IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලක් විද්වතකුගෙන් ලොව මවිත කළ සොයාගැනීමක්

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ්‍රජන් යොදාගෙන ලෝහමය හයිඩ්‍රජන් නිපදවීමේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා දායක වී ඇති බව වාර්තා වේ. මෙම සාර්ථක පර්යේෂණය සිදු කිරීම සඳහා රංග ඩයස් සහ ඉසාක් සිල්වේරා යන මහාචාර්ය  ද සහභාගී වී ඇති බව 'සයන්ස්' නම් විද්‍යාත්මක සඟරාවේ  දක්වා ඇත.

ඉතා කුඩා හයිඩ්‍රජන් වායු කොටසක් දියමන්ති දෙකක් අතර අධි පීඩනයකට ලක් කිරීමෙන් හයිඩ්‍රජන් ලෝහය නිපදවීමට සමත් වූ බව මෙම විද්‍යාඥයෝ දෙදෙනා පවසති. ලොව පුරා විද්‍යාඥයින් වසර 80ක පමණ කාලයක සිට ලෝහමය හයිඩ්‍රජන් නිපදවීම සම්බන්ධව පර්යේෂණ සිදු කළත් ඒවා සාර්ථක වී තිබුණේ නැත.

කාමර උෂ්ණත්වයේදී ඉතා ඉහළ සන්නායක ගුණයක් දක්වන හයිඩ්‍රජන් ලෝහය අධික වේගයෙන් ගමන් කරන රොකට් යානා, විදුලි දුම්රිය සහ තවත් බොහෝ ඉලෙක්ට්‍රොනික් උපාංගවල කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා යොදාගත හැකි බොහෝ ප්‍රයෝජනවත් ලෝහයකි.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ රංග ඩයස් මහතා  2016 වර්ෂයේ දී සිය ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර පශ්චාද් උපාධිය ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්ත සරසවියෙන් ලබාගෙන ඇත.

WEB_dias2HR l_128890_105559_updates WEB_C0308688-Diamond_anvil_cell_high_pressure_device-SPL

 



අදහස් (0)

ලක් විද්වතකුගෙන් ලොව මවිත කළ සොයාගැනීමක්

බුද්ධික Tuesday, 31 January 2017 02:36 PM

හොඳ සොයා ගැනීමක්.(හේ)

:       1       0

ගුණසිරි Sunday, 05 February 2017 11:21 AM

නොබෙල් තෑග්ග මොකක්ද රොකි? ඔබ අගය කරන භෞතික විද්‍යාඥයෝ මරණය ජයගන්නේ නැහැ (නි)

:       0       1

චාන්දනී Wednesday, 01 February 2017 06:20 AM

නව සොයා ගැනීම් හා නව නිපැයුම්කරුවන්ට ලංකාවේ තැනක් දුන්නේ කවදාද? නව නිපැයුම් සමග ඔවුන් ගෙයි මුල්ලේ අසරණ කරලා (ම)

:       0       0

සිසිර Wednesday, 01 February 2017 05:52 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ගුණසිරි Wednesday, 01 February 2017 06:35 PM

බුදු දහම ඉදිරියේ සියලු සොයාගැනීම් ලෞකිකයි, ප්‍රාථමිකයි (නි)

:       0       0

යොහාන් Wednesday, 01 February 2017 07:00 PM

අහනකොටත් සතුටුයි (නි)

:       0       0

සමන්ත Thursday, 09 February 2017 12:44 PM

මේ ලෝකේ ඉන්න එක උගත්තු ටික ඉන්නේ ලංකාවේ වෛද්‍ය සභාවේද දැන්? එකද හෙදියන්ට පඩි වැඩි කරන එකට,සුතිකාගාර පුහුණුව දෙන එකට එහෙම විරුද්ධ වෙන්නේ? අධිකරණය තීන්දුවක් දුන්නේ රටේ ජනතාවටත් නීතියටත් අනුකුලව. එක පිළිගන්න බැරිනම් වෛද්‍ය සභාව බැරිනම් ඕනෑ ම ත්‍රස්තවාදී සන්විධානයකට වෙන රටකට ගිහින් තමන්ට ඕනේ දේවල් කරගන්න බාධාවක් නැති බව මතක තබා ගත යුතුයි. (බ)

