(හර්ෂණ තුෂාර සිල්වා)
රටේ යහපත වෙනුවෙන් තමන් ඕනෑම අයකු සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා අද (25) ප‍්‍රකාශ කළේය.
තම ට්විටර් ගිණුම ඔස්සේ ප‍්‍රශ්නෝත්තර වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම තම නිල ට්විටර් ගිණුම ඔස්සේ ප‍්‍රශ්නෝත්තර වැඩසටහන්වලට එක්විය. මෙම අවස්ථාවේදී ද ට්විටර් සමාජ ජාල ගිණුම් භාවිත කරන්නන්ගේ ප‍්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේය.
එහිදී හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කිහිපයකට ලබාදුන් පිළිතුරු මෙසේය.
වර්තමානයේ රටේ තිබෙන ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ඔබ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් ද?
රටේ යහපත වෙනුවෙන් ඕනෑම කෙනෙක් සමඟ සාකච්ඡා කරන්න මා සූදානම්.
ඔබේ ආණ්ඩුවේ සිටි මන්තී‍්‍රවරුන්ට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා ප‍්‍රතික්ෂේප කරනවාද? ඔවුන් සියලූ දෙනා එම චෝදනාවලින් නිදහස් යැයි ඔබ විශ්වාස කරනවාද?
පරීක්ෂණවල දේශපාලන අරමුණ සැඟවී තිබෙනවා. ඕනෑම කෙනෙකුට පරීක්ෂණ පවත්වන්න පුළුවන්. මේ ආණ්ඩුවටත් දරුණු දූෂණ චෝදනා තිබෙන බව ඔබ දන්නවා යැයි මා විශ්වාස කරනවා.
ඩෙංගු වසංගතයෙන් මිදීම සඳහා ඔබ වත්මන් ආණ්ඩුව සමඟ කරුණු සහ අත්දැකීම් බෙදා හදාගෙන තිබෙනවාද?
මේ ආණ්ඩුවට දැනුම සහ අත්දැකීම් තිබෙනවා. එහෙත් මේ ආණ්ඩුවට පරිපාලන කුසලතා නැති බව පෙනී යනවා.
මෑතකාලීනව ශ්‍රී ලංකාවට බටහිර රටවල බලපෑම සහ මැදිහත්වීම වැඩි වී තිබෙනවා නේද ?
වත්මන් ආණ්ඩුව බටහිර පාර්ශවයන්ගේ න්‍යාය පත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමේ යෙදී සිටියදී අලූතෙන් මැදිහත්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
කොළඹ වරාය නගරයේ ගුවන් තොටුපොළක් ඉදි කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ සම්බන්ධ කරමින් අධිවේගී මාර්ගයක් ඉදි කිරීමෙන් අනතුරුව ඔය එය දකින්නේ කෙසේ ද ?
රටේ කරන සෑම සංවර්ධන කටයුත්තක්ම සමස්ත සැලැසුමක කොටසක් විය යුතුයි. එහෙම නැතිව හිටි හැටියේ කරන සංවර්ධන ව්‍යාපෘතිවලින් පලක් නැහැ.
ඔබ කොපමණ අවස්ථාවක් මත්තල ගුවන් තොටුපොළට ගිහින් තියෙනවද? එය හොඳ ආයෝජනයක් ද ?
ඔව්, එය හොඳ ආයෝජනයක් බව මම විශ්වාස කරනවා. වත්මන් අගමැතිවරයා පවා දෙවැනි ගුවන් තොටුපොළක අවශ්‍යතාව මතු කර තිබෙනවා.
මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් ඔබේ දීර්ඝ කාලීන සැලැසුම් කුමක් වීද ? මිහින් ලංකා ගුවන් සේවය ආරම්භ කිරීම සහ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය නැවත පවරා ගැනීම එහි කොටසක්ද ?
අගමැතිවරයා පවා දෙවැනි ගුවන් තොටුපොළක අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව ගුවන් කේන්ද්‍රස්ථානයක් කිරීමේ පැහැදිලි අරමුණක් සහ සැලැස්මක් අප සතුව තිබුණා.
කසළ කළමනාකරණය කඩිනමින් කළ නොහැකි ද? ඔබේ ආණ්ඩුව යටතේ ඒ සඳහා සැලැසුම් තිබුණා ද ?
