අතීතයේ මහා අධිරාජ්‍යයක් බවට පත්ව සිටිය ද ඒ අතීතයේ පැවති විරාජමාන ගති ලක්ෂණ වර්තමාන ග්‍රීසිය තුළ නැති තරම් ය. සහශ්‍රකය අවසානයේ ග්‍රීසිය මුහුණපෑ ආර්ථික පසුගාමීත්වය එරට තව තවත් පහළට ඇද දමන්නට විය. ග්‍රීසිය දෙසට වැඩි අවධානයක් යොමුවන්නට වූයේ ඉකුත්දා පැවති එරට මහ මැතිවරණයෙන් නව අගමැතිවරයෙකු තේරී පත්වීමත් සමඟය. අද දියත වෙන් වන්නේ ලබන මාර්තුවේ දී සිය ධුරයේ දිවුරුම් දීමට නියමිත කැටලිනා සකලාරපුලූ වෙනුවෙනි.


මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ද ප්ලේටෝ, ඇරිස්ටෝටල් නම් ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයින් ද නූතන ධනපතියකු වූ ඔනාසීස් ගේ උපන් බිම වූ ග්‍රීසිය නම් රාජ්‍යය ඈත අතීතයේ සිටම ප්‍රචලිත වූයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ලෝකයට දායාද කිරීමෙනි.


ප්‍රංශයේ දී ඉගෙනුම ලබා ඇති නව ජනාධිපතිනි කැටලිනා වැඩි ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන සිටිනුයේ ව්‍යවස්ථා මෙන්ම පරිසර නීති විශාරදවරියක් ලෙසනි. එමෙන්ම එරට රාජ්‍ය කවුන්සිලයේ සභාපතිනිය ලෙසින් ද ඇය කටයුතු කර තිබේ. ඒ එවන් උසස් තනතුරකට පත්වූ පළමු ග්‍රීක කාන්තාව බවට පත්වෙමිනි.


බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිනිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය සහ බල්ගේරියාව ද නැගෙනහිරට තුර්කිය ද වශයෙනි. ඒජියන් මුහුද ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද ලෝනියන් මුහුද බස්නාහිරට ද සහ මධ්‍යධරණී මුහුද දකුණු දිශාවට ද පිහිටා තිබේ. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග සැතපුම් 9246 කි. මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රීට්, ඩොඩකැනිස්, සයික්ලඩස් යනාදී දූපත් ද වෙයි. ග්‍රීසියේ භූමි භාගයෙන් සියයට 80ක් ම සමන්විත වනුයේ අඩි 9570.21 උසින් යුත් ඔලිම්පස් කන්දය. 


පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භක ස්ථානය ලෙසය. නිදසුනක් දැක්වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි. එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම, ඛේදවාචක හා ප්‍රහසන ද ඇතුළු බටහිර දෘෂ්‍ය කාව්‍යයේ උපත සිදුවන්නේ ද එරටිනි. 
මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහළ ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය, 1981 වසරේ  පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් යුරෝපා සංගමයේ සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි ‘ආර්ථික හා මුල්‍ය සංගමයේ’ සාමාජිකත්වය 2001 වසරේ සිට උසුලනු ලැබේ. 1952 වසරේ සිට නේටෝ සංවිධානයේ ද 2005 වසරේ සිට යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ද සාමාජික රටක්ව සිටින ග්‍රීසිය තවත් ඉතිහාසගත වනුයේ කැටලිනා සකලාරපුලූ නිසාවෙනි.


එරට ඉකුත් පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව ඇය එරට මීළඟ ජනාධිපති ලෙස තෝරාගන්නා ලදී. ඒ ඉදිරි වසර පහක කාලය සඳහාය. හැටතුන් හැවිරිදි වියේ පසුවන නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සර්වේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහාය ද ඇයට හිමි විය. එහිදී ඇයට සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් 261 දෙනෙකුගේ ඡන්දය හිමිවීම විශේෂත්වයකි. ඡන්දයෙන් අනතුරුව පාර්ලිමේන්තුව ඇමතූ අගමැති මිට්සොටාකස් අවධාරණය කළේ නව ජනාධිපතිවරියගේ පත්වීම ග්‍රීසියට නැවුම් යුගයක් උදාකරන බවය.


කථා ව්‍යවහාරයෙන් ග්‍රීසියේ ජනාධිපතිවරයා එරට රාජ්‍ය නායකයා වෙයි. ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ එරට පාර්ලිමේන්තුව විසින් වන අතර, 1986 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් අනතුරුව. ජනාධිපතිගේ භූමිකාව බොහෝ ලෙසින් චාරිත්‍රානුකූල වේ. 1975 දී ග්‍රීසියේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව විසින් විධිමත් ලෙසින් මෙම නිල ධුරය සංස්ථාපනය කළ මුත්, 1924 - 35 අතර පැවති දෙවන එරට රජය සහ 1973 - 74 අතරතුර ග්‍රීක හමුදාමය ජුන්ටාව විසින් පාලනය කෙරුණු රජය තුළ එහි පූර්වාංගයන් පැවතිණි. 2005 වසරෙහි සිට නව ජනාධිපති කැටලිනා තේරී පත්වන තුරුම එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ කරලෝස් පපූලිස් විසිනි.


ග්‍රීසියේ දේශපාලන ඉතිහාසය අලුත් කරමින් එරට පළමු ජනාධිපතිවරිය පසුගියදා තේරී පත්වුණි. නව ජනපතිනිය ලබන මාර්තු මාසයේ දී සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. ප්‍රංශයේ දී ඉගෙනුම ලබා ඇති නව ජනාධිපතිනි කැටලිනා වැඩි ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන සිටින්නේ, ව්‍යවස්ථා මෙන්ම පරිසර නීති විශාරදවරියක් ලෙසයි. එමෙන්ම එරට රාජ්‍ය කවුන්සිලයේ සභාපතිනිය ලෙසින් ද ඇය කටයුතු කර තිබේ.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි