IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ඩ්‍රෝන් සිම්පෝසියම්‘ කොළඹදී

(ගයාන් සූරියආරච්චි)

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ‘ෆියුචර් ඩ්‍රෝන්ස්’ ආයතන එකමුතුවෙන් සංවිධානය කළ ‘ඩ්‍රොන් සිම්පෝසියම් 2017’ සම්මන්ත‍්‍රණය මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේදී පැවැත්විණි.

දේශීය වශයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන තාක්‍ෂණය සංවර්ධනය කිරීම පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික හා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ අංශ ප‍්‍රධානී මහාචාර්ය රෝහාන් මුණසිංහ මහතා ප‍්‍රධාන දේශනය පැවැත්වීය.

2011 වසරේ ලංකාවේ ප‍්‍රථම සාර්ථක ඩ්‍රෝන යාත‍්‍රාව ලෙස ‘ක්වාඞ් රොටර්’ යානය නිපදවූ අතර 2012 දී ස්වයංක‍්‍රීය ධාවන පාලන පද්ධතියක් නිර්මාණය කෙරිණි.  ඉන්පසුව ඉලෙක්ට්‍රෝනික හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සිසුන්ගේ පශ්චාත් උපාධි අපේක්‍ෂක ව්‍යාපෘතියක් ලෙස රෙජිෆෝම් උපයෝගී කරගෙන කිලෝග‍්‍රෑම් 1.2 ක කුඩා ප්ලේන් යානයක් නිපදවීය.

‘රාවන්’ නමින් රියල් ටයිම් වීඩියෝවක් සහිත ස්වයංක‍්‍රීය ඩ්‍රෝනයක් නිපදවනුයේ මේ අතරතුරය. 2014 වසරේදී ‘සී හොක්’ නමින් බල්සා අමුද්‍රව්‍ය යොදාගෙන මධ්‍යම ප‍්‍රමාණයේ ඩ්‍රෝනයක් නිර්මාණය කරන අතර එය ඉතා වේගවත් යානයක් ලෙස හැඳින්විය හැකිය. ඉන් අනතුරුව කාබන් ෆයිබර්වලින් මෙම යානය වාණිජ වශයෙන් නිර්මාණකරුවෝ නිපදවූහ. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේද සහාය ලැබිණි.

‘සී බී’, ‘සී හැක්ස්’, ‘සී හෝනට්’, ‘සී ට්වින්’, සී මැපර්’ ඇතුලූ ඩ්‍රෝන යානා රැසක් මොරටුව විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති අතර කෘෂිකර්මාන්ත, මාර්ග තදබදය, බඩු බාහිරාදිය රැගෙනයාම, ඩෙංගු මර්දනය, ආපදා තත්ත්වවලදී අනතුරු හඳුනාගැනීම, විදුලි රැහැන් සැලසුම් කිරීම, ඉදිකිරීම්, ගබඩා පරිමාව ගණනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් සිදුකිරීමට යොදාගත හැකිය.

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා, උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා ඇතුලූ මහත්ම මහත්මීහු රැසක් ඊට සහභාගිවූහ.



අදහස් (3)

‘ඩ්‍රෝන් සිම්පෝසියම්‘ කොළඹදී

sachith Thursday, 31 August 2017 03:33 AM

ඉතාමත් හොද ක්‍රියාවක්, මේවගේ ප්‍රදර්ශන වැඩි වැඩියෙන් තියෙන්නේ ඕනි. හැබෙයි ඩ්‍රෝන් කියන්නේ බටහිර රටවල ගොඩක්ම විනෝදාංශයක් විදිහට කරන දෙයක්. අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඩ්‍රෝන් වල තියෙන ප්‍රධානම ගැටලුව බැටරි , පුලුවන්නම් අන්න ඒ වගේ දෙකට විකල්ප ක්‍රම ගැනත් පරීක්ෂණ කරන, ලංකාදීප පත්තරේම තිබ්බ හන්තාන පරික්ෂනගරටේ ලිතියම් අයන් බැටරි පරීක්ෂණ කරනවා කියල. ඒ වගේ අයත් එක්ක සම්බන්ද වෙලා පරීක්ෂණ දියුණු කරන්න.

:       5       62

mayithri Thursday, 31 August 2017 01:24 PM

මේවාට බදු ගහන විදියක් බලමු ...

:       0       102

කරු Tuesday, 05 September 2017 11:35 PM

මෙරට විශ්ව විද්‍යාලවල පර්යේෂණ මෙලෙස ප්‍රදර්ශනය කිරීම ඉතා අගය කරමි. පාසල් සිසුන්ගේ නවෝත්පාදන හැකියා සදහා මෙයින් හැකියාව ඇති අතර පරිගණක ආශ්‍රත නිශ්පාදන මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැක. මොරටුව විශ්ව විද්‍යාලයට මගේ සුභ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1724 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site