(ගයාන් සූරියආරච්චි)
හිස් දෙකක් එකට බද්ධවූ නිවුන් දරුවන් දෙදෙනා පැය 11 ක සාර්ථක සැත්කමකින් පසු වෙන් කිරීමට හැකියාව ලැබුණු බව වෛද්‍යවරු පවසති. ඒ 30 දෙනකුගෙන් සමන්විත ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙනි.
ලොව පුරා වෙසෙන වෛද්‍යවරුන්ගේ අවධානය ඉන්දියාවේ නව දිල්ලි නුවර සිදුකළ මෙම අවදානම් ශල්‍යකර්මය වෙත යොමුවිය. ජාගා සහ කාලියා නම් සුරතල් නිවුන් දරුවන් දෙදෙනා හිස් දෙක එකට බද්ධවී වසර දෙකහමාරකට වැඩි කාලයක් ජීවත්වූයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය විස්මයට පත් කරවමිනි. මෙවැනි උපත් සිදුවනුයේ මිලියන 2 කින් එක් අයකුට පමණි.
ස්කෑන් වාර්තාවලින් දරුවන් දෙදෙනාටම මොළය බැගින් පිහිටා තිබූ අතර හිස අගින් පමණක් සම්බන්ධවී තිබෙන බවට සනාථ වී තිබිණි.
ජාගා ගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය කාලයේ පිරිහීම හේතුවෙන් මෙම දැවැන්ත ශල්‍යකර්මය ඉදිරියට ගෙන යාමට වෛද්‍යවරුන්ට සිදුවිය. නවතම බද්ධ සැත්කම් තාක්‍ෂණයක් ලෝකයේ ප‍්‍රථම වතාවට වෛද්‍යවරු විසින් යොදාගෙන තිබූ අතර එකට සම්බන්ධවු වෙනත් නිවුන් දරුවන් සඳහා එම තාක්‍ෂණය අනාගතයේදී උපයෝගී කරගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
(ඬේලිමේල් ඇසුරිනි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණින් මේ දරුදෙදෙනා සුවපත් වේවා !!!
තෙරුවන් සරණයි . ඉක්මනට සුවපත් වේවා !!!
තෙරුවන් සරණ ලබා චිරාත් කාලයක් ජිවත්වේවා.
තෙරුවන් සරණයි ඔයාලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි. ඉක්මනට සුවපත් වේවා !!! වෛද්‍යවරුන්ටත් පින්!!
බුදු සරණයි. දෙදෙනාටම ඉක්මනිම්ම හොද වේවා කියා ප්‍රර්ථනා කරනවා
අපි හැමෝම දරු පැටව් දෙන්නට නිරෝගී සුවය පතමු. මේ අසීරු සැත්කම 100% සාර්ථක වේවා . මේ සැත්කම කරපු වෛද්‍ය දෙවිවරුනට දීර්ඝායු පතමු .
තෙරුවන් සරණයි. ඉක්මනට සුවපත් වේවා ! වෛද්‍යවරුන්ටත් පින්!