:       0       0

කමනි Tuesday, 31 January 2017 09:20 AM

පිට රට නොගිහින් ලංකාවේ හිටියනම් මොන වගේ කලක් යන්න තිබුණාද? (ම)

:       0       0

අනුරංග Wednesday, 08 February 2017 03:57 AM

සමන්ත, ඉතින් විද්‍යා සභාවට බැරිද ඔය සයිටම් එකේ තියන අඩුපාඩු පෙන්නල ඒක යහ මගට ගන්න? (බ)

:       0       0

හේවාවිතාරණ Tuesday, 31 January 2017 06:00 PM

ලංකාවේ දී මේ සොයාගැනීම කළා නම් අනෙක් ඉංජිනේරුවන්ගෙන් ප්‍රවේශම් වෙලා තමයි ඉන්න වෙන්නේ (නි)

:       0       0

රොකී Saturday, 04 February 2017 03:13 AM

ගුණසිරි නම් බණ භාවනා කරමින් සිටින කෙනෙකු වගෙයි. ළඟදීම රහත් බව ලැබේවායි පතනවා. මේ විද්වතාට නෝබල් ත්‍යාගය ලැබේවායි පතනවා! (නි)

:       0       0

යොහාන් Sunday, 05 February 2017 04:28 PM

සුබ පැතුම්! (නි)

:       0       0

සුකිරි Tuesday, 31 January 2017 10:03 AM

මොනවා වෙන්ටද කමනි ස්ට්‍රයික් කරකර ඉඳි. එක්කෝ දේශපාලකයෙක්ගේ කටු ලෙවකයි. මොනවා වුණත් සබැ ලාංකිකයෙක්. ජයවේවා....(බ)

:       0       0

ජයන්ත Tuesday, 31 January 2017 10:25 AM

ලංකාවේ හිටියනම් කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ පෝස්ටරයකුත් උස්සගෙන රැකියා විරහිත උපාධිධාරින්ගේ උද්ඝෝෂණයක දී දකින්න තිබුණා (බ)

:       0       0

නිශාන්ත Tuesday, 31 January 2017 10:27 AM

මෙතුමා පිටරට ගිය එක හොඳයි ඕක මෙහෙදි කළානම් අපේ උසාවියකින් දඩයක් ගහලා මාස ගාණක් හිරේට දායි (බ)

:       0       0

සවින් එස්. ගුණවර්ධන - ලන්ඩන් Sunday, 05 February 2017 01:16 AM

ලංකාවේ කොයිතරම් ඉංජිනේරුවන් ඉන්නවාද. 99% ම ඉන්නේ කාර්යාල තුළ. බොරුවට මහා ආඩම්බරයෙන් ඉන්නවා. නමුත් වැඩ බැහැ. 1% පමණ ඉංජිනේරුවන් එළියට බැහැලා වැඩකරන අයත් සමඟ තම දැනුම බෙදාහදා ගන්නවා. ඒ නිසා තමයි එක එක රටවලින් ඉංජිනේරුවන් ගෙන්නා ගන්නේ මෙහෙ වැඩට. ඔය ඉන්න ඉංජිනේරුවන්ගේ දැනුම නැවත නැවතත් පරික්ෂා කළයුතුයි. (නි)

:       0       0

අමල් Tuesday, 07 February 2017 09:49 AM

චාන්දනී, සයිටම් උපාධිය බාලයි කියල තීරණය කළේ කවුද? මොන ප්‍රමිතියට අනුවද? කරුණාකර අපව දැනුවත් කරන්න. (බ)