කොළඹ මහනගර සභාවේ කසළ එකතුවීමේ ගැටලූව නවතා දැමීමට අපට හැකියාව ලැබුණා. එම කාලයේදී කොළඹ ආසියාවේ පිරිසුදුම නගරවලින් එකක්. එම දීර්ඝකාලීන වැඩපිළිවෙළ 2017 වසරේදී අවසාන වීමට නියමිතව තිබුණා.
2011 ලෝක කුසලාන අවසාන මහ තරගයේදී ඉන්දියාවේ හමුවේ ලද පරාජය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස ?
එය තීරණය කළ යුත්තේ කි‍්‍රකට් පරිපාලනයයි.
පාර්ලිමේන්තු සැසිවාරවලට මීට වඩා සහභාගි විය යුතු බව විශ්වාස කරන්නේ නැද්ද ?
මම අවශ්‍ය සෑම අවස්ථාවකදීම එහි සිටියා.
අධ්‍යාපනයට තිබෙන පරිවර්තනයක් කිරීමේ බලය තුළින් දැනුවත් සමාජයක් ගොඩනැගිය හැකියි. අධ්‍යාපන පද්ධතියේ වෙනස්කම් කළ යුතු නැද්ද ?
ජාතික අවශ්‍යතා සපුරන පරිදි කලින් කලට අධ්‍යාපන පද්ධතියේ ප‍්‍රතිසංස්කරණ කළ යුතුයි.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක් ද ?
සයිටම් ආයතනයත් අනෙක් ආයතන මෙන් රටේ නීති හා කොන්දේසිවලට යටත් වෙනවා. රජය කළ යුත්තේ ආයතනයේ ගිවිසුම් ප‍්‍රකාරව රෙගුලාසි හා කොන්දේසි ඉටු කිරීමට කටයුතු සැලැස්වීමයි.
එක්තරා අමාත්‍යවරයෙක් කී පරිදි ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වීමෙන් සයිටම් අර්බුදය විසඳිය හැකි ද ?
වෙනත් රටවලින් වෛද්‍යවරුන් ආනයනය කිරීමෙන් සයිටම් අර්බුදය විසඳෙන්නේ නැහැ.
සයිටම් ව්‍යාපෘතියට අනුමැතිය දෙනවිට ඔබේ මූලික සැලැස්ම වූයේ කුමක් ද ? වෛද්‍ය සභාව එහි ගුණාත්මකභාවය පිළිබඳව බැලූවද ?
සයිටම් ආයතනයට මුල් අවස්ථාවේදී අනුමැතිය දුන්නේ වෛද්‍ය තාක්ෂණවේදීන් බිහි කිරීමටයි.
උද්ඝෝෂණ කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තිබෙනවා. එහෙත් ආණ්ඩුවේ අවධානය දිනාගැනීමට ජනතාව ඇපයට තැබීම අනුමත කළ හැකි ද?
නිවැරදි අවස්ථාවේදී විසඳුම් නොදීමට ආණ්ඩුව අසමත් වූ නිසා තමයි මේ තරමට ප‍්‍රශ්න දිග්ගැස්සුණේ.
ඇතැම් අමාත්‍යවරුන් උතුරේ කරන වන විනාශය සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද ?
පරිසරය ආරක්ෂා කිරීම අපේ ආණ්ඩුවේ ප‍්‍රමුඛතම කරුණක් වුණා. පරිසරය ආරක්ෂා කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීමක්.
පසුගිය දින කිහිපයේදී මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද ? ආණ්ඩුව ඊට සෘජුව හෝ වක‍්‍රාකාරව සම්බන්ධ ද?
මේ දිනවල සිදුවන වෙඩි තැබීම්, කඩාකප්පල්කාරී කි‍්‍රයා පහරදීම් ආදී සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත් නොවී සිටීමට හැකියාවක් නැහැ.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත්වෙනවාද ?
බැඳුම්කර කොමිසමේ කි‍්‍රයාකලාපය ඉන් හෙළිදරවු වන කරුණු සම්බන්ධයෙන් අපි අවධානයෙන් සිටිනවා.
