සිටින බවත් ඔහුගේ වයස අවුරුදු දෙකක් පමණ වන බවත්ය. 


මෙම ආරංචිය කන වැකුණු කණ්ඩායමේ සාමාජිකයෝ දෙදෙනෙක් ගේ තුළට ගමන් කළහ. ඔවුනට මග පෙන්වන්නට පිරිවෙනේ සේවකයන් දෙදෙනෙක් හා නිලධාරින් දෙදෙනෙක්ද ගමන් කළහ. ලෝසං ස්ටැන්ග් නායකයා බව රඟ දැක්වීය. එහෙත් හැබෑ නායකයා වූයේ ලාමා කෙස්සැන්ග්ය. රින්පෝචිය. ඔහු රසරා පිරිවෙනේ අයෙකි. ඔහු ඇඳ සිටියේ කඩමලුය. ඔහු සේවකයකු ලෙස රඟපෑවේය. නිවෙසේ ගේට්ටුව අසලදී මගේ මාපියන් ඔවුනට මුණ ගැසුණි. එහි නායකයා ලෝසං යැයි සිතා නිවෙසට එන්න යැයි ඔහුට ආරාධනා කළේය. ලාමා සහ අනෙක් අයට සේවකයන්ට මෙන් සැලකීය. ඔවුන්ට සේවකයන් සඳහා වූ නිවෙසට යන ලෙස දැන්වීය. එහිදී පවුලේ කුඩා දරුවා ඔවුනට හමුවිය. කුඩා දරුවා වහා ලාමා හඳුනාගෙන ඔහුගේ උකුළේ ඉඳගැනීමට උත්සාහ කළේය. 13 වන දලයි ලාමා හිමියන් පැළඳි මාලයක් මේ දරුවා දැක එය තමාට දෙන ලෙස ඉල්ලා සිටියේය. ලාමාවරයා එයට එකඟ විය. එහෙත් ලබා දීමට ඒක කාට අයත් එකක්දැයි කිව යුතු යැයි පවසන්නැයි ලාමා ඉල්ලා සිටියේය. එවිට කුඩා දරුවා ප්‍රාදේශීය උපභාෂාවෙන් සෙරාසාය යැයි කීය. එහි අරුත වන්නේ සෙරාහි ලාමාට අයත් යන්නය. ඉනික්බිතිව කණ්ඩායමේ නායකයා කවුදැයි ලාමා වරයා කවුදැයි ළමයාගෙන් ඇසීය. එවිට ඔහු නියම සේවකයා මෙන්ම නියම ලාමාවරයා පෙන්වා දුන්නේය.

 


ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායකයා දළයිලාමා හිමියන්ය. එතුමාගේ 80 වැනි ජන්ම දිනය පසුගියදා සැමරුණි. එහිදී ඵහ ඛ්බා ්බා ඵහ ඡැදචකැ (මගේ දේශය සහ මගේ ජනතාව) යන මැයෙන් කෘතියක් පළවිය.


කොමියුනිස්ට් ඔත්තුකරුවන් තමා පසු පස ලුහුබැඳි ආකාරයත් ඉන් තම ජීවිතයට වූ තර්ජනය ඒ හිමියෝ විවරණය කරති. ආධ්‍යාත්මික නායකයකුට මෙතරම් මරණීය තර්ජන සිදුවූයේ ඇයි? ඉන් දිවි ගලවා ලෝක ශාසනික සේවයට කැපවූ ඒ හිමියන්ගේ ස්වයං චරිතාපදානය හද කකියවන්නකි. එසේම ලොව සිටින ඔත්තුකරුවන්ගේ ස්වභාවය ලොවට හඬගා කියන්නකි. මේ හෙළ බසින් හැඩ ගැන්වී ඔබ ඉදිරියේ දිග හැරී යන්නේ ඒකී වේදනාත්මක සිදුවීම් මාලාවයි.



ලාමා මුළු දවසට ඔහු සමඟ ඉතා සතුටින් ගත කළේය. ළමයා නින්දට යන තුරුම ඔහුගේ හැසිරීම ලාමා වරයාගේ විමසුම් ඇසට යොමු විය. මුළු කණ්ඩායම රැය ගත කළේ ඒ ගෙදරය. පසුදින කණ්ඩායම එම නිවෙසින් නික්ම යාමට සැරසෙන විට ළමයා සිය යහනින් නැගිට තමන්ද එම කණ්ඩායම සමඟ පැමිණෙන බව කීය.


“මම තමයි ඒ ළමයා”


එතෙක් මගේ පියා හෝ මව සැබෑ කාර්යය කුමක්දැයි දැන සිටියේ නැත. ඔවුන් සතුටට පත් කාරණය මව සහ පියා නොදනී දින කිහිපයකට පසු ජ්‍යෙෂ්ඨ ලාමාවරු සහ උසස් නිලධාරීහු සියල්ල අපගේ නිවෙසට ළඟාවූහ. මෙවැනි ප්‍රභූ පිරිසක් දැකීමෙන් මව සහ පියා විශ්මිත වූහ. ටිබෙටයේ ලාමාවරයකුගේ පුනරුප්පත්තිය මා බව මගේ පියාට සහ මවට වටහා ගැනීමට වැඩි කාලයක් ගත වූයේ නැත. මගේ අයියා ඒ වන විටත් එය ඔප්පු කර තිබුණි කුම්බුටි පිරිවෙනේ ලාමාවරයකු ඒ වන විටද අපවත්වී තිබුණි. එනිසා මේ අමුත්තන් සොයන්නේ එම ලාමාවරයාගේ පුනරුත්පත්තිය බවයි. එහෙත් එය එසේ නොවේ මම දලයි ලාමාගේ පුනරුත්පත්තියයි. 


පුනරුත්පත්තිය ලැබූ කුඩා දරුවන්ට ඔවුන් ගිය ආත්මයේ පරිහරණය කළ දේ හඳුනා ගැනීම පහසුය. සමහරෙක් තමා මෙතෙක් නූගත් ගාථා කියති. සූත්‍ර කියති. මන්ත්‍ර කියති. ඒ අනුව ඔහුගේ පුනරුත්පත්තිය පිළිබඳ අදහසක් ලැබූ ගීත ද කීය. මුල් කණ්ඩායම පැමිණ ඇත්තේ තවදුරටත් පරීක්‍ෂණයක් පැවැත්වීමටය. එක් අයකු ළඟ 13 වන දළයි ලාමා හිමියන් සතු දේ විය. ඔවුන් පෙන්වූ පරිභෝග වස්තු පිළිබඳව කිසිවකු නොදත් දේ කීමට හැකි විය. මාලය ගෙල පළඳන්නට කීවෙමි. ඔවුහූ මට බෙර දෙකක් පෙන්වූහ. එකක් කුඩාය. අනෙක ලොකුය. කුඩා බෙරය දළයි ලාමා හිමියන් භාවිත කළේ අන්‍යයන් කැඳවීමට ය. විශාල බෙරය අලංකාරයමය.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 

 


නීතිඥ රුවන් හරිස්චන්ද්‍ර



අදහස් (0)

දළයි ලාමා බිහිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site