:       0       0

නාමල් ජයසුරිය Saturday, 11 February 2017 09:52 AM

ශ්‍රී ලාංකික අපිට අාඩම්බරයි. ඉදිරි වැඩ කටයුතු වලට මෙගන් සුභ පැතුම්. (නි)

:       0       0

ඩිලන්ක Thursday, 02 February 2017 03:27 PM

සේරම් , ඔබේ කතාව ඇත්ත ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ ලංකාවට වැඩක් වෙන විදිහට නෙමේ ...හොඳම පිරිස තෝරලා ලෝකේ වැඩට එහෙම නැත්තන් දියුණු රටවල වැඩට යවන එක .... (බ)

:       0       0

අතුකෝරළගේ Tuesday, 31 January 2017 10:43 AM

ලංකාවේ හොඳම මොළවලින් ප්‍රයෝජන ගන්නේ පිටරටවලින් තමයි (බ)

:       0       0

රාජුන් Wednesday, 15 February 2017 04:23 AM

සමහර විට මෙය ලංකාවට ලැබෙන පළමුවෙනි නොබල් ත්‍යාගය විය හැකි. මෙම විද්‍යාඥ පිරිසට සුබ පතමු. (ම)

:       0       0

අබය Tuesday, 31 January 2017 11:04 PM

ලාංකිකයෝ වැඩි දෙනෙකු ප්‍රසිද්ධ වන්නේ පිටරටවලට ගිය නිසා තමයි. ලංකාවේ හිටියා නම් එකතැනම තමයි...... (නි)

:       0       0

කෝසල Saturday, 04 February 2017 05:23 AM

පිටරට ඉන්න මේ පුතා ගැන මට ඇතිවෙන්නේ ඉතාම දුකක්. මොකද මෙයාට කිසිම පෝයකට නිවාඩුවක් ලැබෙනවද? යන්තම් නත්තලට දවස් දෙකකකුයි, පාස්කු වලට දවසකුයි විතරයිනේ.

:       0       0

ඉන්දික Saturday, 04 February 2017 05:28 AM

ගුණසිරි, බුද්ධාගම සහ මේ සොයාගැනීම අතර ඇති සම්බන්ධය මොකක්ද? හැමදෙයක්ම ලෞකික යැයි කියලා උඩ බලාගෙන හිටියොත් හරියාවිද? (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 01 February 2017 01:38 AM

මේ දැනුම අපේ රටේ සමාගම් වලට ලැබුනොත් අපේ රටත් ලෝකේ ගොඩක් ඉස්සරහට එයි.(ම)

:       0       0

ජයත් Wednesday, 01 February 2017 02:02 AM

ජයවේවා ! (ම)

:       0       0

සෙනරත් බණ්ඩාර Tuesday, 14 February 2017 07:18 AM

ලංකාවේ හොඳම මොළවලින් ප්‍රයෝජන ගන්නේ පිටරටවලින් තමයි (ර)

:       0       0

ලලිත් Thursday, 02 February 2017 04:39 AM

මේකේ අදහස් දක්වපු කට්ටිය ගැන හරිම සන්තෝෂයි. මොකද ලංකාවේ ජීවත්වෙන අය ගැන සැබෑම ආවබෝධයක් තමයි තියෙන්නේ. ලක්පුතාට ජයවේවා! (නි)

:       0       0

ගුණසිරි Sunday, 05 February 2017 08:13 AM

පින්වත් සිංහල බෞද්ධයිනි, උදම් වෙයල්ලා! නුඹලාට පෙරකළ පින නිසා හිමිවෙලා තියෙන්නේ මේ මිහිමත තිබෙන අග්‍රම දහම.