ඛනිජ තෙල් ගැටලූව විසඳීම සඳහා හමුදාව යෙදවීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද ?
ජාතික ගැටලූවක් පදනම් කරගත් මෙම වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම වෙනුවට හමුදාව යෙදවීම අනුමත කරන්න බැහැ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අනෙකුත් වෘත්තීය සමිති ඔබ සමඟ ශක්තිමත් සබඳතා පවත්වන බවටත්, ඒවා ඔබේ පාලනයට නතු බවටත් පැවසෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස ?
මේවා කි‍්‍රයාකාරීන්ගේ හඬ දිය කිරීමට කරන කතා.
ජනමත විමසුමක් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයකට නොයන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිරන්තරයෙන් ප‍්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස ?
ජනවරම දිනාගනිද්දි දුන් පොරොන්දු ඉටු කිරීමට නායකත්වය බැඳී සිටිනවා. එහෙත් දැන් පොරොන්දු ඉටු නොකරන ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා.
ඔබගේ නායකත්වය යටතේ පත්වන ආණ්ඩුවකින් උමා ඔය ගැටලූවට දෙන විසඳුම මොකක්ද ?
තාක්ෂණික ගැටලූවලට විසඳුම් සොයමින් ඒවා විසඳමින් සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යා යුතුයි. එහෙම නැතිව රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති හිතුමතේ නවතා නොදැමිය යුතුයි.
බොහෝ ප‍්‍රශ්නවලට විසඳුම් සපයන උතුරු සංවර්ධනය සඳහා ඔබ සතුව ආර්ථික වැඩසටහනක් තිබුණද ?
උතුරට පමණක් නෙමෙයි, සමස්ත රටටම සංවර්ධන වැඩසටහනක් තිබුණා. එහි ප‍්‍රතිඵල පෙනෙන්නට තිබුණා. ආර්ථික දර්ශකවලින් ඒ බව පෙන්නුම් කළා.
යුද්ධය නිසා රට හැර ගිය පිරිසට ඔබ කොහොමද සහාය දක්වන්නේ. දෙමළ ඩයස්පෝරාවට මෙරට ආයෝජන කිරීමට අවස්ථාවක් දෙන්නේ නැද්ද ?
ශ්‍රී ලංකාව තුළ සැබෑ අරමුණින් ආයෝජනය කරන්න ඕනෑම කෙනෙක් අපි පිළිගන්නවා.
මැතිවරණ තවදුරටත් කල් ගියහොත් ඔබ ගන්නා කි‍්‍රයාමාර්ගය මොකක්ද ?
අපි සෑම විටම මැතිවරණ කෙරෙහි විශ්වාසය තබනවා. මැතිවරණ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අත්‍යාවශය මැතිවරණ නැවත ලබාගැනීම සඳහා ජනතාව සමඟ දිගින් දිගටම සටන් කරනවා.
ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද ?
වෙළෙඳ ගිවිසුම් සහ සාකච්ඡා ජාතික ප‍්‍රතිපත්තිවලට අනුකූල විය යුතුයි. මේ ආණ්ඩුව එම ගිවිසුම අත්සන් කරන්න දක්වන ඉක්මන කනගාටුවට කරුණක්.
ශ්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දීයාවේ අවධානය යොමු කිරීම පිළිබඳ ඔබේ අදහස ?
අපි කිසිදු රටකට විශේෂ සැලකිල්ලක් හෝ ඇල්මක් දැක්වූයේ නැහැ. අපි ඉන්දියාවෙන් සහ චීනයෙන් ලැබුණු ආයෝජන සියල්ල පිළිගත්තා.
ඔබ නැවත බලයට පත්වුවහොත් හම්බන්තොට වරාය ගිවිසුම වෙනස් කරනවද?
ඔව්, රටේ යහපත වෙනුවෙන් එය කළ යුතුයි.
කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද ?
අපට ලැබෙන තොරතුරුවලට අනුව, පසුගිය වරට වඩා මෙවර කොන්දේසි දරුණුයි. වත්කම් විකිණීම නොව අපි විශ්වාසය තබන්නේ අන්‍යොන්‍ය සබඳතා කෙරෙහි බව කිව යුතුයි.
බදු දීම අනුමත කරනවා කියා එයින් අදහස් වෙනවාද ?
සම්පූර්ණ වරායම බදු දීමට අපි කිසිසේත් එකඟ වුණේ නැහැ. අවශ්‍ය නම් හිතකර කොන්දේසි මත වරායේ කොටස් බදු දිය හැකියි.
මීළඟ ජනාධිපතිවරණයේදී ඔබේ පවුලේ කෙනෙක් ඉදිරිපත් වනු ඇති බවට කතාවක් තිබෙනවා. ඒ කියන්නේ ඔබේ පක්ෂයේ වෙන කෙනෙක්ට අවස්ථාවක් නැද්ද ?
එවැනි කිසිදු තීරණයක් ගෙන නැහැ. ජනතාව නියෝජනය කරන්නේ හෝ නායකත්වය දෙන්නේ කවුදැයි ජනතාව විසින්ම තීරණය කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් ඔහුට සහයෝගය දෙනවා ද ?
ජනතාවට සුදුසු නිවැරැදි නායකත්වයකට අපි සහයෝගය දක්වනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි හිතනවා මේ රජය අසාර්ථක රජයක් කියලා. කන්න, බොන්න නිදහසේ ඉන්න විදිහක් නැහැ. හැමතැනම ස්ට්‍රයික්. කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැහැ . වැඩක් නොකර පාලනය විතරක් හිතන එක දූරදර්ශී පාලනයකට නොගැලපෙන දෙයක්. මේක තේරුම් අරන් මැතිවරණයකට ගිහින් විකල්ප යෝජනා සමග අලුත් පාලනයකට එන්න.... එක්සත් ජාතික පක්ෂය හෝ මහින්ද මැතිතුමා හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ පාලනය ගන්න. නමුත් දැන් රට අාගාදයකට යන නිසා හැකි ඉක්මනින් වෙනසක් කරන්න බලන්න. තෙරුවන් සරණයි
ඔක්කොම අවුලලා හිතින් සතුටු වෙන නායකයෝ තමයි. දැන් සාකච්ඡා කරන්න එන්න හදන්නේ...
ප්රශ්නවලට කෙලින් මුහුණ දීම හොඳ ගතියක්.
ඔලුව යට තියාගෙන කව්රු කොහොම මොනවා කීවත් පවතින රජයට තව කල් තිබෙනවා පාලනය කිරීමට ... ඊට පෙර්ස් කව්රුන් හෝ බලෙන් ආණ්ඩු පෙරලන්න හදනවානම් ඔවුන් රජද්රෝහියෝ වශයෙන් සලකා සිරගත කල යුතුයි
අනේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා , ඔබතුමා තමන්ගෙ වැඩක් බලාගන්න. ඔබතුමා ඔය විදියට ඉන්නෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන නිසා
මෛත්‍රී සමඟ සාකච්ඡා කරන්න.
ඊලඟ ජනාධිපති වෙන්න ඕනෙත් මෛත්‍රි මහත්මයාම තමයි.. එයාටත් දෙවැනි සැරේ ඉල්ලන පුලුවන්නේ ..
හොඳටම බයවෙලා නේද දඟලන්නේ, රටේ ප්‍රශ්න නෙවෙයි නීතිය ක්‍රියාත්මක වෙනකොට එල්ලෙන්න ගස් හොයන්වා.1994, 2015 වෙනකම් යුද්ධයයි, කාපට් දාපු එකයි විතරයි කළේ. නැවත ආවත් නවත්තපු තැන ඉඳලා නැවත හොරකම් කරමින් රට ණය කරනවා. දැන් සැප වින්දා ඇති ගෙදරට වෙලා ඉන්න. කවුරු නැතුවත් ජනතාව එදාවේල කාලා ටික ටික රට හදයි.
මෙතුමාගෙන් අහපු ප්‍රශ්න සහ උත්තර දිහා බැලුවොත් මුලින්ම මෙතුමාට ආයිත් ජනාධිපති වෙන්නත් බැහැ. අනික තමන් බලයේ ඉන්නකොට කලදේ සේරම දැන් අමතක වෙලා වගේ රඟ පෑමක්...
ඔබතුමා 2010 ජනපතිවරණය ජයගත් පසුවම ඔය විදියට කල්පනා කළානම් අද රටටවත්, ඔබතුමාටවත් මේ වගේ අහිතකර තත්ත්වයක් ඇතිවන්නේ නැහැ.