:       0       0

චාන්දනී Monday, 06 February 2017 03:56 AM

අධ්‍යාපනයේ ගුණාත්මක බව රැක ගන්න ඕන වෙන්නේ මෙවැනි මට්ටමක නියම උගතුන් බිහි කිරීමටයි. සයිටම් වැනි බාල උපාධි විකිනන ආයතන තුලින් කිසිදාක මෙවන් උගතුන් බිහිවේද? මිනිස් ජීවිත බිකි දීල බාල ලාභ හොයන රටක නොඉද වටිනාකම අගය කරන රටක වැඩක් කරන එක වාසනාවක්.(ම)

:       0       0

චමිල් Saturday, 11 February 2017 01:43 AM

මහරගම ජනාධිපති විද්‍යාලයීය ආදිසිසු ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

උපුල් Wednesday, 01 February 2017 04:43 AM

මෙයින් පැහැදිළි වන්නේ ශ්‍රී ලාංකික සරු බීජ වර්ධනය සඳහා මෙරට නොමැති වුවද, විදේශයන්හි යහපත් පසක් ඇති බවයි..(ම)

:       0       0

සමන්ත Tuesday, 07 February 2017 07:35 PM

අමල්, සයිටම් හොර කඩේ උපාධිය බාලයි කියලා තීරණය කළේ ශ්‍රී ලංකාවේ ගෞරවනිය විද්‍යා සභාවයි. ඕනෑම රටක වෛද්‍ය උපාධියේ තත්ත්ව නිර්ණය කරන්නේ ඒ රටේ වෛද්‍ය සභාවයි. ඕනෑම රටක වෛද්‍ය සභාවේ සිටින්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රමාණික දැනුමක් ඇති උගත් වෛද්‍යවරුන්. ඒ වටිනාකම ඒ විදියටම අපේ රටේ වෛද්‍ය සභාවටත් තියෙනවා. ඒ උගත් වැදගත් මහාචාර්යවරුන් සයිටම් සල්ලි වලට නම් කවදාවත් ගන්න බැහැ. අනික මේක මාර රටක්නේ...වයිද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත වෛද්‍ය සභාව බැහැයි කියනවා. අධිකරණය හොඳයි කියනවා. අධිකරණය මොනවාද වෛද්‍ය විද්‍යාව ගැන දන්නේ...? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 02 February 2017 09:33 PM

ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් කරන්නේ පාරවල් වල උද්ඝෝෂණය කරමින් කාලය ගතකරන එක. ඊටපස්සේ රිමෝට් එකෙන් ක්‍රියා කරන සෙල්ලම් ගුවන් යානයක් වැනි දෙයක් හදලා පෙන්වාවි එ්ක තමන් හොයාගත්ත දෙයක් කියලා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් උද්ඝෝෂණ කර කර ඇවිදින පාරට පිටකොටුවේ එවැනි දෙයක් රුපියල් 2000 කට මිලදී ගන්න පුළුවන් කියලා. අලුත් දේවල් සොයාගත් ශ්‍රී ලාංකිකයෝ එම දස්කම් බොහෝවිට කරලා තිබෙන්නේ පිටරට වල සිට. මෙහෙ ශිෂ්‍යයෝ කරන්නේ ඉගෙනීම පසෙක දමා නවක වදය, උද්ඝෝෂණ වැනි විකාර කිරීම (නි)

:       0       1

සේරම් Thursday, 02 February 2017 12:25 PM

රජයේ විශ්වවිද්‍යාල වලින් කොයි තරම් උගතුන් බිහි කරනවද ලෝකයට (බ)

:       0       0

මැගී Thursday, 02 February 2017 10:19 PM

ලංකාව බුද්ධිමතුන්ගේ තෝතැන්නක් කරන්න රට පාලනය කරන අය හිතන්නේ නැහැ. එයාලගේ මඩිය තරකර ගැනීම මිසක් රට ගැන තැකීමක් නැහැ. කලකට පෙර හිටිය ආචාර්ය කුලරත්න සොයාගත් කොන්ක්‍රීට් තාක්ෂණයෙන් වැඩ ගත්තේ පිටරට උදවිය. මොනවා වුණත් මෙම තරුණ විද්වතාට තව තවත් නව සොයාගැනීම් වලට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site