ඔය යන්නේ කතා කරන්න නෙමෙයි. තමන්ගේ පවුල් නඩු ටික බේරා ගන්නයි...
සැබෑ නායකයෙක් වගේම රටට ආදරේ කරන උතුම් මිනිසෙක්. අනිත් අයට මතක නැති වුණාට මට නම් හොඳට මතකයි.
හරි දුකයි ලංකාවට වුන දේ ගැන, දැන් ඉන්දියවටයි චීනේටයි රට විකුනනවා ...
ලැජ්ජාව අතහැරලා ඕන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න වෙයි. ඉස්සරහට බිරිඳයි, පුතයි රහස් පොලීසියට කැඳවලා තියෙන්නෙ තාජුඩීන් මැරුණ දවසේ මහ රෑ කෝල් 46ක් ඒ පොලිස් නිලධාරීන්ට ගත්ත එක ගැන අහන්න.
අනේ පව් නේද?
ප්‍රභා එක්කත් ඩීල් දාලා දිනපු කෙනානේ. බලය ගන්න ඕන කෙනෙක් එක්ක සාකච්ඡා කරයි.
එක ඇත්ත උතුමාණෙනි මොනවහරි කරලා බලේ ගන්න මොකද ළමය් තුන්දෙනෙක් ඉන්නවා බන්දල දෙන්න ඒවා රජ මගුල් වෙන්න එපෑ තව නාමල් බේබිව රටේ නායකත්වයට ගෙන්න එපේ . අනේ පව් .
මහින්ද මහත්තයට අපි කවදත් අාදරෙයි. යුද්දේ ඉවර කලාට. බුද්ධාගමට සැලකුවට අපි ඔබතුමාට නය ගැතියි. මෙව්වා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි රටේ කරපු හොර වැඩවලට ඇස කන් පියාගෙන ඔබතුමාත් හිටියා. එතකොට කුඩු ජාවාරම් හොඳට කරගෙන යන්න ඉඩ දුන්නා. දැන් මේ බොරු සාකච්ඡා කරන්නේ නැතුව අහරේ බදුර්දීන්ලා කැලේ කපන එ්වා, බුද්ධාගමට වෙන කරදර, මේ බැදුම්කර වංචා, සයිටම් ප්‍රශ්නේ... මේවට අවංකව ඉදිරිපත් වෙලා වැඩ කරන්න. නිකන් වාචාල කතා කියල දිනන්න හිතන්න එපා. සමාජ වෙබ් අඩවිවලින් දැන් හැමෝටම බලන්න පුළුවන් කවුද හොරු... කවුද වැඩ කරන්නේ? දැන් හොඳට ලේසියෙන් බලන්න පුළුවන්.
අනේ ශාන් මහත්තයෝ.., ඔය වගේ මෝඩ කතා කියන්න එපා. හිත රිදෙනවා. ඩීල් දාලා හරි, නැතුව හරි එතුමා කරේ යුද්දේ ඉවර කරලා රටට සාමය ගෙනාපු එකනේ. ඉතින් ඔබතුමා එකට අකමැතිද?
හරියට කර එකම ජොබ් එක යුද්දේ විතරයි. ඒකත් හොඳ හමුදාපති කෙනෙක් හිටපු නිසා. රට ණය කරලා දැන් එනවා බන කියන්න.
මෙයාලාගේ කාලේ කරපු ප්‍රබල වංචා, දූෂණ නිසා රට ප්‍රපාතයටයි වැටුණේ.. දැන් ඉතින් රටේ දියුණුව ගැන හිතලවත් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන්න.
මේ අයගේ කාලේ කරපු ප්‍රබල වංචා, දූෂන නිසා රට දිනෙන්දින ප්‍රපාතයට වැටුණා. දැන් ඉතින් රටේ දියුණුවට අකුල් නොහෙලා, කොන්දේසි විරහිතව ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන්න.
රට විකුණපු හැටියට, යම රජ්ජුරුවන් එක්ක තමයි දැන් කතාකරන්න තියෙන්නේ.
එහෙනම් . අම්මප ඇත්තෙයි මහත්තයෝ?